හූවෙන් ආ හඩ.


voteසබරගමුවත් ඌවත් – හපුතලේ ආසනයට මායිම්ව කිලෝමීටර් දහයකට ඈතින් සිටින මට ඌව හුවක දුරය.
මැතිවරණයට පෙර හපුතලේ දක්වා මරන්ගහවෙල කළුපහන වල්හපුතැන්න හල්දුම්මුල්ල බෙරගල ඔස්සේ යන විට මෙවර එක්සත් ජාතික පක්ෂය නිසකවම හපුතලය ආසනය ජයගන්නවා ඇත යන විශ්වාශයක් මට ඇතිවෙලා තිබුනා.එහෙත් මැතිවරණ ප්‍රතිපල බලන විට ( නිදිවරා ගෙන ප්‍රතිපල අසන උණ දැන් සනීපයි ) හපුතලය ආසනය වැඩි ඡණ්ද 2340 කින් සන්ධානය ඉදිරියට විත් තිබුනා. මැතිවරණවල ස්වභාවය එසේයි. පෙනෙන්නට තියෙන දෙයින් අනාවැකි පල කල නොහැකියි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2005 දී තිබු දේශපාලන අනන්‍යතාවය අද එයින් ගිලිහිලා ගිහිල්ලා . දෑත ශක්තිමත් කරන්න ගිය උදවිය නිසා සන්ධාණයේ ඡණ්ද පදනම අද සී සී කඩ විසිරිලා ගිහින්. අපි හිතමු එජාප මංත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්වුනා කියලා. ඒත් ඒ මංත්‍රීවරයාට ලැබුන ඡණ්ද ප්‍රමාණය සන්ධානයට එකතු වෙලා නැහැ. මැතිවරණයකදී සන්ධාණයෙන් එන අර එජාප මංත්‍රීවරයා බෙදා ගන්නේ සන්ධානේ තිබුන ඡණ්දමයි. ඊට අමතරව පාක්ෂිීකයින් නොසලකා හැරීම නිසා විරසක වෙලා. පාර්ලිමේන්තුවේ ඔළු වැඩි කරගත්ත එකේ විපාක දැන් දැන් අත්විදින්නට වෙලා.
2009 පළාත් සභා මැතිවරණය හා සැසඳීමේදී මෙවර සන්ධානයට මන්ත්‍රීධුර හයක්‌ අඩු වෙලා . එජාපයට මන්ත්රී ධුර හයක්‌ වැඩි වෙලා ජවිපෙටත් එක්‌ මන්ත්රී ධුරයක්‌ වැඩි වෙලා .මේක සන්ධාන්ය්ට බලවත් පසුබෑමක්. මෙම මැතිවරණයේදී ඡන්ද 418906 ක්‌ ලබා මන්ත්‍රීධුර 25 ක්‌ එම පක්ෂවය හිමිකර ගත්තද මෙවර හිමිවූයේ ඡන්ද 349906 ක්‌ හා මන්ත්‍රීධුර19 ක්‌ පමණි. එමෙන්ම එම පක්ෂය 2009 දී සියයට 72.39 ක ඡන්ද ප්‍රතිශතයක්‌ හිමිකරගත් නමුත් මෙවර එය 51.25 ක්‌ දක්‌වා අඩු වී තිබේ.
එක්‌සත් ජාතික පක්ෂ්ය 2009 ඌව පළාත් සභා මැතිවරණය සමඟ සැසඳීමේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ හා මන්ත්‍රී ධුර පමාණයේ ශීඝ්රත වර්ධනයක්‌ සිදුවෙලා .ගියවර ඡන්ද 129144 ක්‌ ලබා මන්ත්රීප ධුර 7 ක්‌ හිමි වුවද මෙවර එම පක්ෂ යට ඡන්ද 274773 ක්‌ හා මන්ත්රීඛ ධුර 13 ක්‌ හිමි විය. ඉකුත් වසරට සාපේක්ෂුව එජාපය ඡන්ද එක්‌ලක්ෂ2 හතළිස්‌පන්දහසකින් පමණ සිය ඡන්ද ප්රපමාණය වැඩිකර ගැනීමට සමත් වී තිබේ. ගියවර සියයට 22.32 ක්‌ වූ ඡන්ද ප්රණතිශතය ද මෙවර සියයට 40.24 දක්‌වා වර්ධනය වී තිබේ.
ජනතා විමුක්‌ති පෙරමුණ ද මෙවර සිය ඡන්ද පදනම විසි දෙදහසකින් පමණ වැඩි කර ගැනීමට සමත් වෙලා. ඡණ්ද 14639 ක්‌ 2009 ලබාගත්තා මෙවර ඡන්ද 36580 ක්‌ ලබාගෙන තියෙනවා. මන්ත්‍රී ධුර එකකින් මෙවර වැඩි වී ඇති අතර ඡන්ද ප්‍රතිශතය ද 2.53 සිට 05.36 දක්‌වා වැඩි කර ගැනීමට එම පක්ෂය සමත්ව වෙලා
සන්ධානයත් -එජාපයත් අතර වර්තමානයේ ඇති තරගකාරී බවින් එජාපය ඉදිරියට එන අයුරු දක්නට ලැබෙන තවත් අවස්ථා කිහිපයක් ඌව පරණගම ආසනය වැඩි ඡන්ද 200 කින් හා බණ්‌ඩාරවෙල ආසනය වැඩි ඡන්ද 280 කින් එජාපයට වඩා සන්ධානය ලබා ජයගෙන තිබීම සහ එජාපය වැලිමඩ ආසනය සන්ධානයට වඩා වැඩි ඡන්ද 700 කින් ‌ ජය ගැණිමෙන් දක්නට පුළුවන්.
මොනරාගල දිස්‌ත්රි්ක්‌කයේ ප්‍රධාන අපේක්ෂකයා වුණේ රාජපක්ෂ කෙනෙක්. මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ ජනතාව ඒ ගැන සලකලාත් නැහැ වගෙයි පෙනෙන්නේ . මොණරාගල දිස්ත්‍රික්කයෙනුත් 2005 ට වඩා ඡන්ද ප්‍රමාණය අඩු වෙලා ! . එජාපයෙන් ආපු සීනී ඇමති ඉන්නෙත් මොණරාගල !.
හිතන්න තවත් දෙයක් තියෙනවා රැකී රක්ෂා දුන්නා කියලා ඡන්දේ දෙන්න ඡණ්දදායකයා සූදානම් නැහැ. ඒක මුලික අයිතිවාසිකමක් කියලයි විග්‍රහ වෙන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, හාලිඇල හා බදුල්ල ඡන්ද කොට්‌ඨාස තැපල් ඡණ්දයෙන් ජයගෙන තිබුනේ එජාපය . ඒ හින්දා මිත්‍යාවේ සිහින දකින එකත් අත්හරින්න සිද්ධ වෙනවා.
මේ ප්‍රතිපලත් හිතේ තියාගෙන ජනාධිපතිවරණයක ප්‍රතිපල හිතන්න ගියොත් මැවෙන චිත්‍රය මොනවගේ එකක් වෙයිද ?. උතුරේ ද්‍රවිඩ සන්ධාණය , නැගණහිර මුස්ලිම් ප්‍රජාව , බලවත් ලෙස කේවල් කරන්න පටන් ගනී. වතු ද්‍රවිඩ ඡණ්ද රවටා ගත්තත් මුලින් කී දෙගොල්ලෝ මස් රාත්තල ඉල්ලන අය.
සිංහල චණ්ද දෙකට බෙදයි. ඔය කියන සංවර්ධනේ මායිම් නැතිවේවී.

අතීතයෙන් හමන තේ සුවද


කඩුල්ලේ අතීතය පිටු පෙරලමින් යලි විමර්ශණය කලා.මාස ගණනාවකට පස්සේ සෑහෙන කාලයක් නොලියවී තිබුන නිසා ලියවිය යුත්තේ කුමක්ද? ලිවිය යුතු ඉම ගැන හිතන්න පටන් ගත්තා . සමහර සිතිවිලි මා මීදුම බ්ලොගයේ පලකරනවා. ඒ තේමාවන්ම පල කිරීම සුදුසු නැහැ. මම සිතනවා. තෝරා බේරා ගෙන ලියන්නම්. විශේෂයෙන් මගේ නොලියවෙන දිනපොත ආයෙත් පටන් ගන්න ඕන. මම හිතුවා.අද තේ කෝප්පයක අතීත සුවද ගැන වියමන් කරන්නේ තේ ගැන කතා කරන්න මගේ මිතුරෙක් මැදිහත් වුන නිසා. අපිට රසවත් තේ කෝප්පයක් බොන්න ලැබෙන්නේ නැහැ .ඒකට හේතුව අපිට වෙළද පොලෙන් හොදම තේ ලැබෙන්නේ නැහැ. . ඒත් හොදම දවටන නම් ලැබෙනවා. මේ ගැන සංවාදයකට පත් අපිට තේ කෝප්පයේ උපත දක්වා අතීතයට යන්න මග එලි කලා. ඒ මග ඔස්සේ ගොස් ඇහිද ගත්තදේ අද නොලියවෙන දින පොතෙන්.
තේ වෙළෙඳපලක් විතරක් නෙමෙයි. , කෘෂිකාර්මික පැවත්මක් . ඒ වගේම සහ දේශයක ආර්ථිකයක් ගොඩ නන්වපු ශාකයක් . එ විතරක්ද තේ සංස්‌කෘතියක් , දේශපාලන බල අරගල උදෙසා අවධානයක් හා ජාත්‍යන්තර සබදතා ඇති කල ශාකයක්.

තේ ගබඩා කරන අයුරු
තේ ගබඩා කරන අයුරු

තේ පානයක් ලෙස සකස් කිරීමේ ක්‍රියාවලිය සොයාගැනීමේත් හා ලොවට හදුන්වා දීමේත් ගෞරවය හිමිවන්නේ චීන ජාතිකයන්ටය. තේ පානය පලමුවෙන්ම ප්‍රචලිත වන්නේ චීන ජාතිකයන් අතර. තේ ගස ප්‍රථමයෙන්ම සොයාගනු ලැබ ඇත්තේ බුද්ධ උත්පත්තියටත් වසර 2700 කට පෙර චීනයේ රජකම් කළ සෙන්නූන් Shen Nune අධිරාජයාය.
සෙන්නූන් Shen Nune අධිරාජයා චීනයේ ඈත ප්ර්දේශයකට සිය හමුදාව සමඟ යනවා. ඒ ගමනේදී වෙහෙස මහන්සියට පත් රජතුමා ගිමන් නිවා ගැනීම සඳහා අතරමග නතර වවෙනවා. රජතුමා උණු වතුර ස්‌වල්පයක්‌ පානය කරමින් සිටින විට එම පැන් කෝප්පයට සුළඟේ පාවී ආ මලක්‌ වැටෙනවා. වැටුනේ මලක්‌ නිසා ඒ ගැන තැකීමක් නොකර රජතුමා මලත් සමග උණු ජලය පානය කරනවා. උණු ජලයේ මල තැම්බී දියවී ආ එම ජලයේ දිවට දැනුන ඉමිහිරි රසයෙන් රජතුමා වශී වෙනවා. මල වැඩුනු ශාකය හදුනා ගන්නා රජතුමා එම මල් තම්බා බීමට හුරු වෙනවා. රටවැසියෝද මේ අනුව තේ පානයට හුරු වෙනවා.
තේ බිමක්‌ ලෙස චීනයේ පැතිරුනේ ඉන් පසුවයි. කාලයක්‌ තිස්‌සේ මේ අනගි බීම චීන ජාතිකයන්ට පමණක්‌ ආවේණික රහසක්‌ විය. ශත වර්ෂ ගණනාවකට පසුව බුරුමයේත් ඉන් පසුව සියමේත් තේ වගාව පැතිරී ගියේය.

8 වන සියවස පමණ වනතුරු චීනුන් තේ පානය කළේ ඖෂධීය බීමක්‌ ලෙස පමණි.
කැමිලියා සයිනෙන්සීස්‌ Camillia Sinensis යන උද්භිද විද්යා නාමයෙන් තේ හදුනවනවා.
1852 වර්ෂයේ දී එංගලන්තයේ සිට ලංකාවට ආපු ජේම්ස් ටේලර් නමැති 17 හැවිරිදි තරුණයෙක් වසංගත රෝගයක් පැතිරී විනාශ වෙමින් තිබුන කෝපි වගාව වෙනුවට තේ වගා කරන්න හිතුවා. ඉන්දියාවේ සිට ලංකාවේ සංචාරයකට පැමිණි නෝබල් නැමති ඉංග්‍රීසි ජාතිකයෙක් ටේලර්ට තේ පිළිබඳ මූලික දැනුමක් ලබා දුන්නා. ඉන් පසු තේ පිළිබඳ නොයෙකුත් අත්හදා බැලීම් සහ පර්යේෂණ කරන්නට ජේම්ස් ටේලර් පෙළඹූනා. ඔහු හේවාහැට ලූල් කඳුර වතුයායෙ අංක 7 දරණ කොටසේ සාර්ථක තේ වගා ව්යානපෘතියක් ඇරඹුවා. ඒ 1847 වර්ෂයේ දීයි. අප රටේ ආරම්භක සහ කරමතේමවත් තේ වගාව ඒ විදියට ආරම්භ වුණා.

තේ වර්ගීකරනය
තේ වර්ගීකරනය

මේ නිසා ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා ලෙස ජේම්ස් ටේලර් නම් වෙනවා.
පුස්‌සැල්ලාව රොත්ස්‌වයිල්ඩ් වත්තේ මවුරයිස්‌ වර්ම්ස්‌ ශ්රීත ලංකාවේ ප්ර ථම තේ වැවිලිකරුවා යයි මතයක්ද තියෙනවා. එහෙත් ජේම්ස් ටේලර්ගේ නම තමයි වඩාත් තහවුරු වන්නේ.
ජේම්ස් ටේලර්ගේ ලූල් කඳුර වතුයායේ තේ වගා ව්යා්පෘතියේ ඇති සාර්ථකත්වය නිසා. ඒ ආදර්ශය තුළින් ලංකාවේ තේ වගා කර තේමය සාර්ථකව ආරම්භ කිරීමට බිර සාතාන්යා වැවිලි කරුවන්ට හැකි වුණා. මේ විදියට තේ වගාව ලංකාව පුරා ව්යාරප්ත වීම නිසා 1873 වසර වන විට තේ රාත්තල් 23 ක් අපනයනය කරමින් ලංකාව ජාත්‍යාන්තර අපනයන ක්‍ෂෙත්‍රයට එක් වුණා.
1892 වසරේදී ජේම්ස් ටේලර් මිය ගියා. ඔහු වෙනුවෙන් ඉදි වූ කිරිගරුඬ සොහොන අදත් මෘතදේහය මහනුවර මහයියාව සුසාන භූමියේ තිබෙනවා.
අපේ රටේ තේ වගාවේ පුරෝගාමීන් ඉංග්‍රීසි ජාතිකයන්ය.
යුරෝපය ඇතුළු එංගලන්තයේ තේ බීම කොතෙක්‌ ජනප්‍රිය වූවාද යත් 1786 වන විට යුරෝපයට යවන ලද තේ ප්‍රමාණය රාත්තල් (චීන තේ) මිලියන 18 ක්‌ පමණ වුනා.

18 වන සියවසේ අග භාගය වන තුරු උතුරු ඇමරිකාවේ හෙවත් වර්තමාන ඇමරිකා එක්‌සත් ජනපද විශාල ප්‍රමාණයක්‌ එංගලන්තයේ යටත් විජිත ලෙස පාලනය වූ ඒවා.  මේ කාලය වන විට ඇමරිකාවේ ද තේ බීම ජනප්‍රියව තිබුනා.
1773 දී එංගලන්ත පාර්ලිමේන්තුව තේ වලට අදාල පනතක්‌ සම්මත කරමින් බ්‍රිතාන්‍යද පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමට යටත් විජිතවල තේ බෙදාහැරීමේ තනි බලය ලබා දුන්නා.
(ශ්‍රී ලංකාවේද ලංදේසින් සතු මුහුදු බඩ පළාත්  ඉංග්‍රීන් අල්ලා ගනු ලැබුවේත්, 1802 දක්‌වා පාලනය කරනු ලැබුවෙත් මේ වෙළෙඳ සමාගම මගිනි.) මේ අතර 1773 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ බොස්‌ටන් වරායට තේ පටවා පැමිණි ඩර්මවුත් නමැති ඉංග්‍රිසි නැවට සැමුවෙල් ඇඩම්ස්‌ ඇතුළු විප්ලවවාදීහු පහරදීම  සුප්‍රකට බොස්‌ටන් තේ සාදය නමින් ඉතිහාසයේ සටහන්ව ඇත.

එම අරගලය නිමා වූයේ 1776 දී ඇමරිකාව නිදහස්‌ රටක්‌ බවට පත් වීමෙනි.

තේ ප්‍රවාහනය
තේ ප්‍රවාහනය

ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලනයට නතුවීමෙන් පසුව වුවද ලන්දේසි වී.ඕ.සී. සමාගමේ පෙරදිග වෙළෙඳ කටයුතු දිගටම සිදුවුනා. විශේෂයෙන්ම යුරෝපයට තේ සැපයීමේ තනි ඒකාධිකාරය පැවතියේ වී.ඕ.සී. සමාගම සතුව. එහෙත් 1833 දී චීනය හා ලන්දේසි සමාගම අතර තිබූ වෙළෙඳ ගිවිසුම අහෝසි වී ගිය අතර එම සමාගමට තේ ආනයනය සඳහා තිබූ නීත්‍යානුකූල අයිතිය අහිමි වුනා.
ඒ වන විට යුරෝපයට සැපයූ තේ රාත්තල් මිලියන 300 න් අඩක්‌ පරිභෝජනය කළේ එංගලන්ත වාසීන්ය. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව සිය අවශ්‍යතාව පිළිබඳව තම යටත් විජිතවල ආණ්‌ඩුකාරවරුන්ගේ අවධානය යොමු කලා. එවකට ඉන්දියාවේ ඉංග්‍රිසි ආණ්‌ඩුකාරවරයා වූ විලියම් බෙන්ටින්ක්‌ තේ පිළිබඳ සොයා බැලීමට කොමිටියක්‌ පත් කළේය.
එම කොමිටිය මගින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශයේ කැලෑවල තේ ගස ස්‌වාභාවිකව වැවෙන බවද, ඒ නිසා එම ප්‍රදේශය නව තේ වගාවන් ඇරඹීමට සුදුසු බවද නිර්දේශ කොට තිබිණි.

මේ නිර්දේශයන්ට අනුව යමින් ජේම්ස් ටේලර්ගේ තේ වගාවට අවුරුදු 30 කට පෙර ලංකාවේ තේ වගා කරන්න උනන්දු වූනේ 1837 සිට 1841 දක්වා ලංකාවේ ආණ්ඩුකාරයා වූ ‘ ස්ටුවට් මැකන්සි’ විසින් ඔහුගේ පාලන සමයේ දී ඉන්දියාවේ ඇසෑම්  ප්‍රාන්තයෙන් ලංකාවට ගෙන ආ තේ ඇට ස්වල්පයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැළ තවානේ රෝපණය කළා. ඒත් ලංකාවේ ඒ තේ වගාව ව්‍යාප්ත කරන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා ලෙස ජේම්ස් ටේලර් බවට අවිවාදයෙන් නම් වෙනවා.

අද නොලියවෙන දිනපොතේ සටහන ට තොරතුරු සැපයු මගේ මිතුරාට ස්තුතියි .අපි ආයෙත් හමුවෙමු යයි ගිවිස ගෙන මළ හිරු බහිනා හැන්දෑවේ අපි විසිර ගියා.