Quote

මුරගල -

මුරගල –

මුරගල

පෞරාණික පූජණීය ස්ථාන ,මන්දීර ආදි ගොඩනැගිලි වලට පිවිසෙන දොරටුවේ සදකඩ පහන දෙපසින් මුරගල් දෙකක් ඉදිකර ඇති අන්දම අනුරාධපුර , පොලොන්නරුව ආශ්‍රිත පෞරාණික ස්ථානයන්හී සංචාරය කරන විට අපට දකින්නට ලැබේ. මුරගල අපට හමුවන තවත් අපුරු අමතක නොවන කලා නිර්මානයකි.මෙම ස්ථානයන් හී ආරක්ෂාව සංකේතවත් කිරීම මුරගලක් යෙදීමේ අරමුණ විය හැක.

පුන් කලස සෞභාගය ද ,බහිරව‍යා වස්තුව හා නාගයා ‍යෙදීමෙන් ආරක්ෂාව සංකේතවත් කලා විය හැක. පුරා විද්යාඥයින් මුරගල් පද්ම හා සංඛ වශයෙන් දෙවර්ගයකට වර්ග කරති.
මෙම රත්න ප්‍රාසාදයේ පිහිටුවා ඇති මුරගලෙහි නාගයා මිනිස් රූපයකට ආදේශ කරමින් නිර්මාණය කර තිබේ. හිස නාග පෙන නවයකින් යුක්තය.මල් වැලක් සහ පුන්කලසක් දෙඅතින් දරා ගෙන සිටී.උඩුකය නග්නව ආභරණයෙන් විසිතුරු කර ඇත.දෑත වලළුය. ශිර්ෂ පලදනාව විසිතුරු කැටයම් යොදා ඇත.යටි කය වසා ඇති වස්ත්‍රය දේහයට ඇලෙනසේ සිරුරේ හැඩය ඉස්මතුකර ඇත. නෙරිය සමනල තටු මෙන් සකස් කර විහිදී යන සේ සකස්කර ඇත.යටිකය සහ උඩුකය වෙන් කරන බද පටිය ලියකම් වලින් යුක්තය.වාමන රූපයක් පාමුලින් නෙලා ඇති අතර .මුරගලේ රාමුව විසිතුරු මකර තොරනකින් වර්නවත් කර ඇත. මකර රූප වලින් ලෞකික ජීවිතය නිරූපනයවන බව අදහස් කෙරේ.

මුරගල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )