පාන් කියාගන්න බැරි කතා.

පාන් කියාගන්න බැරි කතා.

අපිට පාන් කියාගන්න බැරිවෙලාවල් තියෙනවා.

බැරිවෙලාවත් කඩුල්ලී පාන් රාත්තලක් දැක්කොත් බෙරිහන් දෙන්නේ ත්‍රස්තවාදියෙක් දැක්කා වගේ. සටන් විරාමයක් ඕන නිසා කඩුල්ලට පාන්  කියාගන්න බැරි උනත් පාන් පෙත්තක්වත් ගෙදර හතර මායිමට ගේන්නේ නෑ.  බඩගින්නක් ඇතිවෙලා බැරිම තැන පාන් කන්න උනොත් එදාට ගෙදර ඇදක් යට බංකරයක් ගහගෙන නිදා ගන්න තමයි වෙන්නේ.

ඔන්න ඔහොමයි අපේ ගෙදර පාන්වලට තියන තහංචියයි – පාන් කෑවොත් වෙන සංගදියයි.

පර සුද්දෝ පෟතුගාලේ ඉදන් ඇවිත්  සුදු කිරමනා ගල් කකා ලේ බී බී වෙරලේ ඇවිද්ද කතාවක් කියනවා. ඒ 1505 දී. 2005 පර සුද්දන්ගේ ලංකාගමනයට අවුරුදු 500ක් වුනා කියලා ඒක සමරන්න ලෑස්තිවුන ගෙරි සුද්දෝ ශ්‍රී ලංකාවේ හිටියා. යාම්තමින් ඒක කතාවක් විතරක් වෙලා අකුල ගන්න උනේ චන්ද්‍රිකා නෝනා පාර්ලිමේන්තුව විසුරවලා මහ මැතිවරණයකට ගිය හින්දා. නැත්නම් ඒකත් කරලා රට හරහා කම්බිත් ගහලා මායිමත් වෙනස් කරලා මළ ජංජාලයක් කරනවා. යාම්තම් පාන් ඇවිත් වසර 500 සමරන්න අපිට බැරිවුනා.

තාමත් ඉතින් ඒ ගොයියලා ගෙදර දොර හුටපට විසදගන්න නඩු කියන්නේ පර සුද්දන්ට.

කතාව පීල්ලෙන් පිටට පැන්නා. අයෙත් පීල්ලට මාරුවෙමු.

පාන් ගැන කතාව පොඩ්ඩක් අඩුකරලා අහාරයි පරිසරයයි ගැන කියලා තියෙන කතාවක් අහමු. අපි අවුරුදු 200.000 කටත් වැඩි කාලයක් පරිනාම වෙමින් අපේ ජාන හැඩගැහෙන්නේ පරිසරයේ සාධකත් එක්ක කියලා කතාවක් තියෙනවා. එහෙමනම් ආසියාතික අපිට පර සුද්දන්ට වගේ තිරිගු පිටි පත්තියම් වෙන්නේ කොහොමද ? අපේ රටේ කොයි කාලෙද තිරිගු වැවිලා තිබුනේ ?.

වචනයෙන්  දෙකෙන් ආයෙත් පාන් වලටම මාරුවුනා.

කඩුල්ලීගේ වෛද්‍ය මතය නම්  අපිට යාම්තම් වයස හතලිහ වෙන්න ඉස්සෙල්ලා ගෑස් කියනවා. සීණී කියනවා . කියලා සාස් ගානවා – සුස් ගානවා .දියවැඩියාව සහ ගැස්ට‍්‍රයිටිස් වගේ ලෙඩ දාගන්නේ පුංචි කාලෙ ඉදන්ම තිරිගු පිටි ඕනවටත් වඩා ගිල දාපුවහම.

කඩුල්ලී කියන්නේ පර සුද්දො  අපේ රටේ  මිනිසුන්ට තිරිගු පිටි පුරුදු කරලා තියෙන්නේ පෝෂණ ගුණය සහ කෙදි සහිත කොටස් අයින් කරලා කන්න. උන් හොද කොටස කනවා නැත්නම් වැඩි මිලට වෙනත් රටවල විකුණනවා . අවුරුදු 507ක්ම සුදු පිටි ගිලලා අපේ  මිනිසුන් හොයන්නෙම දැන් සුදුපාන්. සුදු පාන් කටට රහට හදලා දෙන්න අපේ රටේ රසායන ද්‍රව්‍ය වර්ෂයකට මෙ. ටො. 10,000ක් විතර එකතු කරනවා මේවා ඔක්කොම ගිල දාලා අපි ලෙඩ හදා ගන්නවා.

කාරනා කාරනා දන්න කඩුල්ලී අපිට පාන් අප්‍රිය කරන්න උත්සහා කරන්න  වෛද්‍ය සිද්ධාන්තයක් ගෙනත් මෙහෙම අදහස් දක්වනවා.. ‘‘ගල්යිසිමික් දර්ශකය’’ කියලා එකක් තියෙනවා –  ඒක අනුව සුදු පාන් වල ‘‘ගල්යිසිමික් දර්ශකය’’ සීණි වල තරම් ඉහල අගයක් ගන්නවා. යම් ආහාරයක ගල්යිසිමික් දර්ශකය වැඩිවන විට දියවැඩියා රෝගකාරක ස්වාභාවය වැඩිවෙනවා.

මම ඔය සුද්දන්ගේ රටවල්වල කරක් ගහලා නැහැ. පත්තර කෑල්ලක තිබුනා උන් නම් සුදු පාන් කන්න ගන්නෙත් නෑ  . උන් වැඩි මිලකට මිලක් දීලා ගන්නේ අවපාට කෙදි සහිත වැඩි වශයෙන් පිපෙන්නේ නැති රොටී වගේ පාන් ගෙඩි කියලා. අර ජාන කතන්දරේ හැටියට කොහොමත් එයාලට තිරිගු පිටි ගැලපෙනව  අපිට ගැලපෙන්නේ රතු කැකුළු බත් නේ.

ඔන්න බලමු අපේ රටට අවුරුද්දකට ගේන තිරිගු පිටි තොගය . මෙ.ටොන් ලක්‍ෂ 9ක් !. රුපියල් මිලියන 30,000ක් විදේශ විනිමය !. ඒවා පියවන්නේ සුද්දන්ට දස අතේ වැදල ලබාගන්න ණය වලින් !. නරක නෑ නේද සුද්දන් අපිට දැවද්ද දීලා උන්ගේ රටවල් සංවර්ධනය කරගන්න අපේ රටේ කරලා තියෙන ආයෝජනය.

සුද්දන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය  දැන් කියන්නේ මෙහෙම කතාවක්.

ශ්‍රී ලංකාවේ තුල කරන ලද නවතම පර්යේෂණවලට අනුව හෘද රෝග දියවැඩියාව හා අන්ත්‍ර පිළිකා වැනි උදර හා බඩවැල් ආශි‍්‍රත රෝගාබාධ වැඩිවෙමින් පවතිනවා. මෙයට හේතු සාධකයක් වෙලා තියෙන්නේ අපි ගන්නා ආහාරවල තන්තු අඩුවීමයි. පාන් නොකා බත් කෑවොත් අපට විශාල තන්තු ප්‍රමාණයක් හම්බුවෙනවා.ආහාරවල ප්‍රමාණවත් තරම් තන්තු ප්‍රමාණයක් අඩංගු  නම් අපේ ශරීරයේ  ලෙඩ ඇති කරන සීනි හා මේද අණු රුධිරයට මුදා හරින වේගය අඩුකර ශරීරයට අණු පාලනයකින් යුතුව හසුරුවා ගැනීමට හැකියාව තියෙනවා.

මිනිස් ශරීරය ඇතුළත නිපදවාගත නොහැකි ඇමයිනෝ අම්ල 8 ක් අපි  දෛනිකව ආහාරවලින් ලබා ගත යුතුය වෙනවා   බත් අප ශරීරයට ඇමයිනෝ අම්ල ලබා දෙන හොඳ ප්‍රභවයක්. කුරුට්ට ඉවත් කළ තිරිඟු පිටිවලට වඩා වැඩි ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් රතු කැකුළු බත්වල අන්තර්ගත වෙනවා. විටමින් පිළිබඳව සැලකීමේදී තිරිඟු පිටි ආහාරවලට වඩා සහල්වල අඩංගු තයමින් හා නයසින් ප්‍රමාණය හතර ගුණයකින් පවා වැඩියි

හාල් පිටි විටමින් බී වලින් සරුයි. තන්තු වැඩියි. ජීර්ණය කිරීමේ හැකියාව වැඩියි. ඒවා කෑවාම ඉක්මනට බඩගිනි වෙන්නේ නැහැ.

රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාව ද සහල් පිටි මිශ්‍ර ආහාරවලට තිබෙනවා. ලෝකයේ කර ඇති අලුත් ම පර්යේෂණ අනුව හාල් පිටි මිශ්‍ර කෑම කන අයගේ මතක ශක්තිය කුරුට්ට ඉවත් කර අප කන විදියේ පාන්පිටි කන අයට වඩා හුඟක් වැඩි බව ඔප්පු වී තිබෙනවා.

අපිට කුරුට්ට තිබුනොත් රතු හාල් නාඩු . පිරිසිදු නෑ. සුදට සුදේ පොලිස් කරපුවම ඉස්තරම්. ඒවා රට හාල්  . ලොකුවට තිබුනොත් “රට ” – පුංචියට තිබුනොත් “මෙරට”  . පරසරයේ සාධකත් එක්ක ජීවත් නූනොත් ලෙඩ කියලා හිතන්න බැරි මානසිකත්‍වයක් අපිට සුද්දා හුරු කරලා දිලා තියෙනවා.  අනියමින් අවුරුදු 507 ක් තිස්සේ !. අපි තාමත් පර සුද්දොත් එක්ක ජීවත් වෙන්න වලි කනවා !!.

2 Responses

  1. හොද ලිපියක් හැබැයි ගැටලුවක් තියනවා 1505 දී පෘතුගීසි කාරයා අපේ ජන්තාවට පාන් හදුන්වා දුන්නත් , පොදු ජනයා අතර පාන් පිටි ජනප්‍රිය වෙන්නෙ 2 ලෝක යුධ සමයත් සමග නොමිලේ ඇමරිකාවෙන් පාන් පිටි ගෙන්වීමත් සමග නේද ?
    මුල් යුගයේදී ගෙන්වනු ලැබූ පිටි කහ පැහැයෙන් යුක්ත වුවත් පසු කාලීනව තනි සුදු පිටි නිශ්පාදනය ඇරඹුනා ……….