සිම්පල් ප්ලෑනක්.


සිම්පල් ප්ලෑනක්.

මගේ තරුණ අසල්වාසියෙකුගේ කුඩුම්බයක් බිදීයාමේ ඛෙදවාචකයක් අසන්නට සිදුවීමෙන් මට ඇල්බර්ටෝ මොරේවියා ගේ කෙටි කතාවක් සිහිපත් වුනා.

තරුනයෙක් තමන් තෝරා ගන්නා යුවතියක හා සරණ බන්ධනයේ යෙදේ.විවාහ මංගල්‍යය උත්සවය අවසානයේ මධු සමය ගත කිරීමට හෝටලයකට යයි. තරුනයා යුවතිය හා ආදර කතා බහක් ඇති කරගැණිමේ අදහසින් නිහඩතාවය බිදිමින් කතාවකට මුල පුරයි.

දිවා කාලයේදී විවාහ උත්සවයට පල්ලියේ  සහභාගිවු අමුත්තන් පිරිස දහතුනක් බව පවසන තරුනයාගේ එකී සංඛ්‍යාවට එකග නොවන යුවතිය එම ගණන දාහතර බව පවසයි .  දහතුනට එකග නොවු තරුණිය හා දාහතරට එතග නොවු තරුණයා අතර ඇවිලෙන වාග් සටන තරුණිය සැටියකත් තරුණයා ඇදෙහිත් රැයපහන් කර  මධු සමයට විරාමයක් ඇති කරයි. .මේ දෙදෙනාගේ විවාහය ඇතිවු මුල් දින යේ සිටම දෙදෙනාගේ  එකි නෙකාගේ අදහස් වලට එකගත්වයට නොපැමිණිමේ අරගලය මැදින් ප්‍රසන්න නොවු  ජීවිතය දිගින් දිගටම පවතී.

එක් දිනක විනෝදය පිණිස මුහුදේ බෝට්ටු  පදින්න යන දෙදෙනා අතර  මුහුදේදී මෙවැනිම සුළු සිද්ධියක් උදෙසා ඇතිවන සංවාදය  අරගලයක් දක්වා දික්ව  රළ පහරකට එරෙහිව බෝට්ටුව පාලනය කර ගැණීමට නොහැකිවීමෙන්  දෙදෙනොම මුහුදට වැටේ. තරුණිය මිය යයි. තරුණයා දිවි ගලවා ගණි.

මට තවත් සංවාදයක් සිහිපත්වුනා.

කාලෙකට පසු හමුවු මිතුරන් දෙදෙනෙක්  නිවී සැනසිල්ලේ කතා බහ කිරීමට අවන් හලකට ගොඩවෙනවා . ආ ගිය කතා අතර

එක් මිතුරෙක් අනෙකාගෙන්  අහනවා

“කොහොමද මේ තරම් සතුටින්  ඔබේ විවාහ ජීවිතය ගෙවන්නේ “
ඔහු  -
මම ආදරය උදෙසා වගකීම් බෙදා ගන්නවා . ඈ හට ගරු කරන්නවා.ඉතින් මට කිසිම ගාටළුවක් ඇති වෙන්නේ නෑ.

මිතුරා -

“මට විස්තර කරන්න පුළුවන්ද ?“
ඔහු -

මම මගේ ගෙදර දී තනියෙන්  ලොකු  ලොකු  දේවල් ගැන තීරණ ගන්න  විසදුම් සොයන්න කැපවෙනවා . මගේ බිරිද පුංචි පුංචි දේවල් ගැන තිරන ගන්නවා විසදා ගන්නවා.
මිතුරා -

මට හරියට තේරුනේ නෑ කියන්නකෝ උදාහරණ කිහිපයක්.
ඔහු -
පුංචි පුංචි දේවල් කියන්නේ ………

අපිටපරණ කාර් එක  විකුණලා අළුත් කාර් එකක් මිළදී ගන්න ඕනි වෙනවා

අපේ අතේ කොච්චර මුදල් ඉතිරි කරලා තියෙනවද ?

ගෙදරට අවශ්‍ය ආහාර පාන වෙනත් භාණ්ඩ මිළදි ගන්න වෙළද සැලට යන්න ඔණිද ?
නිවාඩුවකට විනෝද ගමනක් යනවද ?.

ගෙදරට ශිතකරණයක් ගන්නවද ?

නිදන කාමරය වායු සමීකරණය කරනවද ?
පරණ සෝපාව ඉවත් කරලා අළුත් එකක් මිළදී ගන්නවද ?
මාසික වියදම සහ ඇදායම අතර පරතෙරය ?
මේ වගේ සුළු සුළු ප්‍රශ්ණ  සියල්ලටම මම ඇය හා  සාකච්ඡා කරනවා ඇය ගන්නා අවසාන තීරණයට  එකග වෙනවා.
 
මිතුරා -
මොකක්ද ඔයාගේ භූමිකාව ?

ඔහු -
මම තනියෙන් තීරණ ගන්නේ ලොකු ලොකු දේවල් ගැන

මෙන්න මේ වගේ.
ජීනිවා මානව හිමිකම් කොමිසම ගත් තීරණය නිසා අපේ රටට වන බලපෑම ?.

ඇමරිකාව කොයිවෙලාවේ හරි ඉරාණය ආක්‍රමණය කලොත් ?.

අපේ රුපියල මෙහෙම අවපාත වුනොත් මොකද කරන්නේ ?

පෙරටුගාමී පක්‍ෂය නිසා ටිල්වින් සිල්වාගේ ජොබ් එක ගහලා ගියොත්  ?
මගේ බිරිද මේ වගේ දේවල් ගැන කිසිම අදහසක් පලකරන්නේ නෑ. මම කියන දේකට “හ්ම්“  කියනවා මිසක්.

ඔහු මිතුරාගෙන් යලිත් ඇහුවා.

මීට වඩා අනර්ඝ වෙනත්  පිලිවෙතක් තියෙනවද සාමයෙන් සතුටෙන් විවාහ ජීවිතේ පවත්වාගන්න.

දෙන්නාගේම  කැපවීමක් නැත්නම් විවාහ ජීවිතය සමබරව පවත්වා ගෙන යන්න බැහැ කියලා අසල්වාසි තරුණ යුවලට කියා දෙන්න කඩුල්ල  කළ  උත්සහාය පල දැරුවේ නැහැ.

ඇල්බර්ටෝ මොරේවියාගේ කතාවේ වගේ බෝට්ටු පදින්න ගිහින් මියයනවා වෙනුවට  දෙන්නාටම එකගතාවයකට එන්න බැරිව  - රණ්ඩු කර කර ජීවත් වෙන්නත්  බැරි නිසා අධිකරණයේ පිහිට පතනවා  වෙන්වෙන්න.

ඒක එයාලට සිම්පල් ප්ලෑනක්.

About these ads

2 thoughts on “සිම්පල් ප්ලෑනක්.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )