රොබර්ට් නොක්ස් විසින් 1681 දී රචිත ”ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් සිලෝන් , ඉන් දි ඊස්ට්-ඉන්ඩීස් ‘ ග්‍රන්ථයට සිතුවම් කල මේ පින්තුර පෙලකි. මෙම ග්‍රන්ථයෙන් විදේශිකයෙකුගේ ඇසින් දෙවන රාජසිංහ රජුගේ පාලන සමයේ ජන ජීවිතය කියවිය හැකිය.
රොබර්ට් නොක්ස් 1641- 1720 කාල වකවානුවේ බ්‍රිතාන්‍යය නැගණහිර වෙළද සමාගමේ නැව් කපිතාන් වරයෙක් ලෙස සේවය කල ඉංග්‍රීසි ජාතිකයෙකි. ඔහුගේ පියාද රොබර්ට් නොක්ස් ලෙස හදුන්වන අතර 1692 දී පිය පුතු දෙදෙන එකම නැවක සේවය කරමින් මදුරාසියේ සිට බ්‍රිතාන්‍යය බලා යන අතර වාරයේදී කුණාටුවකට අසුව ලංකාවේ නැගණහිර මුතූර් වෙරලට ගොඩ බසින්න සිදුවිය. මෙම අවස්ථාවේ ලංකාව පාලනය කල දෙවන රාජසිංහ රජුගේ අත් අඩංගුවට පත් මොවුන් සහ නැවියන් 17 දෙනෙකු මහනුවරට කැදවා ගෙන ගොස් ඇත. මෙම පිරිසට ලංකාවෙන් පිටවීමට තහංචි පැනවු අතර මහනුවර නිදහසේ ජීවත්වීමට දෙවන රාජසිංහ රජුගෙන් වරම් ලැබී ඇත.
රොබර්ට් නොක්ස් පියා මේ අතරවාරයේ මියගිය අතර ලංකාවේ වයඹ වෙරල තීරයේ පැවති ඕලන්ද ජනාවාසයක් වු “අරිප්පුව” ට පැන ආ රොබර්ට් නොක්ස් ලංකාවෙන් පිටමන්ව 1680 දී නැවත නැගනහිර ඉන්දියා වෙළෙඳ සමාගමෙහි සේවයට එක්වී පසුකාලයේ බ්‍රිතාන්‍යයට ගොස් ඇත.
මෙම ග්‍රන්ථය ඩේවිඩ් කරුණාරත්න මහතා අතින් සිංහලට පරිවර්තන වී “ එදා හෙළදිව” නමින් මුද්‍රණයෙන් ප්‍රසිද්ධවී ඇත.
රොබර්ට් නොක්ස්ගේ එදා හෙල දිව පොතෙන් උපුටා ගන්නා ලද මේ පින්තූර - මෙය ප්‍රභූවරයෙක් ආදාහණය කරන අයුරු නිරූපනයකරන්නක්













watina wadak..