කවුද ? අතවනන්නේ………..


new_cut_gaol_ferry_bridge_slipway01

ජීවිතය ගලා ගෙන යනවා .

බොහෝමයක්  මතකයන් ඉතිරිවෙලා තියෙනවා.

අධ්‍යාපනය ලබන කාලේ … අධ්‍යාපනය එවර වෙලා

තරුණ වියේ ජීවිතය ගැට ගහගන්න උත්සහා දරාපු කාලේ…

මේ එක් එක් යුගයන් හි

දහසක් සොම්නස් දොම්නස් කම්කටොළු බාධක පසු කර ගෙන .

වර්තමානයේ වියපත් විය ඈතින් අතවනනවා.

වියපත් වියත්  තොටුපලක් වගෙයි.

කිසියම් සන්ධිස්ථානයක පුංචි විවේකයකට නතරවුන නවාතැනක්.

මේ නවාතැනේ …. මේ තොටුපලේ

ඉදන් බලන කොට ඈතින් අත වනන සේයාවක් පේනවා

කවුද ඈතින් අත වනන්නේ කවුද ?

හිතාගන්නත් බැහැ.

සැනසීමක  ප්‍රාර්ථණා  ඒ තුලවත් දිස්වෙනවාද ?

වික්ටර් රත්නායකයන්  ගයන මේ ගීතය  තරුන කාලේ අපි ඇහුවේ හැගීම් බරව

ආදර අන්දරයක් හිතේ මවා ගෙන.

ඒත් වියපත් විය සිහිනෙන් දකින

 වියේ ජීවිතයට ආදේශ කරගෙන

වික්ටර් රත්නායකයන්ට සවන් දෙන විට

සිහිපත් වන්නේ ආදර අන්දරයක් නෙමෙයි.

වෙනත් සුන්දර අත්දැකීමක්.

“තොටුපල අයිනේ ————– කවුද අතවනන්නේ .
කවුද අතවනන්නේ  – තොටුපල අයිනේ
තොටුපල අයිනේ ————– කවුද අතවනන්නේ
කවුද අතවනන්නේ –  තොටුපල අයිනේ”

කවුද අත වනන්නේ කියලා දෑස් පියා ගෙන  හිතලා බලන්න.
“හැන්දෑවරුවේ  – ඉවුරේ වැටකේ
උණ පදුරේ හෙවනේ
හබල බිදීලා —————–
හබල බිදීලා  – පෙරළුන ඔරුවක සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි
ඒ දෙස නොබලමි
තොටුපල අයිනේ – කවුද අතවනන්නේ”

 ගෙවී ගිය ජීවිතය අතෘප්මත්……………….

“ආ මග අදුරේ –  පෙරමග එගොඩින්
තරු යුවලක්  දිළිහේ…”

ජීවිතය වියපත් වියේ දොරකඩට විත්

හෑල්ලුවට පත් වන විට සිහිපත් වෙන

තමතමන් අදහන්නාවුත්

තම තමන් අනුගමනය කරන්නාවුත්

ආගම ධර්මය විය නොහැකිද ?.

ආගම ධර්මය විසින් සහැල්ළුවට පත්කරන

සිතට

සුවදායක සැනසිල්ලක් ලබන විට

ඈතින් අතවනන සුන්දරත්වයට

හිනැහීම සැහැල්ලු අත්දැකීමක් විය හැකිය.

“ඔරුකද ඇතුලේ ——————
ඔරුකද ඇතුලේ නුපුරුදු සුවදක්
දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
හෙට මම හිනැහෙමි
තොටුපල අයිනේ – කවුද අතවනන්නේ”

images

ප්‍රතිචාරයක් ලබාදෙන්න