SA


SB වගේම SA ත් හිතන් පුළුවන් කතා වේදිකාවේ දිග ඇරලා දානවා.

SA ගැනත් කතා පොජ්ජක් සටහන් කරන්න හිතුනා. අපි ඉන්නේ හද්දා ගොඩේ. ඉතින් කතාව ගොඩ නගා ගන්න වෙන්නේ මීඩියාස් කාරයෝ දෙන තොතුරුවලින්. එතකොට හිතේ මැවෙන ඒවයින් තමයි කතාව ගොඩ නැගෙන්නේ.සමහරවිට සෑබෑ චරිතය මේ කතාවට වඩා වෙනස් වෙන්න පුළුවන්.

SA – SC ඥාතිවරු. 89 භීෂණය අවසන් වෙන්නේ අපි වගේ වැඩකට නැති බූවලා අතුරුදහන්වීමෙන් නැත්නම් ඝාතනයවීමෙන්. SA වගේ ඇත්තන්ට SC ව‍ගේ හයිය අත්තක් තිබුන හින්දා ලොකු ලොක්කෝ බොරැල්ල කනත්තේ ආදාහනාගාරයෙන් වා තලයට එකතුවන අතර රටින් පැනලා යන්න පහසුකම ලැබෙනවා. ඒ ගිය ගමන ගැනයි ලොකු ලොක්කෝ ටිකට අත්වෙච්ච ඉරණමයි මෙතුමාගේ ඉරනමයි ගලපන කොට පොල් ගස්වල දෙල් හැදෙන්නත් පුළුවන් කියලා හිතෙනවා.

ඒ පරන කතා අත්හැරලා CBK යුගයත් සමග SA ,CHIEF වෙලා ලංකාවට එනවා. අමතක කරලමු පැරණි කතා සිංදුව කියාගෙන අපි සාදරයෙන් පිළිගන්නවා. අපි වගේ බූවෙක් 89-LEADER කෙනෙක් වෙලා හිටියනම් කප්පරක් නඩු දාලා කල්පයක් එල්ලා තියෙන්න චෝදනා තියෙනවා .ඒ වුනත් තොග වශයෙන් වැඩ දුන්නම ඒක හරි සිම්පල් – AIR TELL වගේ.

එතෙන ඉදන් රජ වැඩකාරයෝ වෙලා CBK වරෙක දෙපයින් හිටවනවා වරෙක ඔළුවෙන් හිටවනවා තුන්වෙනි බලවේගය වෙනවා. MR දෙපයින් හිටවලා ඔළුවෙන් හිටවන්න ගිහින් ඇන ගන්නවා විතරක් නෙමෙයි ගා ගන්නවා.හලා ගන්නවා . CELLULAR PHONE එකෙන් ඇත්ත හා නැත්ත කියනකොට කැත්ත ගන්නවා. කතාකරන අය වැඩ කරන්නේ නෑ නේ. කරන හැටි කියන්න පුළුවන් ඒත් කරන්න යන්නේ නෑ කියන ඒවා යථාර්තයක් කරගන්න බෑ කියලා එයාලම දන්නවා.ඒ හින්දා හැමදාමත් කියවා කියවා ඉදියි.

කළු කපුටා සුදුවන තුරු මොල් ගහ දළුලනතුරු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )