රජයට එරෙහිව කටයුතු කරන රජය ඝාතනය කරන්නට මාන බලන ඝාතකයෝ සිටී යයි මතයක් ප්‍රචලිත කරන මාධ්‍යාචාරීන් කොට්ඨාශයක් සිටින බව මේ දිනවල අහන්නට ලැබෙන්නකි. එලෙස ප්‍රචාරය කරන මාධ්‍යාචාරීන්ද රජය නැත්තටම නැති කරන්න තතනන පුර්චාචාරීන් කොටසක් ලෙස සටහන් කල යුතුවේ.
ඇස් නොපෙනෙන්නේනම් පෙනෙනා අය නොපෙනන ඇත්තෝ නිසි මග රැගෙන යායුතුවුවත් බොරු පූචානම් කියමින් රජය අගාදයටම රැගෙන යන පිරිසක් සමග මේ රජය කටයුතු කරන බව රාජපාක්‍ෂිකයෝ හදුනා ගනිමින් සිටිති.
මේ ඒ සම්බන්ධව විවරණයක් නොවුවත් කිසියම් උදාහරණයක් ලෙස ගත හැකි තවත් වැඩවර්ජණයක් සම්බන්‍ධ ප්‍රවෘත්තියකි. විශ්ව විද්‍යාල ඇදුරන් අධ්‍යයන කටයුතු වලින් ඉවත්ව තර්ජණය කරන තුරු ඇස් නොඇරුන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් පසුව වැටුප් වැඩිකර ඔවුන්ට ලැබිය යුතුව තිබු ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කලේය.
දෙන්න තියෙනා දේ දෙන්නට පොල්ලක් රැගෙන ණය ඉල්ලන්න එන පොලීකාරයෙකු සේ ගන්න තියෙනා අය එනතෙක් ආණ්ඩුවක් හැසිරිය යුතු නැත. කිසියම් ක්‍ෂෙත්‍රයක යම් අඩුපාඩුවක් ඇත්නම් එය නිසි පරිදි සම්පුර්ණ කිරීමට නොහැකි නම් ඉහල පරිපාලනයක් පැවතිය යුතු නැත. විෂයය භාර ඇමතියෙකු අවශ්‍යද නැත. ජාතික ආදායමෙන් ඉහලම ප්‍රතිශතයකින් නඩත්තු කරන මීහරකුන් රැලක් සිටිනා රටක වර්ජන සත්‍යග්‍රහ උපවාස දිනපතාම ඇතිවෙන බව දකින්න ලැබීම පුදුමයක් නොවන අතර මේවා NGO කුමන්ත්‍රණ ලෙස හදුන්වා ජනතාව රවටා තබා ගැනීමට හැමදාමත් නොහැක.
විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල තම වැටුප් විශමතාවයක් ඇති බව කලක සිට පවසන්නකි. ආණ්ඩුවට පක්‍ෂ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ද ඇතුළුව
වෘත්තීය සමිති දහසයක (16) දොළොස් දහසක් (12000 ) පමණ වන සාමාජිකයන් හට
වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව සමග දින 14 ක් ඇතුළත විසඳුමක් ලබාදෙන බවට දුන් පොරොන්දුවුවද එම පොරොන්දුව කඩවූ හෙයින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බව සමාජකයන්ගේ හඩ බවට පත්ව ඇත.
පසුගිය මස 26 වැනිදා ද සංකේත වැඩවවර්ජනයක නිරත වූ මෙම සාමාජිකයෝ පසුගිය 2 වැනිදා සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ප්‍රකාශකර සිටියත් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්‌ථාවක් ලබාදුන් හෙයින් එම ක්‍රියාමාර්ගය අත්හැර දැමූහ. නමුත් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශයන් හා දින 14ක් ඇතුලත පොරොන්දුවු පරිදි විශ්ව විද්‍යාල කොමිෂන් සභාව කටයුතු නොකල නිසා සේවකයෝ වැඩවර්ජණයකට අවතීර්නව ඇත.
මෙ ලෙස වැඩවර්ජනය කිරීම සාධාරණ නොවන්නේද ?.
තමන් අතින් ඉටුවිය යුතු දේ ඉටු නොකරන විශ්ව විද්‍යාල කොමිෂන් සභාව චක්‍රලේඛ අංක 890 අනුව වර්ජනයේ යෙදෙන සේවකයන්ගේ වැටුප් කපා හරින ලෙස සියලුම උපකුලපතිවරුන්ට, පීඨාධිපතිවරුන්ට හා ලේඛකාධිකාරීවරුන්ට උපදෙස් දී ඇත. මෙය සේවකයින්ගේ ප්‍රශ්නය විසදීමට ගන්නා ක්‍රියාමාර්ග නම් රජය පවසන පරිදි රාජපක්‍ෂ ආණ්ඩුව විනාශ කරන්නට තතනන ඝාතකයෝ සහ NGO කාරයෝ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ ඉහල පරිපාලනයේ සිටිනා බව ජනතාව හදුනා ගත්තත් රාජපක්‍ෂ ආණ්ඩුව තම අවසාන මොහොත තෙක් හදුනා නොගන්නවා ඇත.