අවුරුද්ද ගෙවුනා කියමුකෝ. කඩුල්ල අවුරුද්ද ඔන්න මෙන්න කියලා ලියාපු කතාවේ බෝධිසත්වයෝ ගැල් පන්සීයයක් අරගෙන වාලුකා කතරක් හරහා ගිය ගමනක් ගැන අසම්පූර්න කතාවක් කියලා නතර කලා.
අළුත් අවුරුද්‍දේ ඒ කතාවේ ඉතිරි කොටස ලියන්න හිතුනා.හෙට දවසට කෑම පිරිමසා ගත්තත් වතුර පිලිබද ප්‍රශ්ණයක් ඇතිවී තිබුන බවයි කතාවේ අවසානයේදී සදහන් කලේ. කළබල වුන පිරිස සන්සුන් කල බෝධිසත්ව වෙලෙදානෝ පරිසරය විපරම් කලා. ඊ තන පදුරක් නෙත ගැටුනා. අනිවාර් යෙන්ම මෙතන වතුර ඇති කියලා පූර්ව නිගමනයකට ආපු එතුමා තම පිරිසට කිව්වා මෙතන පොලොව කනිමු කියලා.
ගැල් පන්සීයකින් ආ මේ පිරිසට පැයක් හමාරක් වෙහෙසෙන කොට විශාල කැණිමක් කරන එක පහසු දෙයක් වුනා . ඒත් අවසාන මොහොතේදී විශාල ගල් පර්වතයක් හමු වුනා. ගල බිදීම අපහසු කාර්යයක් යැයි සිතා සියල් ලෝම වැඩේ නතර කලා. ඒත් බෝධිසත්ව වෙලෙදානෝ අධෛර්මත්වුනේ නැහැ. වෙහෙසට පත් උදවිය උනන්දු කර ගෙන ගල් පර්වතය බිදහෙළුවා.
මෙන්න ඇති තරමි වතුර….ඔවුන් ගේ එදා අවශ්‍යතාවයන් සම්පුර්න කරගන්නත් මතු ඒ මග ගමන් ගත්තවුන් ගේ ජල අවශ්‍යතා සපුරාගන්නත් මේ දිය කද ප්‍රයෝජනවත් වුනා.
අපි ආපහු අවුරුදු විසිනවයක් ගමන් කර තිස් වෙනි අවුරුද් දේ උදාවු සාමය දකිමින් තාමත් එතනට වෙලා කල් බලනවා. ආයෙත් කතා කරන්‍නේ පරණ කතා.මෙහෙම කතා කර කර රටක් ඉදිරියට යාද කියලා කඩුල්ල හිතනවා. සංවර්ධණය හා සමෘද්ධිය නැත්නම් සාමයෙන් පලක් නැහැ.
අපි අපිම රවටා ගන්නා කතා අතීතයේ සිටම අහනවා. කඩුල්ලට සිහිපත් වෙනවා ඩඩ්ලි සේනානායක අගමැති තුමාගේ රජය කාලේ වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත්කලා. කඩුල්ල ඒ කාලේ උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක්. කඩුල්ලගේ නාගරික පාසලේ ගොවිපලක් නිර්මාණයවුනා පාසල් වත්‍තේ එළවළු වී ගොවිතැන් කලා. අපි හරි හරියට වැඩ කලා. අස්වැන්න දැක්කා.
ඩඩ්ලි සේනානායක අගමැති තුමා බොහෝම උනන්දුවෙන් මේ වගා ව්‍යාපාරය අධීක්‍ෂණය කරමින් ව්‍යාප්ත කරන්න උත්සහා දැරුවා. එකල පලවු පුවතක ඩඩ්ලි සේනානායක අගමැති තුමා හෙලිකොප්ටරයෙන් යන ගමනකදී මානම් පතනක් පෙන්නපු රජයේ නිළධාරින් ඒ සරුවට වැවුන වී වගාවක් කිව්වාලු. එතුමා නොව රටම මේ අමන නිලධාරීන් විසින් එදා රවටා තිබුනා.
අදත් මේ ගෙවතු වගාව ගැන කියන කතා සංඛ්‍යාල්ඛණ විතරයි. කඩුල්ල ජීවත්වන ග්‍රාමසේවා කොට්ඨාශයේ එකම ගෙවතු වගාවක් වත් නැහැ. ඉතින් නිවාස දශ ලක්‍ෂයක ගෙවතු වගා දශ ලක්‍ෂයක් හැදෙයිද ?.මේ බොරු සංඛ්‍යාලේඛණ ගැන කතා කර කර ඉන්න මිනිසුන්ට නායකත්වය දෙන්න ඉන්‍නෙත් බොරු කතා කාරයෝ විතරයි.
අළුත් අවුරුද්‍දේවත් බොරු කතා කර කර ඉන් නේ නැතිව වැඩක් කරන්න සුදානම් උනො ත් බෝධිසත්වයෝ වතුර සොයා ගෙන ඒ අවස්ථාවේ අවශ්‍යතා පිරිමහගෙන අනාගතයේ එමගින් යන්නාවු අයගේත් ජල අවශ්‍යතාවය සුරක්‍ෂිත කලා වගේ වර්තමාන අර්බූදයන් වගේම අනාගත පරපුරට හට අර්බුදයන් ඇති නොවන්නත් කටයුතු කල හැකියි.
ඒත් අපිට කොයින්ද එවැනි පාලකයෝ ?. ඔවුන් ගේ පැවත්ම නිර්මාණය කර ගන්නවා මිස අපේ පැවත්ම නිර්මාණය කරන්න ඔවුන් උනන්දු වෙන්‍නේ නෑහැ. අපේ පැවත්ම නිර්මාණය කලොත් ඔවුන් ගේ පැවත්ම විනාශවෙයි කියලා හිතෙන පාලකයෝ තමයි අපිට ඉන්‍නේ .

