ඊසොප්ගෙන් තට්ට කතාවක්.

ඊසොප් ගේ උපමා කතා අපි  අසා  ඇත්තෙමු. කොතෙකුත්ඒ කතා අසා ඇතත් නැවත නැවතත් එකම කතාව වුනත් ඒ කතාවක් නැවුම් බවකින් අසන්නට අප කැමත්තෙමු.

උපමා කතා ජන සාහිත්‍යයේ අංගයක් වන අතර සැබැවින්ම සාමාන්‍ය ජීවිතයේ පැවත්ම පිළිබදව උපමා කතාවෙන් නිරූපනය වන බව පැහැදිලි වන්නකි.මේ ඊශෝප් කතාව ගෙතෙන්නේ බොරු කොණ්ඩා කාරයෙකුට වු ඇබැද්ධියක් වටා .

බොරු කොන්ඩා පැලදීම  නුතන මෝස්තර අතරට එක්වී ඇති අළුත්ම මෝස්තරයක්. කොණ්ඩයතිබුනත් බූ ගාගෙන තට්ට හිසට මෝස්තර කොණ්ඩ පලදින අයත් ඉන්නවා. මෙ යුගයේ ඒ තට්ටයෝ  ගමන් කරන්නේ අශ්වයෝ පිට නොවෙයි.  වාත වේගයෙන් යන යකඩ අශ්වයෝ පිට. හෙල්මටයන් පැළද ගෙන යාම අනිවාර්ය නීතියක් නෙවෙන්නට මේ තට්ටයන්ගේ කොණ්ඩත්  මහ මගදී අපිටත් අහුලා ගන්න පුළුවන් වෙනවා.

ඊසොප් ජීවත් වු යුගයේ  යකඩ අශ්වයෝ හිටියේ නැහැ.  වේගවත් ගමනකට අශ්වයෝ යෝදා ගත් බව අප දන්නවා.

ඊසොප් දින පොතට කතා එකතු කරමින්  විමසිල්ලෙන් ඉන්නා දවසක,  තට්ට හිසක් ඇති තරුණයෙක් තමන්ගේ හිසට නොසරිලන ලොකු ඔළුවක් ඇති තට්ට මිත්‍රයෙකුගේ බොරු කොණ්ඩයක් පැලදගෙන විදුලි වේගයෙන් අශ්වයෙකු පිට යන අයුරු දැක්කා.   ඊසොප් ගේ ඉවට අද නම් හොද නිර්මාණයක් ලැබේයයි විමසිල්ලෙන් මේ තරුනයාගේ ගමන දෙස අවධානයට යොමු වුනා. මේ තරුණයාගේ අශ්වයා පිට යන වේගය දෙස බලා සිටින ඊසොප්ට  ඔහුගේ බොරු කොණ්ඩය  සුලගට ගසා යන අයුරු දැක්කා.

මේ අපුරු දර්ශණය ඊසොප් හැර තවත් කොල්ලෝ රෑනකගේ ඇසට ලක්වුනා. කොල්ලන්ට මේක නියම දර්ශණයක්. කොල්ලෝ  මහ හඩින් සිනාවෙමින් අත්පුඩි තලමින්  අසරුවා සමච්චලයට පත්කලා. අසීරුවට පත් අසරුවා  අශ්වයා නතර කර අසු පිටින් බැස කොල්ලන් ලගට එනු දුටු ඊසෝප් මොකක් හරි ගැටුමක් ඇතිවේයයි අනුමානය කලා.  ඊසොප් පිරිස අතරට පැමිනියේ ගැටුමක් ඇතිවුවහොත් එය සමථයකට පත් කරන අන්දම සිතිවිල්ලකට නගමිනි.

ඒත් කොල්ලන් ලගටට පැමිණි තරුණයා බොහෝම සන්සුන්ව  “බලන්නකෝ මගේ ඔළුවේ මේ කොණ්ඩය රදවා තියෙන එක පුදුමයක්යැ .. මේක වැඩුණු ඔළුවෙවත් මේක රදව ගන්න මේ කෙස් ටිකේ අයිතිකාරයට බැරිවුන එකේ  ?.” කියා සිද්ධිය ගාණකටවත් නොගෙන බිම තිබු බොරු කොණ්ඩය අහුලා ගෙන නැවතත් හිසේ පැළද ගෙන තමන් ආ ගමන පිටත්වී ගියා.

ගැටුම සමථයකට පත් කරන සිතිවිල්ලෙන් මිදුන ඊශෝප් තම සටහන් අතරට මෙන්න මේ අදහස  එකතු කර ගන්න හිතේ සටහන් කර ගත්තා .

“අපි උපදින්නේ ඇගේ නූල් පටක්වත් නැතිව.අපි මේ ලෝකේ අත්හැරයන්නෙත්  මේ මොනවත් අරගෙනත් නෙමෙයි. අපිට උපතින්ම උරුම නොවු දේවල් ස්ථිර වස්තුන් වෙන්නේත් නෑ.  කොණ්ඩය හුළගේ ගියා වගේ අහඹු සිදුවීම් අපේ ජීවිතේ  ඕන තරම් වෙනවා. ඒවගේ අවස්ථාවල අපි පශ්චාතාප ‍වෙන්නේ ඕන නැහැ. කලබල වෙන්න ඕනත් නැහැ.” 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )