නඩු අහල මරණ එකත් මිණිමැරුමක්.

නස්‌රුදීන් කලින් කලට  විවිධ භුමිකා වන් වල ජීවත් වන බහුශුත්‍රයෙකි. මේ කියන කාලය වන විට ඔහු දේශකයෙක්‌  ලෙස ගමක්‌ ගානේ ගොස් දේශන පවත්වමින් සිටියා. මෙසේ දේශණ පවත්වමින් යන විට  එක ගමකදී ඔහු අධිකරණයෙන්   වරදකරුවෙකුවී මරණ දඩුවම නියමවුණ වරදකරුවෙක්‌  ඝාතනය කිරීම සදහා  ඝාතනාඝාරයට  කැඳවාගෙන පෙරහරක් හමුවුනා.

නස්‌රුදීන්ටත්  මෙම පෙරහරට එක්වී ඝාතන ස්‌ථානයට ඇදෙන මිනිසුන් සමග  මරණකරු  දඩුවම විදින අන්දම  බලාගන්න යාමට සිතක් පහලවුනා .  නස්‌රුදීන් පෙරහැරට එක්වී යන අතර ඔහු මේ අවාසනාවන්ත වරදකරු දිහා බැලුවා. ඔහුගේ ශරීරය සම්පූර්ණයෙන්ම වදමල්වලින් සරසල හිසෙත් වදමල් ඔටුන්නක්‌ පළඳවලා. ඔහු ගියේ හරිම අපහසුවෙන්. ඔහු දැඩි ලෙස මරණයේ  වේදනාවෙන් පෙළෙන බව නස්රුදීන්ට තේරුම් ගියා .

නස්‌රුදීන් කල්පනා වුනා  මේ අසරණයා එකපාරටම මරණයට පත් නොකර ඇයි මේ විදියට වද දෙන්නෙ කියල.දැන් පෙරහැර වධකාගාරයට ලංවෙලා. වධකාගාරය අසල විශාල පිරිසක්. ඒ අතර දේශකයෝ කිහිප දෙනෙක්ම මේ වරදකරු ගැන දේශනා පවත්වනවා. මේ දේශකයෝ හැමදෙනාමත් වරදකරුගේ දඩුවම සාධාරණිය කරමින් දේශණ පවත්වනවා.   දේශකයෙක්‌ ලෙසට ප්‍රසිද්ධවු  නස්‌රුදීනුත් දේශණයක් කරන්න අවසර ඉල්ලා ගත්තා.

ඔහු දේශණය පටන් ගත්තා.

“ මිනී මැරීමේ ක්‍රම කීපයක්‌ම තියෙනවා.මෙන්න බලන්න එකක්
ක්‍ෂණික කෝපය නිසා මිනිස්සු මිණිමරනවා. තව එක් කුමයක් තමයි  තමුන්ට කවුරුවත් බලවත් අතවරයක් කරන්න ආවොත් තමන්ගේ ආත්මාරක්‍ෂාවට කියල බයටම අනෙකා මරාදානවා.  සමහරු සැලසුම් කරලා කුමන්ත්‍රණය කරල ප්‍රතිවාදියා මරනවා. මීට වඩා වෙනස් මිණිමැරුම් අධිකරණයෙන් කරනවා. නඩු අහලා වැරදි කාරයා වුනාම වැරැද්දේ ප්‍රමාණයට මරණ දඩුවම නියම කරනවා. මේ කොයි කුමයෙන් කලත් කරන්නේ මිණිමැරීමක්.

දේශණය අහගෙන හිටපු ශ්‍රාවකයෙක්නස්රුදීන් ගෙන් ප්‍රශ්නයක් ඇහුවා .
“එතකොට ඔය හතරෙන් වඩාත්ම භයානක එහෙම නැත්නම් වැඩිදෙනෙක්‌ම ප්‍රාණගාත පාපය සිදු කරගන්නා මිණීමැරීම  මොකක්‌ද?”

“නඩු අහල මරණ එක.”  කියලා උත්තර දුන්න  නස්‌රුදීන්    දේශණය නතර කරලා  වධකාගාරයෙන් නික්මිලා යන්න ගියා  .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )