ඇදුම් ඇන්දවීම


ඇන්දවීම මේ දවස් වල ගජරාමෙට කරන දෙයක් . කඩුල්ල යොමුවන්නේ ඒ ඇන්දවීමට නෙමෙයි. ඇදුම් ඇන්දවීම ගැන කියන්න. මේ මාර්තු මාසේ. රජයේ සේවකයින්ට නම් මාර්තු අන්තිම වැටුප සමග හම්බුවෙන උත්සව අත්තිකාරමටයි – අපි වගේ යල මහ දෙක වැඩ කරන ඇත්තෝ යල කන්නේ අස්වැන්නටයි අන්දන්න දැන් පටන්ම සාප්පු කාරයෝ සේල් පටන් අරන්.
අපේ මුල්ම නෑදෑයාට නම් මේ ඇදුම් ප්‍රශ්නේ තිබුනේ නෑ. මිනිසා හැර සියළුම වානර වර්ගයාට ලෝම ඇදුමක් දෙන ගමන් මැවුම් කාර දෙවියෝ මිනිසා කියන වානරයා නිරුවත්ව තැබුවා. ඒක හින්දා සත්ව විද්‍යාඥයෙක් වන ඩෙස්මන් මොරිස් මිනිසා හැදින්ව යේ ‘‘ නිරුවත් වානරයා “කියලා. මිනිසාට ලෝම පිරුණ හමක් නැති හින්දා ද කොහෙද ඇදුම් අදින්න පටන් ගත්තා.
අපි බොහොමයක් ෆැෂන් එකට ෆැෂන් කරනවා. විලාසිතා ගැන පරීක්ෂණය කරන අයට නම් මේක ෆැෂන් එකක් නෙමෙයි. අද අපි අදින පලදින ඇදුම් වල පරිනාම ඉතිහාසය අවුරුදු 7000 ක් විතර ඈත අතීතයට දිව යන්නක් කියලයි ඒ ගොල්ල කියන්නේ.

සරල සමාජයක නම් ඇදුම පැලඳුම දේශය හැටියට බැදෙනවා. අපේ රටේ නම් සරම කමිසයක් දා ගත්ත ම , කාන්තාවක් සාරියක් ඔසරියක් ඇන්දම ඒක කොයිබටත් ගැල පෙන විලාසිතාවක් . ඒත් අපේ රටේම සංකීර්ණ සමාජ පැලන්තිය ට කාලයෙන් කාලයට රටාව වෙනස් වන ඇදුම් විලාසිතා මැවෙනවා.1844 – 1919 කාලයේ ඇදුම් මෝස්තර පිලිබදව අධ්‍යනයක යෙදුණ ක්‍රීබර් නම් මානව විද්‍යාඥයා මේ මෝස්තර වෙනස් වෙන්නේ යම් න්‍යායකට අනුව කියලා පැහැදිලි කරලා තියෙනවා අපි අදින ඇදුම් මෝස්තර අවුරුදු තිහෙන් තිහට ගළපලා බැලුවොත් කාලානුරූපව එක් ගමනක යෙදෙන මෝස්තර අපට හඳුනා ගන්න පුළුවන් වේවි.

අපේ රටේ ඇදුම් පැලදුම් විලාසිතා මහත් වෙනසකට පත්වෙන්න පටන් ගත්තේ 1977 පස්සේ කෝකටත් තියෙන දේශපාලනය ඒකටත් බලපාන්න ඇති. විවෘත ආර්ථිකය නිසා දූපතක් ව තිබූ ශ්‍රී ලංකාව අන්තර්ජාතික යට විවෘත වුනා. ඒ පාර දිගේ ගලා ගෙන පෙර සතියේ ප්‍රංශයේ , ලන්ඩන් ,නිව්යෝරක් වල එලි බැස්ස මෝස්තර ඇගලා ගෙන මේ සතියේ අපේ තරුණ ළමයින් හැඩ වැඩ වෙනවා. ඒ ‍ගොල්ලන්ගේ ‍මෝස්තර මැ‍වෙන්ත් අ‍පේ ශ්රරම බලකා‍යෙන් කියලා අමතක කරන්නත් ‍හොද නැහැ.

ගාන වැඩි ඇදුම් පැළදුම් වලින් සැරසුනාට මිනිසුන්ගේ වටිනා කම වැඩිවෙන්නේ නෑ. කරන කියන දේවලුත් ඒවට බල පානවා. එත් අපේ ඇත්තෝ දහස් ගනන් දීලා සැරසෙනවා. බොහෝම විට තමන්ගේ සිරුරට ගැලපෙන තාලයේ ලාබ ඇදුමකින් තමන්ගේ වටිනා කම කැපිලා පේනවා. හිතේ මදි කම වහගන්න සාප්පු කාරයා පොහොසත් කරනවා.

පාරට බැස්සම එන හැම බස් එකටම අත උස්සලා නැග්ගොත් තමන්ට ගමනක් නෑ වගේ වෙලද පොළට එන හැම මෝස්තර ම ඇගේ දවට ගත්තොත් තමුන් විලාසිතා වල හිරකාරයෙක් වෙයි. ඒ හින්දා සාප්පු වල ප්ලාස්ටික් ඩමියක් නෙමෙයි අපේ සිරුර කියලා හිතා ගෙන ඇදුම් පැලදුම් තෝරා ගන්න ඕනි. සාප්පු කාරයින්ට අන්දන්න දෙන්නේ නැතිව අපි සාප්පු කාරයෝ අන්දමු.

(මීදුමට ගෙතු වියමනකි.මේ දිනවල සින්ඩියේ මීදුම නැහැ . තාම මම වුනදේ ගැන සොයමින් සිටිනවා.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )