මට මේ ලිපිය මතකයට ආවේ පරණවිතානයන් මූණු පොතේ මගේපිටුවට යොමු කර තිබු මිතුරු ඇණවුමක් නිසාවෙනි. පාර්ලිමේන්තු මැතිවරණ දිනවල එක් දිනක් අහම්බයකින් හමුවු මේ මානව හිතවාදී සහෝදරයා අද කැනඩාවේ සිට රට වෙනුවෙන් කතාකරන බවක් මුණු පොතේ පලවිනි.
මට නම් මේ සහෝදරයා එක් දිනකින් අමතකවු විශිෂ්ඨ චරිතයක් විනි.
වැඩි වැඩි විග්‍රහයන් නොකර එදා මම 2009 සැප්තැම්බර් මාසේ 28 වෙනිදා මීදුමට ලියු දේ නැවත සිහි කරමින් මානව හිතවාදීන්ගේ හිත් ගැඹුරට කිදා බසින්නට යලිත් ඔබ බුරු පිටියට සහ ඌරු කොටුවට කැදවා ගෙන යමි.
ඌරු කොටුව සහ බූරුපිටිය.
කරු පරනවිතාන හිතනා අයුරින්ම අපේ පරමාධිපත්‍ය අලවි කරන මැතිවරණ ඌරු කොටු සහ බූරුපිටි බවට පත්ව තිබේ. ජේ.ආර්ගේ ධාර්මිෂ්ඨ ව්‍යවස්ථාවෙන් නිර්මාණය කල මේ තත්වයට පක්ෂ විපක්ෂ ඌරෝද බුරුවා ගසන්නෝද බොහෝ කැමැත්තෝය. මේ නරා වලෙන් ජනතාව මුදන්නට කතා කරන්නෝ හැර ක්‍රියා කරන්නෝ නම් නැත. පරණවිතානයන්ද නායකකාරකාදීන්ට හුළු එලි අල්ලා රත්නපුරය නම් ඌරු කොටුවේ ජරාව නාගෙන බුරුවා කෙලින්නට ස්වේච්ඡාවෙන් පැමිණ ඇති බව පවසයි. එසේ පැමිණියේ පුරවැසි දේශපාලන ගමනක් සබරගමුවේ රත්නපුරයෙන් අරඹනා ලෙස නායකයා උපදෙස් දුන් නිසා බවද පවසයි. දොහොත් මුදුන් දී සාධුකාර දිය යුතුව ඇතත් මේ ගමනටම පැමිණි රත්නපුර ඌරු කොටුවේ සහ බූරු පිටියේ සිටින අයියලා අක්කලා ,මල්ලිලා නංගිලා,දුවලා පුතාලාද , මචංලා ද කියා තමන්ම හදුන්වා ගත් පිරිසද පැමිණියේ ඔය කතාවම කියා ගෙන බැවින් එසේ නොකර අසා සිටිනු ලැබේ. අර මම කලින් කී කට්ටිය දැන් “සර්ලා සහ අප්පොලා,මැණිකේලා, මැඩම්ලා’වී ඇති බැවින් අළුතින් එන මානව හිතවාදීන්ට යම් ඉඩක් නිර්මාණය කර ගත හැකිවේයැයි පරණවිතාන සිතන බවකි . දැන් ඡන්දදායකයෝත් “පරණවිතාන ලා ” මෙන් කපටි සූත්තර කාරයෝ වී ඇති බැවින් කලබලවන්නට හේතුවවක් ඇතිනොවේ.
පරනවිතාන දිවයින සංහිතාවට කියනා අයුරින් පරාක්‍රම කොඩිතුවක්කු මෙසේ කියයි. “……………….මුලින් ලොකු මිනිසුන් ලගට නොව නායකයින් වැඩිය හම්බ වෙන්නේ නැති සුළු මිනිසුන් ලගට යන්න. ඔවුන් සමග කතාකල හැකි , ඔවුන්ට තේරෙන භාෂාවක් හදා ගන්න. ඒ සංවාදය ඇතුලේ අලුත් දේශපාලන ස්වර මාලාවක් මතුවේවි.එය මහා ගීතයක්සේ පසුව රටටම ඇසේවී.” – (ධම්ම දිසානායක පරණවිතානට මෙසේ කියයි. ) “නුඔ නිර්ප්‍රභූ පොඩි මිනිසුන් ළගට පයින්ම පළයං ඊට පස්සේ ඒ මිනිස්සුත් එක්ක තවත් ඇවිදපං ” මේ මා මිත්‍ර ධම්ම දිසානායක මට දුන් උපදේශයයි. මෑතකදී ගුවන් අනතුරකින් මියගිය ජනප්‍රිය ඉන්දියාණු නායකයෙකුගේ උදාහරණයක් මට ගෙනහැර පෑවේය……………………ඒ උපදේශය හරියට වැඩ කරන්නේ දැයි මම දෙතුන් පොළක පරීක්ෂා කර බැළුවෙමි.මා තෝරා ගත්තේ රත්නපුරයේ ඉතාම දුප්පත් මිනිසුන් වෙසෙන වතුකරයෙන් මැදිව දුප්පත් සිංහල දෙමළ මිනිසුන් වෙසෙනා ගම්මාන කිහිපයකි………………. ”වැඩේ හරියන බව කරු පරණවිතානට තේරෙයි.
පරාක්‍රම කොඩිතුවක්කු පතින් පොතින් ලිපි ලේඛන දේශණ තුලින් සමාජවාදී චින්තනයෙන් අප හදුනති. ඔහු තම හිතවතාට මග පෙන්වන්නේ නිර්ධන ගම්බද සුළු තේ සහ වි, එලවළු ගොවියන් , තේ ඉඩම්වල කුළි වැඩ කරනා කම්කරුවන් වැනි පංතිකයන් මුලා කරගෙන වැඩේ පටන් ගත යුතු බවයි .පරණවිතානද අත්හදා බලයි .ඹහුගේ දිනපොතේ දිනයන් වෙන්වෙමින් පිටු පිරේ. උපදේශ සාර්ථක බව පවසයි. පරාක්‍රම කොඩිතුවක්කු , ධම්ම දිසානායකත් යා යුතු පාර පෙන්වන්නේ මේ අසරනයින් මුලා කරගන උඹටත් පොරක් විය හැකි බවට ඉගියක් දෙමිනි. එක අතකින් මේ දෙන්නා අසරන මිනිසුන් බිල්ලට යොමු කරන්නේ කවියෙකු කලාකාරයෙකුට ඇති සංවේදිතාවය අමතක කර මස්කඩ මුදලාලියෙකුට මසට ගවයෙකු පෙන්නන ගොරහැඩි බ්‍රොකරයෙකු පරිද්දෙනි.මේ අත්හදා බැලීමම කල අය රත්නපුරේ ඕනෑ තරම් සිටිති. ජනතාව ‘අපි නම් ඕවාට රැවටෙයි.’ යයි මූනට නොකියුවත් කියනා බව බලයෙන් හා දූෂණයෙන් අන්ධවුවෝ නොදනිති.
සංහිතාව පුද්ගල උදාහරණද කිහිපයක් දක්වයි. මෙතෙක් රත්නපුර දේශපාලනයේ රැදී සිටින අය මානව හිතවාදි තියරිය පැත්තක තියා ඌරු කොටුවේ මඩ නා ගෙන බුරුවා ගසිමින් සිටිති. එසේ නැතිව තියරිය පමනක් ක්‍රියාත්මක කරමින් සිටියෝ සද මෙන් බැස ගොස් මානව හිතවාදීව නිවෙස්වල වැජඹෙති. ඒ පුද්ගල උදාහරණ අතර සිටින සමහරු මානව හිතවාදීව පෙරමුනේ මානව හිතවාදී බව නොමැති නිසා දැන් දැන් අලියාගෙන් ඡන්දය ඉල්ලති.එසේ හෙයින් පරණවිතානද පරණ අරක්කු අළුත් බෝතලයක දමා රත්නපුර දිස්ත්‍රික්කයේ හුදී ජනයාට බොන්න දෙන්න සුදානම් වන්නේ මේ සියල්ල අධ්‍යයන කරමින් බව මිදුමට සිතේ.
සංහිතාව තුලින් කිසිදු දිනක ඌරු කොටුව සහ බූරුපිටිය විනාශ කර ජනතාහිතවාදී මැතිවරණ ක්‍රමයකට මග පෙන්වු අදහසක් පල නොකල පරණවිතාන, මේ නරාවලේ ජරාව කන්න කොතරම් කාලයක් කාලගෝල ,දික්තල ලබන්නට කැඹුරුවා මෙන් රජගෙදරට කඹුරන්න ඇත්ද යන්න මීදුම නිකමට හිතයි. කල යුත්තේ මනාප චන්ද ක්‍රමය නම් ජරාවේ තවතවත් ගිලෙමින් දග ලන්න නොව ඉන් ජනතාව මුදවා ගන්න කතිකාවක් ඇතිකර ක්‍රියාත්මක තලයට පත් කිරීමයි .මානවහිතවාදී වන්නේ එවිට මිස, මානව හිතවාදී ලේබලයක් අලවාගෙන පජරෝ මොන්ටේරෝ, සිහිනතුල ජරාව කන්නට ඌරෙකු වීමෙන් නම් නොවේ. ජරාව කා සන්තෘප්තියට පත්වුවන්ම බලයට පත් කිරීමෙන් එක් යහපතක් සිදුවේ. උන් බඩ ගින්නේ ඉන්නා එවුන් තරමටම කෑදර ලෙස කෑම නොකන බැවින් කන ප්‍රමාණය පොඩ්ඩක් හෝ අඩුවේ.

මිතුර,ඔබේ කරුණු දැක්වීම සහ විවේචනය මම ගැඹුරින් භාර ගනිමින් සිටින්නෙමි.- කරුණාරත්න පරණවිතාන.
මානව හිතවාදයත් අරගෙන ආයෙත් මැතිවරණයකදී හමුවෙනවාද?.