අපේ කමට අපි අපිට උදව් කරගන්න අවස්ථා ඔන තරම් තියෙනවා. මොකක් හරි වැරද්දක් වුනහම පරණ කෝන්තර ඔක්කොම අමතක කරලා අපේ කමට එකතු වෙනවා.
මේ අපේ කමට පුංචි ආරක්‍ෂාවක්. අපේම ආරක්‍ෂාව ඉන්න පොලිසියෙනුත් අපට ආරක්‍ෂා වෙන්න සමහර විට සිදධ වෙනවා.
- අපි පාරේ යන විට මොන යම් හේතුවකට හෝ ඔබව පරික්‍ෂා කරන්න පොලිස් නිලධාරියෙකු උත්සහා කලොත් ඔබට නොනැවතී යන්න පුළුවන්. තනි පොලිස් නිලධාරියෙකුට එසේ කිරීමට අවසර නැහැ. අඩුතරමින් දෙදෙනෙකුවත් ඉන්න ඕනි ඔබව පරීක්‍ෂා කරන්න.
- තනි පොලිස් නිලධාරියෙකුට ඔබගේ රියදුරු බලපත්‍රය රදවා ගැණිමත් තහනම්.
- ඔබ වාහනයක ගමන් කරන විටක ඔබේ ජාතික හැදුනුම් පත විතරක් පරීක්‍ෂා කරන්න තනි පොලිස් නිළධාරියෙකුට පුළුවන් වාහනය සම්බන්ධ රක්‍ෂණ බලපත්‍රය, වාර්ෂික ලිප . බලපත්‍රය වෙනත් ලියකියවිලි ඉල්ලා සිටින්නට අයිතිය ඇත්තේ traffic police රථවාහන පාලක පොලිස් නිළධාරියෙකුට විතරයි.
- traffic police රථවාහන පාලක පොලිස් නිළධාරියෙකුට වුනත් ඔබට දඩයක් නියම කිරීම හෝ චෝදනා ඉදිරිපත් කරන්නට නොහැකියි. අඩුම තරමේ තවත් පොලිස් නිලධාරියෙකු සිටිය යුතුමයි. තනි පොලිස් නිළධාරියෙකු ඔබට එරෙහිව කටයුතු කිරීමට සාක්‍ෂි කරුවෙකු අවශ්‍යයයි. සාක්‍ෂිකරුවා පොලිස් නිළධාරියෙකුම වියයුතුයි.
- පොලිසිය සාමය ආරක්‍ෂා කරන අයාතනයක්. ඔවුන්ට බැටන් පොල්ලකට වඩා ආයුධයක් භාවිතා කරන්න බැහැ. ඒවුනත් පසුතිය තිස්වසරක යුද්ධය නිසා පොලිසියට තුවක්කු ලබාදීමට අධිකරණමය නියෝගයක් ලබා දී තියෙනවා. ඔබට තුවක්කුවක් දික් කර පොලිස් නිළධාරියෙක් බලපෑමක් කලොත් ඔහුට එරෙහිව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් තියෙනවා.
- ඔබ බීමතින් රියපදවනවා යයි පොලිස් නිළධාරියෙක් චෝදනා කළහොත් බැලූන් පරීක්‍ෂාවක් කරමු යයි යෝජනා කරන්න ඔබට අයිතියක් තියෙනවා. ඔවුන් සතුව බැලූන් පරීක්‍ෂාවක් කිරීමට අවශ්‍ය උපකරණ නැත්නම් ඔබට එවැනි චෝදනාවක් කිරීමට අයිතියක් නැතිව යනවා. ඔබට යන්න අවසර තියෙනවා.
- අධිකරණයකින් ලබා ගත් ලිඛිත නියෝගයක් නැත්නම් ඔබේ නිවසට රැකියා ස්ථානයට ඇතුළුවීමට පොලිස් නිළධාරියෙකුට බැහැ. ඔබට එවැනි ලිඛිත නියෝගයක් ඉල්ලා සිටිය හැකිය. ලිඛිත නියෝගයක් නොමැති නම් ඔබේ නිවසට රැකියා ස්ථානයට ඇතුල්වීම ප්‍රතික්‍ෂෙපකිරීමේ අයිතිය ඔබට ඇත.
- ඔබ වාහනයක් පැදවීමේ දී මාර්ග නීති උල්ලංඝණය කර ඇත්නම් ඔබ විසින් කර ඇති වැරැද්දේ ස්වභාවයත් දණ්ඩ නීති සංග්‍රහය අනුව නීතිය උල්ංඝණය කර ඇති අන්දම ඔබට පහදා දිය යුතුය. එසේ නැතිව traffic police රථවාහන පාලක පොලිස් නිළධාරියෙකුට වුවත් ඔබගේ රියදුරු බලපත්‍රය ඔහුගේ සන්තකයට ගත නොහැක.
- traffic police රථවාහන පාලක පොලිස් නිළධාරියෙකු ඔබගේ රියදුරු බලපත්‍රය ඔහුගේ සන්තකයට ගෙන එය රැගෙන ඒමට පොලිසියට ඒමට නියෝගයක් දුනහොත් ඔබට ඉහල පොලිස් ප්‍රධාණින්ට පැමිණිලි කිරීමට හැකිය. එම පැමිණිල්ල එම නිළදාරියාගේ නොහික්මුණු හැසීරීම සහ දුරාචාරය ගණයට වැටෙන වැරද්දක් ලෙස විභාගයට ගත හැකිය.
- ඔබ කාන්තාවක් නම් කාන්තා පොලිස් නිලධාරිණයක නොමැතිව පොලිස් නිලධාරියෙකුට ඔබගේ නම, ලිපිනය, හැදුනුම්පත ,දුරකතන අංකය ඉල්ලා සිටිය අවස්ථාවක එම ඉල්ලීම් ඉටු නොකර සිටීමට ඔබට හැකිය. පොලිස් නිලධාරියෙකුට ඔබව අත් අඩංගුවට නොහැකිය. එවැනි අවස්ථාවක පොලිස් නිලධාරිණයකගේ සහය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත.






