කපුටෝ හත් දෙනෛක් වමාරපු මාධ්‍ය පුවතක්.


පසුගිය සතියේ අප පදිංචි ප්‍රදේශයේ පාසලක පුංචි සිද්ධියක් වුනා.
සිද්ධිය මෙහෙමයි. මේ මාසෙ 10 වෙනි සිකුරාදා පාසලේ පංතිය cut කරලා period 03ක් ක්‍රීඩා පිටියේ හිටපු දරුවෙකුට ප්‍රයෝගික තාක්ෂන කුසලතා period එකට ආවේ නෑ කියලා විෂයය භාර භාර ගුරුතුමිය තරවටු කරලා. මේ දරුවාට ඇසක ආබාධයක් තියෙනවා. ගුරුතුමිය ඒකත් සදහන් කරලා ඔයාට පුංචි දඩුවමක් දෙන්නේ කියලත් කීවලු.

මේ කතාවට පියාපත් ආපු හැටිත් කියන්න එපාය.

මේ දරුවාගේ අම්මයි තාත්තයි උගන්නන්නේ මේ ස්කෝලේමයි.දැන් මාස කිහිපයකට ඉස්සෙල්ලා ඒ කාලේ හිටපු විදුහල්පතිවරයා ගුරුවරියකට අනිසි බලපෑමක් කලා කියලා දෙමව්පියෝ උද්ඝෝෂණය කරලා පාසලෙන් පලවා හැරියා. මේ මනුස්සයට එරෙහිව මේ සම්බන්ධව විනය චෝදනා එල්ල වෙලා තියෙනවා.මේ මාසේ අවසානයේ 60 වෙලා විශ්‍රාම යන්න ඉන්න මිනිහාගේ විශ්‍රාම වැටුපත් හිරවෙලා.ඹන්න ඔය දරුවාගේ අම්මගේ නමත් විදුහල්පති වරයාට ගෑවිලා තියෙනවා. ප්‍රායෝගික තාක්ෂන කුසලතා ගුරුවරිය හිටපු විදුහල්පතිවරයාගේ විනය පරීක්ෂ ණයේදි එතුමාට පක්‍ෂපාත නොවන විධියට සත්‍ය සිදුවීම් අනාවරණය කරලා.දැන් හිතා ගන්න පුළුවන්නේ පියාපත් ආපු පසුබිම.

මේ දරුවට පහර දුන්නාට ආක්‍රමනය දියත් වුනේ 10 වෙනිදා හවස

සිදුවීම වාර්තා වෙන්නේ 06 period එකේදී. හවසයි ගින්දර ඇවිලෙන්නේ. පොලිසියට ගිහින් අම්මයි තාත්තයි පැමිනිල්ලක් කරලා තියෙනවා ඇසක් බද්ධකර ප්‍රතිකාර ලබන දරුවාට “මුගුරකින්” පහර දීලා අසාධ්‍යයයි කියලා. පොලිසිය දරුවා රෝහල් ගත කරලා. වැඩේ සීරියස්.දැන් ඇගිලි ගැන ගැන ඉන්නවා ප්‍රා යෝගික තාක්ෂපන කුසලතා ගුරුතුමිය පොලිසියෙන් කුදලා ගෙන ඇවිත් කූඩුවේ දානකම්.

පහුවෙනිදා අසනීපයක් නෑ කියලා දරුවා උදෙන්ම ගෙදර එවලා. 13 සදුදා උදේ පොලිසිය පාසලට ඇවිත් සිද්ධිය වුන පංතියේ දරුවන්ගෙන් ප්‍රශ්නත් කරලා දෙපාර්ශයටම 17 බ්‍රහස්පතින්දා හවස 04.00 පොලිස් ස්ථානයට එන්න කියලා විභාගයට. එතනදී සිද්ධියක් නැති නිසා පොලිසිය සමථයකට පත් කරන්න උත්සහා කරලා. විත්තිකාරියට හොද පාඩමක් උගන්නන්න ඕනිනේ. මම ඉහලටම යනවා කියලා පැමිණිල්ල කියලා

චෝදනාව දැන් සමථ මණ්ඩලයේ. පහරදිමේ බරපතලකම ගැන අපිට හිතාගන්න පුළුවන් නේ.

මේ ප්‍රවෘත්තිය පත්ර යේ දාලා fm medias වලට දීලා හොද පබ්ලිසිටියකට යන්න ඕනි කියලා reporter හොයා ගෙන ගිහින් මස්කටු ටිකක් විසිකරලා ”ඇසක් බද්ධකර ප්‍රතිකාර ලබන සිසුවා ලවා අව්වේ බිම් කොටවලා” යන සිරස්තලය යටතේ 2009 ජුලි මස 16 දින ලංකාදීප පුවත් පතේ’ මුල් පිටුවේ සබ් හෙඩිමකට නිව්ස් එක. දැන් නිව්ස් ඇත්තෙත් නැහැනේ. යුද්ධෙත් ඉවරයි.

කතෘ තුමා පසුබිම දන්නේ නෑ. හොයන්නේ බලන්නේ නැතිව එඩිටෝරියල් එකකුත් ලිව්වා. “ගුරු ගෞරවය රැක ගැනීමේ මූල ධර්ම ගුරුන්ට මුලින්ම කියා දෙමු.” කියලා 2009.07.20 දා පත්‍රයට. Fm එකක් තොරතෝංචියක් නැතිව 16 ‍වෙනිදා උදේ නිව්ස් එක කවර් කරනවා . දුරකතනයත් ලග තියාගෙන.
කපුටු පිහාට්ට දැන් කපුටෝ හත් දෙනෙක් වෙලා.

පසුවිපරම.

දෙපාර්තමේන්තුවත් දුවගෙන ඇවිත්. විෂයය භාර භාර ගුරුතුමියට එරෙහිවු පැමිණිල්ලට විමර්ශණක් පවත්වනවා . පැමිණිල්ල ජනාධිපතිවරයාට සහ පිටපත් සහිතව අධ්‍යාපන අමාත්‍යවරයා,සබරගමුව පලාත් මහ ඇමතිවරයා සබරගමුව පලාත් අධ්‍යානපන අධ්‍ය ක්ෂ ක වරයා සහ කොළඔ ළමා හා කාන්තා කාර්යංශයේජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාටද යොමු කරලා.

අන්තිමට විෂයය භාර භාර ගුරුතුමිය සිදුකල පුංචි තරවටුවක් බව තහවුරු වෙලා.සුළු සිද්ධියක් වවන්න ගිහින් ඉතිරි වෙලා තියෙන්නේ මේ වගේ ප්‍රතිඵල.

1. ගුරු අම්මලා තාත්තලගේ පෞද්ගලික කෝන්තර පිරිමහ ගන්න අහිංසක දරුවෙකුත් බිල්ලට තියලා.දරුවට බොරු කියන්න බොරුවට රගපාන්න උගන්නන්නේ ගුරු අම්මෙකුයි තාත්තෙකුයි. උඩ බලාගෙන කෙළ ගහපුවම මූණටම වැටෙනවා කියලා මේ ඇත්තන්ට තේරෙන්නේ නෑ. දරුවාට ලැබෙන පුර්වාදර්ශ මොනවද කියලා හිතලා නෑ.අනාගතයේදී දරුවට යන්න තියෙන හොද පාරවල් මේ අම්මයි තාත්තයි වහලා.

2. කපුටු පිහාට්ටක් වමාරපුවහම කපුටෝ හත්දෙනෙක් වැමෑරුවා කියලා රටේම පැතුරුන කතාවක් තියෙනවා. අපේ මාධ්‍ය කරලා තියෙන්නෙත් ඒක. මාධ්‍ය ජාතික කියා ගත්තට වැඩක් නැති වෙනවා අවජාතික අය ලංකර ගෙන මාෆියා වැඩ කරන කොට.

3. මාධ්‍ය විසින් නඩුව විභාග කරන්නත් ඉස්සර විෂයය භාර භාර ගුරුතුමිය එල්ලා මරලා දැමීමා.

4. අපේ රටේ ගුරුවරුන් බදවා ගැණිමේදී ක්‍රමවත් පටිපාටියක් නෑ. ජන සවිය, සමෘද්ධිය , ස්වේච්චා ( බලෙන් වෘත්තියේ එල්ලිලා.) වගේ ගුරු පත්වීම් දුන්නම වෙන්නේ මේ වගේ පිස්සෝ ගුරු වෘත්තියට අවතීර්ණ වීම. පසු ගිය දවසක පලවෙලා තිබුනා 13000 ක් ගුරුවරු ගණිතය සා.පෙලදි සමත් වෙලා නෑ කියලා.
ඉතින් තව විග්‍රහ ඕනී වෙන්නේ නෑනේ.ගුරු වෟත්තිය ගැන.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )