අළුත්ම නිවේදනය.


අධ්‍යාපනය වනසන
සිසු නායකයින් දඩයම් කරන
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට
එරෙහිව පෙළ ගැසෙමු.
අන්තර් විශ්ව විද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය.

අපේ ඇත්තෝ මේ මොනවා කියනවද?. පෙල ගැහෙමු . පෙල ගැහෙමු .
විශ්ව විද්යාලවල ගොඩනැගිලි කුඩුපට්ටම් කරන , විශ්ව විද්යාවල අභ්‍යන්තර ක්‍රීඩා තරග වලින් ජයග්‍රහණය කල පාර්ශවයට “ තොපි දිනුවේ ඇයී -අපිට දිනන්න ඉඩ දෙන්නේ නැතිව ? . කියලා පොළු මුගුරු වලින් එලවා එලවා පහර දෙන එවුන්ට එරෙහිවත් පෙල ගැහෙමු. අභ්‍ය න්තර විභාග කල් දාගන්න මොකක් හෝ වලියක් නිර්මාණය කරගන්නා එවුවන්ට එරෙහිවත් පෙල ගැහෙමු. නවක වදය දෙන කාල වකවානු වල නවකයින් අවමංල ශාලා වෙත යවන එවුන්ට එරෙහිවත් පෙල ගැසෙමු . විශ්ව විද්යාලල පරිශ්‍ර යන් අවට පදිංවිකරුවන් ගල් ගසා දේපල කුඩු පට්ටම් කරන අයටත් එරෙහිව පෙල ගැහෙමු.නැත්නම් හොද නැහැනේ.

කඩුල්ල ස්ථාන ගතවෙලා ඉන්නේ විශ්ව විද්‍යාලයක වැට මායිමේ.අනේ අපොයි මේ ලමයි නොකරන්නේ ඉගන ගන්න එක විතරයි කියලා හිතන තරමට මේ ලමයි අරගලේ.පරමාර්ථය අනාගතයේ විශ්ව විද්‍යාලයට ඇතුල්වන ශීෂ්‍ය පරම්පරාවට යහපත් අධ්‍යාපන පරිසරයක් ගොඩනැගිම.කොච්චර හොද පරමාර්ථයක්ද?. අධ්‍යාපනයත් අඩපන කරගෙන නිරන්තරයෙන්ම යහපත් පරමාර්ථ උදෙසා අරගල කරන එක.
නිදහස් අධ්‍යායපනය ලැබුනෙත් අරගල කරලනේ. මහ පොල ,ශීෂ්‍යාධාර වාර්ෂික අයවැයෙන් උසස් අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිශතය මේවා ඔක්කොම අරගල කරලා තමයි ලැබෙන්නේ.
අරගල මෙහෙයවපු අය පාර්ලිමේන්තුවේ පලාත් සභාවල ( දැන් නම් ටික ටික අඩුවෙනවා.) අරගල කරපු අය අවුරුදු හත අට ගිහින් උපාධිය සම්පූර්න කරගෙන සමහරු සම්පූර්න කර ගන්නේ නැතිව ජීවත් වෙන්න අරගලයේ.

2 comments on “අළුත්ම නිවේදනය.

  1. මට විශ්වවිද්‍යාල වරම් නොලබීම ගැන මා ගොඩාක් සතුටු වන අතර විශ්වවිද්‍යාල සිසුවකු නොවීම ගැන මා ආඩම්බර වෙනි.පිටතට නොපෙනෙන ඒත් ඒවා ඇතුලේ සිදුවන දේ වල් ගැන ඇහුවම කැම්පස් එකෙක් දැක්කත් මට හිරිකිතයි.මේ තොරතුරු ජනතාව අතරට එන්නේ බොහෝම කලතුරකිනි.ජනතාව මේ ගැන දැනුවත් නැත.සත්‍ය ජනතාවට දීම අපේ වගකීමයි.මෙ තොරතුරු ජනතාව අතරට ලබාදීම හා එමගින් ප්‍රභල කතිකාවක් ඇතිකර පාලකයන්ට කැම්පස් ත්‍රස්තවාද හා ත්‍රස්තවාදීන් හා කුපාඩීන් නැති කිරීමට බලපෑම් කල යුතුය.යම් තරමක් හෝ ජනතාව අතරට මේ තොරතුරු යාම පිණිස මේ Comment එක පල කරන මේන් මා Lanka C News වෙතින් ඉල්ලා සිටිමි.මෙම ලිපි ගැඹුරු අධ්‍යනයකින් පසුව ලියූ සත්‍ය ලිපි බව මට කියවද්දි තෙරුම් ගියේ.නැතුව කැම්පස් එක්ක තරහකට ගොතන ලද බොරු චෝදනා නොවේ.

    පහත Link දෙක Click කර එම ලිපි හොදින් කියවා කැම්පස් ත්‍රස්තවාදය හා ලිංගික අසහනය ගැන තේරුම් ගෙන අන් අයටත් එම තොරතුරු ලබාදෙන මෙන් ඉල්ලමි.

    1 . http://www.lankaguardian.com/2012/01/blog-post_6236.html
    (පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය )

    2 . http://www.lankaguardian.com/2012/03/blog-post_3533.html
    (වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල )

  2. වෙනස බලාපල්ලා දැන්වත් ළිං මැඩියන් නොවී ලෝකේ දිහා බලපන් (

    ලංකාවේ විශ්විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි.

    නරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු (කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි ) http://www.youtube.com/watch?v=lfxrReGbYNU

    මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි (අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි) http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related

    මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි. (පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් ) http://www.youtube.com/watch?v=ri0erYYQ5dE දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්. මීට සුදු සීයා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )