ගුරු සේවයේ රස කතා


ගුරු සේවයේ රස කතා අපට නිතර අසන්න ලැබේ මෙයත් ඒ වර්ගයේ කතාවකි. අපි මෙතන් සිට මේ කතාවේ කතානායක තුමා වන විදුහල් පති තුමාට සිරිවර්ධණ මහත්මයා කියමු.

සිරිවර්ධණ මහත්මයා වමේ දේශපාලනයට අනුගතවුවෙකි. ඒ නිසාම ගම් පලාතේ පත්වීමක් නොලැබ රජරට යවු වත් තරුණ කාලයේ ගිය ගමනක් වු බැවින් රජරට ගම්පලාත කරගෙන ප්‍රදේශයේ නුගරුකක් ලෙස අතුපතර විදා පැල පදියම් වීමට හැකිවිනි. රජරටදීද ධනපති දේශපාලන පක්ෂ රජකරන සමයන්හී ඔවුන්ට බරක්වු බැවින් වෙනත් පලාත්වල පාසල් වලද අධිපති කම් දරන්නට සිදුවිය.
කලින් කලට යාබද පලාත් වල කරක් ගසා ආණ්ඩු පෙරළියකට පත්වු වහාම තම ගම්පියසවු රජරටට කැදවා ගත් සිරිවර්ධණ මහතාට නාගරික පහසුකම් තිබුනත් ගරා වැටෙන අධ්‍යාපනයත් පාලනය නොවු විනයත් හීනවු භෞතික සම්පතුත් ඇති පාසලක් භාරවිනි.

පාසලේ සිරිවර්ධණ යුගය ඇරඹෙන විට පාසල් වත්ත පුංචි කරමින් හතර මායිම හකුලා ගෙන දේශපාලන හෙන්චයියලාගේ ඉඩකඩම් පුළුල් කර ගැනීමට කටයුතු කර තිබිණි. දක්ෂ ලමුන් පාසල අතහැරයාම නිසා ඉතිරිවී සිටි කලබලකාරී දරුවෝ පාලනය කරගැණිමට අපහසුවත් , නිතර පාසලේ කලකෝලාහාල ඇති වීමේ පසු බිමක් නිර්මාණය වී තිබිණි. ගුරුවරු මේ තත්වයන්ට මුහුණ දීමේ අකමැත්තෙන් අකර්මණයව බලා සිටින්නෝ බවට පත්ව තිබිණි.

පලාත් අධ්‍යාපන ලොක්කන් ගෙන් සහයෝගයත් ස‍හයෝගය නොලැබෙන්නේ නම් වෙනත් පාසලකට මාරුවකුත් කොන්දේසි කොට පාසලේ වැඩ භාරගත් සිරිවර්ධණ මහත්මයා පලමුව කලේ පාසල් වත්තේ හතර මායිම් හදුනා ගෙන කම්බි ගැසීමයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන ලබාගත් විදුහල්පති තුමා පාසල් සංවර්ධණ සමිතිය කැදවා තම අවශ්‍යතාවය පැහැදිලි කර ඉදිකිරීම පාසල් සංවර්ධණ සමිතියට හාරකලේ ලැබු ප්‍රතිපාදන උපරීමව කාර්යයේ යෙදවිම සදහායි.

පාසල් වත්ත හතර මායිම පුළුල් වන විට මායිම වටේ සිටි දේශපාලන හෙන්චයියලා කලබලවිනි.නොයෙක් උගුල් අදිමින් විදුහල්පතිවරයාගේ වැඩ පිළිවෙලට බාදා පැමිණියේය.ඒවා ගනන් නොගත් සිරිවර්ධණ මහත්මයා වැඩේ මායිම නිරවුල් කරමින් වැඩේ නිම කලේය.
පාසල් සංවර්ධණ සමිතිය වැඩේ කලත් කම්බි සහ කම්බි කනු සිරිවර්ධණ මහත්මයා නගරයේ ආයතනවලින් දෙන්නම් කාසි පදනමට ගෙනවිත් තිබිණි. දැන් ඒවායේ මුදල් ගෙවීමේ වාරයයි.පාසල් සංවර්ධණ සමිතියේ රැස්වීමකින් අනුමත කර ගන්නා තෙක් මුදල් ගෙවීමට සිරිවර්ධණ මහත්මයාට කටයුතු කල නොහැකියි.

එබැවින් පාසල් සංවර්ධණ සමිතිය කැදවිණි. නොයෙක් චෝදනා සිරිවර්ධණ මහත්මයාට එල්ලවිනි .කම්බි වලින් ,කම්බි කනු වලින් සිරිවර්ධණ මහත්මයා ලාභ ලබනු පිණිස බොරු අයවැයක් ඉදිරිපත් කර ඇති බව පෙරමුනේ කතා කාරයින්ගේ හඩයි .සිරිවර්ධණ මහත්මයා මේ සියල්ල අසා ගෙන නිහඩව බලා සිටී. අයවැය ‍නිවරදි අයවැයක් බවට යෝජනා කරන්නට කිසිවෙක් ඇති බවක් නොපෙනේ.
හෙමින් සීරුවේ සිරිවර්ධණ මහත්මයා සභාව අමතන්නට පටන් ගනී. පාසලේ ඉතිහාසයත්, පාසල නිවරදි මාවතකට ගෙන හදන්නට ආරම්භ කරන තැන සිටම අභියෝගත්,තමන් ගේ වෘත්තීය ඉතිහාසයේ අභියෝගත් රසකරමින් කියයි. කම්බි ගැසීම ඔහුගේ කතාවේ තේමාව නොවේ. සමිතියේ සියල්ලෝ විටක හඩ තලමින් සිනාවෙමින්ද අත්පුඩි ගසමින් සතුට පලකරමින්ද කතාව අසා සීටී.මොහොතකට කලින් විදුහල්පතිවරයාට චෝදනා කලබවක් අමතකවු සේයාවකි .කතාව අවසානයට ලන්වු බව පල කරමින් සිරිවර්ධණ මහත්මයා යෝජනාවක් කරයි. “තමුන්නාන්සේලා මට පුංචි උදව්වක් කල යුතුවෙයි. සතියක් යන්න පෙර මේ කම්බි වැට ගලවා කම්බි ටිකත් කණු ත් අර පෙනෙන පිට්ටනියේ ගලවා තැබිය යුතුවේ. මම ඒවා මිල කර මා මිලදී ගත් ස්ථානයන්ට මුදල් ගෙවනු ලැබේ.ප්‍රශ්නය එතකින් නිමවෙන බැවින් දැන් සමිතියේ වැඩ කටයුතු අවසන් බව නිවේදනය කරමි”.
සභාව අවසානයේ දී වාර්තාව සම්මත කරන්නට තරගයකි. වාර්තාව සභා සම්මතවී සතුටින් විසිර ගිය බව ලේකම් මහතා වාර්තා කර තිබිණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )