එළකිරේ කතාවක්


පසුගිය සැළලිහිණි වසන්තයට  නුවරඑළියේ  ගිය මා වික්ටෝරියා පාක් එකෙන් එළියට බැස  පිවිසුම් දොරටුව ඉදිරියේ පාරෙන් අනෙක් පස පිහිටුවා තිබු  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයයේ අළවි සලට ගියේ කිරි වීදුරුවක් බීම සදහාය. එම අළවි සල වසා දමා අළවි සැලද නෙපෙනෙසේ පෙට්ටි කඩයක් විවෘතව කිබෙන අයුරු මට දක්නට හැකිවිය.

නුවරඑළියට ආසන්නයේ හැටන් කිරි ගොවීන් කිරි ලීටර් 12000ක් හැටන් නගරයට ගෙනවිත් මහා මාර්ගයට හලා දැමු බව ගිය සතියේ මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් ලෙස පලවිනි. පසුව පලවු මේ සම්බන්‍ධ තවත් ප්‍රවෘත්ති කියවන විට කිරි ගොවීන්ගේ අපතේ ගිය කිරි ප්‍රමාණය ලීටර් 12000ක් නොව ඊටත් වඩා වැඩි  බව හෙළිවිය. කිරි අළවි කරන වෙළද සැල් වසා දමා ඇතිවිට කිරි අළවි කර ගත නොහැකිව  පාරේ හලනවාට වඩා දෙයක් කරන්න නැතැයි මට සිහිපත් විය.

මා දන්නා අපේ රටේ කිරේ ඉතිහාසයෙන් කොටසක් මේ අයුරිනි.

දේශිය කෘෂිකර්මාන්තය පිලිබදව වැඩි අවධාණයක් යොමුවු 1970 – 1977 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණීයගේ පාලන සමයේ අපේ රටේ කිරි කර්මාන්තය පිළිබදව වැඩි අවධානය ලැබු යුගයක් ලෙස සදහන් කල යුතුය. ආනායන සිමා ඇති කරමින් දේශිය කර්මාන්තයට දිරි දුන් මෙම යුගයේ  සීනී නැතිව තේ බොන්නත් මිරිස් නැතිව හොදි කන්නත්  අපට සිදුවිය. මේ  නිසා මිරිස් ගොවීන් මෙන්ම උක් ගොවීන්ද අපේ රටේ බිහිවිය.

දේශිය කිරි කර්මාන්තය දිරිමත් කිරීම සදහා රජයේ මැදිහත් වීමක් ලෙස  වසර 1972 අංක  11 දරණ රාජ්‍ය කෘෂිකර්ම සංස්ථා පනත යටෙත් 1973 දී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පිහිටුවන ලදි. පශු සම්පත් සහ කිරි නිෂ්පාදන වලින් රට ස්වයං පෝෂිත කිරිමේ අරමුණත්  ගොවිපල සදහා අවශ්‍ය වන අභිජනන සතුන් අඛණ්ඩව සපයා දිම පිණිසත්, සුදුසු කාල පරිඡෙදයක් තුළ, පශු සම්පත් කටයුතු වැඩි දියුණු කිරිමත්  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පිහිටුවීමේ අරමුණ බවට පත්වී තිබුන බව සදහන්ය.   මෙකලම  කිරි මණ්ඩලය බිහිවු අතර  කිරි මණ්ඩලය ගොවීන්ගෙන් කිරි එකතු කිරීම , සහ අදාල කිරි නිෂ්පාදන, නිස්පාදන  කල සහ බෙදාහැරීමේ ආයාතනය බවට පත්වී තිබුනේය.

නාරහේන්පිට නාවල කිරිමණ්ඩල පාරේ  දේශීය කිරි නිෂ්පාදනය දියුණු කිරීමට රජය මගින් කිරි මණ්‌ඩලයක්‌ පිහිටුවා තිබිණි  එය වසර 2000 දී රජය සතු සමාගමක් ලෙස සීමාසහිත මිල්කෝ ( පුද් ) සමාගම    ස්ථාපනය කරනු ලැබු අතර, දිවයිනේ ප්‍රධානතම කිරි නිෂ්පාදකයා බවට  සීමාසහිත මිල්කෝ ( පුද් ) සමාගම ස්ථාපිත විය. දිවයින පුරා විසිරි පවතින කිරි එකතු කිරිමේ මධ්‍යස්ථාන ජාලයක් සහ අඹේවල,දිගන සහ නාරාහේන්පිට පිහිටි කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලා 03ක් සීමාසහිත මිල්කෝ ( පුද් ) සමාගම  සතුව ඇත

පශු සම්පත් කාර්යයන් හි නියැලී සිටින, පෞද්ගලික අංශයේ ආයතනයන් අතුරින් , සීමාසහිත නෙස්ලේ ලංකා සමාගම ප්‍රධාන පෙළේ ආයතනයක් වේ නෙස්ලේ ලංකා සමාගම. මිල්කො‍් සමාගමට පමණක් දෙවැනි වන දෙවන විශාලතම කිරි නිෂ්පාදකයා වන අතර, සම්පුර්ණ යොදය සහිත කිරි පිටි ඇතුළු විවිධ වර්ගයේ කිරි නිෂ්පාදන නිපදවිමේ නියැලී සිටී.

කොත්මලේ  කිරි නිෂ්පාදන , සීමාසහිත ලකී ලංකා ඩෙයරීස් ( පුද් ) සමාගම , සීමාසහිත ලංකා මිල්ක් ෆුඩ්ස් ( පුද් ) සමාගම, සීමාසහිත ‍ෆොන්ටේරා සමාගම, සැලකිය යුතු කිරි නිෂ්පාදනයක් සිදු කරන අනෙකුත් කොටස් කරුවන් වෙති. තවද, දිවයිනේ කිරි එකතු කිරිමේ සහ කිරි නිෂ්පාදන කටයුතු වල නියැලී, මධ්‍යම පරිමාණයේ සහ කුඩා පරිමාණයේ පෞද්ගලික අංශයේ සහ සමුපාකාර සමිති කිහිපයක් ද ඇත.

හැම ආණ්‌ඩුවක්‌ මගින්ම කිරි ඇමතිවරයකු පත්කරනු ලැබිණ. මගේ මතකය නිවරදි නම් සෞම්‍ය මුර්තී සහ ඇරුමුගන් තොන්ඩමාන් වරු මේ අමාත්‍ය්ංශවල 1977 න් පසු වැඩි කාලයක් ආදිපත්‍ය දරා ඇත. සී.බී රත්නායක අමාත්‍යවරයාද පසුගිය වසර කිහිපයක් මෙම අමාත්‍යාංශයේ භාරකාරත්‍වය දරා ඇත. මෙම කාලවකවාණුව තුල  බහු ජාතික කිරි පිටි සමාගම් වලින් කිරි බීවා මිස දේශීය කිරි නිෂ්පාදනය දියුණු කළ දෙයක් ඇත් දැයි සිතීමට පසුගිය වසරේ කිරිපිටි ආනයනයට රුපියල් කෝටි තුන්දහසක්‌ වැයවී මෙන් අපට සිතා ගත හැක.

කිරි පිටි නිෂ්පාදනය කරනවාට වඩා දියර කිරි  ඇසුරුම් බවට පත්කර අළවිකිරීම නිෂ්පාදන වියදම අඩු කරවන්නක්  වන අතර අද ලෝකයේ පිටිකිරි වලට වඩා දියර කිරි  භාවිතය ජනප්‍රියව ඇත.  අපේ සුපිරි වෙළද සැල්වල ශිත ගබඩා පහසුකම් ඇතිවුවත්  ගමේ ගොඩේ වෙළද සැල්වල එවැනි ගබඩා පහසුකම් නොමැත.එයට විසදුම් සෙවීමත් දියර කිරි ප්‍රචලිත කරන විට අත්‍යාවශ්‍ය වන්නේය. දියර කිරි ගැන කතා කරන විට ’පුදන කොටම කාපු යකෙක් ’  ගැන මෙසේ වාර්තා වන්නේය.

‘මිල්කෝ’ කඩා වැටෙන්නේ ඇතුළේම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ ලෙසයි
– අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි
සමන් ගමගේ

-          දිවයින 2012 මැයි මස 10 වැනිදා
මිල්කෝ ආයතනයේ කඩාවැටීම පසුපස එහි බලධාරීන් එක්‌ව ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක්‌ ඇතැයි එම ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන් කිරි ගොවීන් කලකිරීමට පත් කරවා මෙරට කිරි නිෂ්පාදන කටයුතු සහමුලින්ම වනසා දැමීමේ බහුජාතික සමාගම් අවශ්‍යතාවක්‌ ඉටුකරනු ලබන බවද පැවසේ.

මේ පසුපස මිල්කෝ ආයතනයේ ඉහළ බලධාරීන් කිහිප දෙනකුම වන බවද සඳහන් වේ.

මිල්කෝ කඩා වැටීම ආරම්භ වූයේ ඉහත බලධාරීන් එක්‌වී මීට මාස කිහිපයකට පෙර එහි සියලු වත්කම් ඇපයට තබා රුපියල් මිලියන හත්සියයක්‌ වැය කර පින්ලන්තයෙන් ආනයනය කළ දියර කිරි පැකට්‌ සකසන යන්ත්‍ර දෙකක්‌ ගෙන ඒමත් සමගින් බව තොරතුරු හෙළිවෙමින් පවතී.

එසේ තිබියදී මිල්කෝ බලධාරීන් ඉහත කී බහු ජාතික කුමන්ත්‍රණයේ තවත් පියවරක්‌ ලෙස පෞද්ගලික අංශයෙන් යළි රුපියල් මිලියන හතළිහක පමණ ණයක්‌ ගෙන මිල්කෝ කඩාවැටීමට හේතුව යන්ත්‍ර සූත්‍රවල තිබෙන අඩුපාඩු බව පවසා නැවත කිරි නිෂ්පාදන යන්ත්‍ර ගෙන්වීමට සැරසෙන බවද වාර්තා වේ.”

1973 දී අවුරුදු 15 අනාගත සැලස්මක් යටතේ කිරි නිෂ්පාදනය දියුණු කිරීමත් පිටි කිරි ආනයනය අවම කිරීමට සැලැස්මක් සකස් කර තිබු බවත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු  අධ්‍යක්‍ෂවරයෙකුගේ අදහසවිය.  විවිධ තරාතිරමේ උදවිය මේ සැලස්ම මන්දගාමීව  ක්‍රියාත්මක වීමට කරුණු කාරනා යොදන බව ඔහුගේ මතය විය.

රටක් ගැන නොසිතන තම පෞද්ගලික අභිමාර්ථය පමනක් සලකන අයත් සමග රට පෙරට යාද ?. යන්න නම් සැක සහිතය.

Cow on Kegworth canal bridge

About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )