කූරගල .


PA020122

 

kuragala-e0b69ae0b796e0b6bbe0b69ce0b6bd (1)

සිංහල බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර බොහෝ විවාදයට පත්වු ආගමික ස්ථානයක්.බලන්ගොඩ කල්තොට පාරේ කිමි 22 හැරී කිමි 03 පමණ යන විට හමුවන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ප්‍රදේශය කූරගල ලෙසයි හැදින්වෙන්නේ.

කූරගල දත්තගේ පර්වතය ලෙසත් ආදියේදී හදුන්වලා තියෙනවා. ඇත්තෙන්ම මෙම ස්ථානය ‍සිංහලයනට හිමිකම් කියත හැකි භූමියක්. ගවේෂකයෙකුට මිසක පුදබිමක් ලෙස වැදගත් කමක් ඇතැයි මට නොසිතුන  කූරගල පිහිටන්නේ අති දුෂ්කර වියලි පරිසරයක.

පුරා විද්‍යා බිමක ආගමික අයිතිවාසිකමක් තියෙන්න ඕන නැහැ .  එය සියළුම ආගමිකයන්ට ජාතිකයන්ට අයිති බිමක් විය යුතුයි කියලයි මට හිතෙන්නේ !.

කූරගල සිට බස්නාහිර බෑවුම දෙස බලන විට කිමි පහක පමණ දුරින් පෙනෙන මිටියාවත පුරාණයේ සිටම ජනාවාසයක්වු  කල්තොට , බුදුගල, සහ වැලිපොතයායි. අක්කර දහස් ගණක සශ්‍රීක කෙත් වතු මේ ප්‍රදේශයේ පැතිරිලා තියෙනවා. කූරගල සිට මෙම ප්‍රදේශය  අත ලග තියෙනවා වගේ පෙනුනත් කූරගල නම් පාණිය ජලය වත් නොමැති බිමක්.

මේ බිම අද මුස්ලිම් ජනතාවගේ ජනාවාසයක්.

එසේ ජනාවාසයක් බවට පත්කලේ සිංහල ජනගහනය 95% ක් පමණ සිටින  බලන්ගොඩ ඡණ්ද කොට්ඨාශයේ මණ්ත්‍රීවරියවු ( 1965 පසු අතුරු මැතිවරණය -1977) මල්ලිකා රත්වත්ත මැතිණිය පරදා 1977 දී පාර්ලිමේන්තුවට පත්වු ඇම්.ඇල් ඇම් අබුසාලි මහතාගේ අනුහසින්. එතුමා සිංහල ජනතාවට අමතරව තම ජනතාවට සේවය කල අයුරයි ඒ සංකල්පය තුල පැහැදිලි වන්නේ.

මේ නිසා උතුරේ ජනතාව හා සිංහල ජනතාව අතර ඇති නොබැදියාව වගේ මුස්ලිම් ජනතාව අතරත් නොබැදියාවක් නිර්මාණය කර එතුමා අප අතරින් වෙන්න ගියා.අදූර දර්ශී දේශපාලනඥයෝ කොයිකලත් ආත්මාර්ථකාමී ස්වරූපයෙන් කටයුතු කරන බවට එක් නිදර්ශණයක් කූරගල කතාන්තරය තුල පැහැදිලි ලෙසම දක්නට ලැබෙන්නේ.

වර්තමාණයේ නොයෙක් නම් වලින් මුස්ලිම් මෙන්ම බෞද්ධ නම් වලින් නිර්මාණය කරගත් ආගමික පොලිසී සහ හමුදා ඛණ්ඩ ජණතාවගේ මනස කලම්බා අර්බූද නිර්මාණය කරනවා.

බලයත් සමග ඇම්.ඇල් ඇම් අබුසාලි මහතාගේ  ක්‍රියාකලාපය සපරගමු දර්ශණ නම් පොතේ ( පෙර වදන පිටුව 18 ) කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමිපාදයන් විස්තර කරන්නේ මෙහෙමයි. (1967දී මුද්‍රණය ) “ ……………………….බිම සිට අඩි හතලිහ  දක්වා උස්වු පර්වතය යට තිබෙන ශිලා ලිපි පිටපත් කිරීම සදහා පලංචි බැදීමට අවශ්‍ය අප ගෙන ගිය අලවංගු ,කැති,පොරෝ යන උපකරණ වලට වැඩිපුර කඩු,තුවක්කු,කිරිච්චි, පිස්තෝල එකතු කලේ පැමිණිල්ල බරපතල කිරීමට විය හැකියි. මේ ගැණ විභාග  කිරීම සදහා පැමිණි පොලිස් නිලධාරීන්ට කාරණය පහදාදී වැඩිදුරටත් තොරතුරු කොළඹ පුරාවිද්‍යා කොමසාරිස් මහතාලෙන් අසා දැන ගන්නට කිමි. මේ ගැණ සම්පුර්ණ විභාගයක් පැවත්වු බලංගොඩ පොලිසිය තීරණය කලේ බෞද්ධයන් භය ගැන්වීමේ අදහසින් අබුසාලි මහතා බොරු පැමිණිල්ලක් කර තිබෙන බවය. ”

අදත් කූරගල පිලිබදව  ආගමික සටනක් පවතිනවා. නිතර face book හරහා පතුරණ ආගමික විසංවාද බෙහෝයි. ඒ තිබියදී  අබුසාලි මහතා ඇතිකල මුස්ලිම් ජනපදය මේ පුරා විද්‍යාත්මක බිමේ තව තවත් ව්‍යාප්ත වෙනවා දකින්න පුළුවන්.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න