සබරගමුවෙන් පින්කමක්.

සබරගමුවෙන් පින්කමක්.

කඩුල්ලට හොදක් දැක්කත් ඇදක් නොපෙනන දවසක් නැත. ඒ කඩුල්ලේ කිසියම් වපරයක් නිසාවෙන් විය යුතුය.

සබරගමුව සෞඛ්‍ය දේශිය වෛද්‍ය හා වනිතා කටයුතු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි වනිතා කටයුතු අංශයේ ව්‍යාපෘතියක් ලෙස සබරගමුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සදහා ඖෂධ බහාලන කවර නිෂ්පාදනය කර නොමිලේ ලබා දෙන ව්‍යාපෘතියක් ඇති බව මෙම ඡායාරූප  දෙක  දෙස බලන විට ඔබට  පැහැදිලි වේ.

බලන්න මේ සත්ක්‍රියාව  එතුමා  මතු ආත්මයක නිවන් දකින්න තරම්  පින් ලබන ක්‍රියාවක්නේ !. රෝගීන් හට පත්තර කඩදාසියක් උණ්ඩි කර දුන් බෙහෙත් පොට්ටණියට වඩා සුරක්‍ෂිතව මේ කවරයේ පැහැදිලිව බෙහෙත් ගන්නා අයුරුත්  සටහන් කර ගෙන යන්න සකස් කරදීම පිනක් නොවන්නේද ?

වනිතා කටයුතු අංශයේ ව්‍යාපෘතියක් වු මේ වැඩෙන් වනිතාවන් කීදෙනෙක් බත සරිකරගන්නේද ?

මහින්ද චින්තනයේ මෙවැනි දේවල් සටහන් නූවත් මහින්ද චින්තනය යටතේ කරන ලද්දක් ලෙසත් සටහන්ව ඇති නිසා කවරයේ යටම පේලියේ දුර කතන අංක දෙකකටම කතා කර පින් අනුමෝදන් කිරීම නම් සබරගමු පලාතේ රෝගීන්ගේ යුතුකමක් බව නොකියාම බැරිය. මේ සදහා සුදුසුම කාලය 2013 දී උදාවෙනු ඇත.

 

රජයේ මුදලින් මුද්‍රණ වියදම් සදහාද වියදම් කර මේ ව්‍යාපෘතියෙන් අනියම් ප්‍රචාරයක් බලාපොරොත්තු නොවු බව කරුණාවෙන් සලකන්න

2 Responses