පිස්සු හැදෙනවා ඇමතිතුමා !.


මේකත් කියවන්න ඕනීම කතාවක්. මාර්තු 23 වෙනිදා  දිවයින  කතුවැකිය ලියවෙලා තියෙන්නේ බන්දුල ගුණවර්ධනගේ ආර්ථික දර්ශනය ගැන කියලා එතුමාත් ආර්ථික විද්‍යාව උගන්නන්න කෙළ පැමිණියෙක්නේ. දිවයින කොහොම කිව්වත් මම 7500 ජීවත්වෙන තියරිය දාලා බලනවා.

ඩොලරය රුපියල් 123/= විතර යන රටේ පවුම රුපියල් 50000/= ට බැංකුව උගසට ගන්නවා. ඉතින් රුපියල් 7500/=ට හතර දෙනෙකුට වතුර සල්ලිවලට අරන් බීවත් මාසේ මුල් සතියේම එවර වෙන විත්තිය ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දෙවිවරුන්ට දැනෙන්නේ නෑ.

අපි ඇමති තුමා ගැන දිවයින කියන එකත් කියවමු…………………………
අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ආර්ථික දැක්‌ම කොතරම් උසස්‌ මට්‌ටමකට පත්ව ඇද්ද යන්න පසුගියදා එතුමන් විසින් කරන ලද කතාවකින් පැහැදිලි වී තිබේ. තුන්දෙනකුගෙන් යුතු පවුලකට රුපියල් 7,500 ක ආදායමකින් මාසයක කාලයක්‌ ජීවත් විය හැකි බව එතුමා කියා ඇත. මේ උතුම් ප්‍රකාශයට ජනමාධ්‍ය ඔස්‌සේ එතරම් පුළුල් ප්‍රචාරයක්‌ ලැබුණේ නැත. ගුණවර්ධන මහතා කෙරෙහි ජනමාධ්‍ය තුළ කිසියම් ඉරිසියාවක්‌ ඇති බව එයින් පෙනී යයි.

රුපියල් 7,500 කින් තුන්දෙනකුගෙන් යුතු පවුලක්‌ ජීවත් වන්නේ කෙසේද? අපගේ වැටහීම අනුව එය ක්‍රම කිහිපයකට කළ හැකිය. ඒ මෙසේයá

1. රුපියල් 7,500 බැංකුවක තැන්පත් කර එම පවුල පිටකොටුවේ බෝගහ යට හෝ ඉස්‌ටේසම ඉදිරිපිට උපවාසයක්‌ ආරම්භ කළ යුතුය. එවිට දවස්‌ තුන හතරක ඇවෑමෙන් එම පවුල නිරාහාරව සිහිසුන් වූ කල ඔවුන් ගෙන ගොස්‌ රෝහල්ගත කර සේලයින් ලබාදී ප්‍රතිකාර කරවීමට පොලිසියට පුළුවන. එහෙත් ඒ ක්‍රමයට ඇත්තේ සති දෙකක පමණ පැවැත්මකි. ඉතිරි සති දෙක ෂේප් වීමට නම් තවත් උපවාසයක්‌ කළ යුතුය.

2. රුපියල් 7,500 ක මුදල දවසට 10% පොලිsයට දීමට එම පවුලට පුළුවන. එවිට දිනකට රුපියල් 750 ක්‌ පොලී ලැබේ. එයද ගොඩ යා හැකි ක්‍රමයකි.

3. රුපියල් 7500 ක්‌ රැගෙන බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාගේ ගෙදර ගොස්‌ පදිංචි වීමට මේ පවුලට හැකිය. අනතුරුව එම මුදල එතුමාට පරිත්‍යාග කරනු ලැබේ. එවිට ඒ මුදල එතුමාගේ මාසික වියදම් සල්ලි සමඟ “ෆූල්” කර වියදම් කළ හැකිය. එවිට “මෙහෙයුම් ගාස්‌තු” හෙවත් ලයිට්‌ බිල්, වතුර බිල්, ගෙවල් කුලී යනාදිය බන්දුල ගුණවර්ධනයන්ගේ මෙහෙයුම් වියදම්වලටම එකතුවන බැවින් රුපියල් 7,500 න් ජීවත් විය හැකිය.

මේ ක්‍රම 3 හැරුණු විට රුපියල් 7,500 ක මාසික ආදායමක්‌ ඇති පවුලකට ණය නොවී ජීවත් විය හැකි ක්‍රමයක්‌ සිතා ගැනීමට අපට නම් හැකිය. මාසික ආදායම රුපියල් 7,500 ක්‌ වන පවුලක්‌ කුලී ගෙයක ජීවත් වන්නේ යෑයි සිතමු. ලයිට්‌ වතුර පහසුව ඇති නිවසක්‌ රුපියල් 5,000 කට මාසික කුලියට ගැනීමට හැකිනම් එය වාසනාවකි. (ඒකටත් රුපියල් 1,20,000 ක හෙවත් මාස 24 ක අත්තිකාරමක්‌ බැඳිය යුතුය.) එවිට රුපියල් 2,500 ක්‌ ඉතිරිය. ගෙදර පියා හෝ මව රැකියාවට යන්නේ නම් බස්‌ ගාස්‌තුව සඳහා රුපියල් 1,500 ක්‌වත් අයින් කළ යුතුය. ලයිට්‌ බිල සඳහා රුපියල් 1,000 ක්‌ අයින් කළ යුතුය. එවිට රුපියල් 7,000 ඉවරය. එතැන් සිට ඒ පවුල නිරාහාරව, නිරුවතින් සිටිය යුතුය. ආහාර ගෙන ඇඳුම් ඇඳගෙන ජීවත් වීමට ගියොත් ඒ පවුලට ගෙවල් කුලී ගෙවීමට නොහැකි වන අතර ගෙවල් හිමියා විසින් පාරට ඇද දමනු ලැබීමට ලක්‌වේ. ගෙවල් කුලී ගෙවුවොත් ලයිට්‌ බිල හා වතුර බිල ගෙවීමට බැරිය. මේ නිසා බන්දුල ගුණවර්ධන මහතාගේ ගෙදර පවුල පිටින්ම පදිංචියට නොගොස්‌ මේ ප්‍රශ්නය විසඳීම උගහටය.

සාමාන්‍යයෙන් මෙබඳු කතා කියන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ලක්‍ෂ්මන් කිsරිඇල්ල වැනි මන්ත්‍රීවරුය. ඕනෑම ගොනකුට යුද කළ හැකි බව කීවේ එතුමාය. එමතුද නොව ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක්‌ ගෙන ඒම ආණ්‌ඩුවේ වරද නිසා වූ බව කියමින් පසුගියදා එතුමා දුක්‌ විය. ඔව්· ආණ්‌ඩුව වරදක්‌ කළා තමයි. ඒ වරද තමයි ත්‍රස්‌තවාදීන් පරදවා යුද්ධයෙන් ජය ගැනීම. එ.ජා.ප. ය බලයේ සිටියේ නම් මේ වරද කවදාවත් සිදු නොවන අතර ශ්‍රී ලංකාව රටවල් දෙකක්‌ බවට පත්වී දේශසීමාවලට මරාගැනීම පමණක්‌ සිදු වන්නේය. සමහර විට බන්දුල ගුණවර්ධන මහතා මෙවැනි ආර්ථිsක දර්ශන ඉදිරිපත් කරන්නේ එ.ජා.ප. යේ පරණ පුරුද්ද අනුව විය යුතුය. අනේ වාසනාවන්· මේ මට්‌ටමින් සිතිය හැකි ඇමැතිවරුන් 10 ක්‌ හිටියා නම් ජිනීවා නඩුවට ගෙන යන්නට තරම් රටක්‌ ඉතිරි වන්නේ නැත.

පිස්සු හැදෙනවා ඇමතිතුමා !.

About these ads

3 thoughts on “පිස්සු හැදෙනවා ඇමතිතුමා !.”

  1. //පළමුවැනි වතාවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාවක්‌ ගෙන ඒම ආණ්‌ඩුවේ වරද නිසා වූ බව කියමින් පසුගියදා එතුමා දුක්‌ විය//

    යුද්ධ කථාව කෙසේ වෙතත් මේ කථාව 100%ක් නිවැරදියි , එක්සත් ජාතින් ඉදිරියේ යෝජනාවක් ගෙනත් තියෙන්නේ කොටින්ට විරුද්ධව යුද්ධ කලා කියල නෙවෙයි , කාටවත් එහෙම යෝජනාවක් ගේන්නත් බෑ , රජය ම දාපු උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලයි යෝජ්නාව , ඔබතුමා වගේ වැඩිහිටියෙකුට ඔය ඩිංග නොතේරෙන එක ගැන කණ්ගාටුයි . ඒ වගේම ඔය යෝජනාව එන එක වලක්වන්නත් , තුන්වන කරුණ ඉවත් කරගෙන යෝජනාවේ සැර බාල කරගන්නත් ඕනි තරම් අවස්ථාව තිබුනා බොරු චණ්ඩි පාට් අමතක කරල උපායශිලිව වැඩ කලා නම්

    ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියන කථාවේ අර්ථය ඒ විදිහටම නොගෙන ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් කරපු කතන්දරය , ඒ කියන්නේ යුද්ධ කිරීමට වඩා සාකච්ඡාමය ක්‍රියාමාර්ග අසිරුයි කියන එකත් අසත්‍යක් නෙවෙයි , විශේෂයෙන්ම ප්‍රභාකරන් වගේ විකෘති සත්වයෙක් එක්ක . සාකච්ඡාවෙන් ප්‍රභාකරන් විසඳුමකට ගෙන්න ගන්න එක සිහිනයක් වුනත් ප්‍රභාකරන්ව ඔහුගේ සමාජය තුලම විරයාගේ භූමිකාවෙන් පහල දාන්න සාකච්ඡාව භාවිතා කරන්නත් හැකියාව තිබුනා (මේක මගේ පෞද්ගලික අදහසක් පමණයි ) , කරුණා අම්මාන් වගේ තව කිහිප දෙනෙක් ගැලවුනා නම් ප්‍රභාකරන් ට යන එන මන් නැතිවෙනව

    ජනතාවට ආතල් දෙන්න(බන්දුල ,එස් .බී ) , නිල ප්‍රකාශ නිකුත් කරන්න (ලක්ෂ්මන් යාපා ), ජිනිවා යවන්න (සමරසිංහ ) ආදි වශයෙන් හැමදේකටම මහින්ද මහත්තයා යොදා ගන්නේ අලියගෙන් පැනපු උන් තමයි !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )