Gota’s War – කොළඹ මහ නගර සභාව.


කඩුල්ල‍ කොළඹ එන්නේ ඉතාමත් කලාතුරකින් අත්‍යවශ්‍ය ‍හේතුවකටය.  පලාත් සභාවට  ‍බො‍හෝ විෂයයන් විමධ්‍යගතව ඇති මෙකල  මධ්‍යම රජ‍යේ මැදිහත් වන කාරණාවක් ඇතිවුනොත් එය  ඉටුකර ගැණිමට ‍එනවා හැ‍රෙන්න කඩුල්ලට කොළඹට එන්න කරුණු කාරණා ‍යෙ‍දෙන් ‍නේ නැත. පාරිභෝගික බඩු භාණ්ඩද ප්‍රාදේශිය වෙළදපල වල සුලභය.මිළ ගණන්ද කොළඹත් හා සසදනවිට සමානය. ඉතින් කොළඹ එන්නේ කලාතුරකින්ය.

ඒ  නිසාදෝ කලාතුරකින් ආවිට ‍පරිසරයේ යම් වෙනසක් ඇතිව ඇත්නම් වහාම  ඒ වෙනස විශාල ‍වෙනසක් ‍ලෙස ‍පෙනීම  කඩුල්ලට අරුමයක් ‍වුවාට  ‍කොළඹ නිතර කරක් ගසන උදවියට නම් අරුමයක් නොවිය හැකිය.

කඩුල්‍ල හැමදාමත් වැරද්දක් අඩුපාඩුවක්ම දකින , ලියන නිසා  ‍මේ වියමන තුලින් නම් ‍ගොට්ට අල්ලන න්‍යායකට මාරුවී ඇති බව කවුරු ‍හෝ කිව්‍වොත් එය අසා ‍ගෙන සිටීමට පළමුව  හිත හදා ගත්‍ ‍තේය.

කොළඹ මහ නගර සභාව  කරන වැඩක් ඇත්ද ?

මාස කිහිපයකට ‍පෙර පුරපති‍   සහෝදරයෙකුගේ නිවසකට යන පාරක් වහාම අළුත්වැඩියා කිරීමක් ගැන මාධ්‍ය වාර්තා ‍තොරතුරු පල කර තිබු‍නේය.   වර්තමාන පුරපතිවරයා   ආ පසු  කොළඹ අළුත් වෙන්න පටන් ගත්තා යයි කීම  නොගැලපෙන බැවින් එයට හේතු සාධකය සොයා ගෙන යද්දී   නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියා කාරිත්‍වය ගැන කරුණු පැහැදිලිවිය. දේශපාලකයෙකුට නම් මේ වැඩේ කරන්න බැරියයි සිතිවිල්ලක්ද ඇතිවිය.

දේශපාලකයෙකු නම්  එන්න පෙරම යන්න වෙනවා යයි ආකල්පයකින් යුතුව නගර සභාවේ  වැඩ කටයුතු කර ගන යන න්‍යායකට මාරුව පළමුව තමන්ට කර ගන්නා අන්දම අපට අත්දැකීම් ඇත. එතනදී  පුරපති‍   සහෝදරයෙකුගේ නිවසකට යන පාරක් වහාම අළුත්වැඩියා කිරීම කැපී පෙනෙන දෙයක් නොව සාමාන්‍ය දෙයක් ලෙස සිතෙනු ඇත.

 

කොළඹ අළුත්වන්‍ නේ නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයුමෙන්  නම් මෙහි නියමුවා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතා බව සදහන් කළ යුතුය.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කොළඹ නගර සංවර්ධන වැඩසටහන විරුද්ධ පක්ෂයේ දැඩි විවේචනයට ලක්ව තිබෙන වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. එහෙත් බැලූ බැල්මට මට නම් පෙනෙන්නේ, කොළඹ නගරයේ දැනටමත් ඇතිකර තිබෙන වෙනස, ඇඟට දැනෙන යහපත් වෙනසක් බවය.

කොළඹ නගරය මීට පෙර කවදාවත් දැක නැති තරමට පිරිසිදුය.

මොන හේතුවක් නිසා හෝ මහ පාරවල් අයිනේ කුණු ගොඩ ගැසීම නතර වී තිබේ. ධනවතුන් ජීවත්වන කොළඹ හත පමණක් නොව දුප්පතුන් ජීවත්වන බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශය පවා පිරිසිදුය.

මාර්ග තදබදය ද බොහෝ දුරකට ලිහිල් වී තිබේ. කොළඹ නගරය ක්‍රමයෙන් අලංකාර නගරයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බව ද පෙනෙන්නට තිබේ.පදික වේදිකාවල පදික වෙළෙදුන් නැත.

පදික වේදිකාවන් ද සිමෙන්ති ගල් අල්ලා අලංකාර කර තිබේ.  කොටුව, ගාලු මුවදොර පිටිය, බේරේ වැව, නිදහස් චතුරස්‍රය දියවන්නා ඔය වැනි ප්‍රදේශවල අලංකාර හා යහපත් වෙනස්කම් ඇතිකර තිබෙන බව ද පෙනෙන්නට ඇත.

colombo city 1

පෞරාණික වැදගත්කමක් ඇති කොටුවේ ලන්දේසි රෝහල, ඔරලෝසු කණුව හා චැතැම් වීදියේ ඇති පැරැණි ගොඩනැගිලි පැරැණි පෙනුම ආරක්ෂා කැරෙන ආකාරයට ප්‍රතිසංස්කරණය කැරෙමින් තිබෙන අතර ප්‍රතිසංස්කරණය කොට අවසන් කර ඇති සමහර එවැනි ගොඩනැඟිලි නගරයට අලංකාර හා ප්‍රතාපවත් පෙනුමක් ලබාදීමට ද හේතු වී ඇත.

මුළු කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශ ලොකු වෙනසක් ඇති කරමින් තිබෙන බව දකින්නට හැකිය. ‍ගෙ‍තෙන කතාවල ඇත්ත නැත්ත සොයන්න යනවාට වඩා මේ වැඩ පිළිවෙළ අගේ කරන්නට කඩුල්ලට සිතුනේය.

About these ads

5 thoughts on “Gota’s War – කොළඹ මහ නගර සභාව.

  1. කව්රු කළත්, හොඳ වැඩක් අගය කරන්න පසුබට විය යුතු නෑ. රටේ අගනුවරවත් පිරිසිදුවට ලස්සනට නොතිබුණොත් විදේශිකයන් ඉස්සරහ ලැජ්ජ වෙන්න වෙන්නෙ අපිටමයි. නගර අපිරිසිදු වෙන්නෙ මිනිස්සුන්ගෙ නොදැනුවත්කම හා නොසැලකිලිමත්කම නිසා. ඒ ගැනත් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනව නම් හොඳයි. මොකද නගර අලංකාර කරනව වගේම ඉදිරියට ඒක පවත්වා ගෙන යා යුතු නිසා. රටේ අනෙක් ප්‍රධාන නගරත් මේ වගේ පිරිසිදු කරනවනම් තවත් හොඳයි.

  2. කතාව ඇත්තය. බත්තරමුල්ල පාර්ලිමේන්තු පාර උද්‍යානයක් බවට පත් කර ඇත. හොද දේවල් අගය කළ යුතුය. වැරදි දේ විවේචනය කළ යුතුය. මේ හොද දෙය අගය කිරීම අගය කරමි…

  3. මේවා දිගටම ලස්සනට තියා ගන්න එකේ වගකීම තියෙන්නේ ඉතින් මහජනයාටම තමා. තමන්ගැන හිතන්නැතිව ඒවා ගැනත් හිතුවොත් මේ ලස්සන හැමදාම තියෙයි ! සටහනට කඩුල්ලට තුති !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )