රාජ්‍ය සේවය පිණිසයි.


 

දිණමිණ කතුවැකිය සහ අයිටීඑන් විමසුම  අපේ රටේ රාජ්‍ය සේවකයෝ දකින්නේ ඉතා  ඉසුරුමත් ජන කොටසක් ලෙසය.  ජනවාරි 02දා විමසුමත් 03දා දිණමින කතුවැකියත් ලියවුනේ රාජ්‍ය සේවකයා හට බටර් ගෑම පිණිසය.

……………………………………..මෙහි දී අපේ අවධානය යොමු වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අලුත් අවුරුද්දට වැඩ භාරගැනීමේ සුබ මුහුර්තියේ දී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් කරන ලද කතාව යි.

එහිදී ඔහු (ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ) කියා සිටියේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමේ ක්‍රියාවලියේ දී රාජ්‍ය සේවකයන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව යි. මහින්ද චින්තනය සහ මහින්ද චින්තන ඉදිරි දැක්ම ගැන දැඩිව කරුණු කියා සිටි ලේකම්වරයා, රාජ්‍ය සේවකයා මහජනතාවගේ ස්වාමියා නොව සේවකයා බව පැහැදිලිව කියා සිටියේ ය.

දිනමිණ කතුවැකියත් විමසුමත් රාජ්‍ය සේවකයාට බටර් ගාන්න සහ ගොනාට අන්දවන මේ කතාව යොදා ගත් හැටි මෙසේය.

“…………………………………..රාජ්‍ය සේවකයා ගැන මෙසේ යමක් සටහන් කරන්නේ ඔවුන්ට අපගේ ප්‍රණාමය හැම විටමත් හිමි වන බැවිනි. අප එසේ කියන්නේ ගත වූ වසර තිහ ඇතුළත ශ්‍රී ලංකාව පූර්ණ ලෙස නිදහස් කර ගැනීමට අපේ රණවිරුවන් ගෙන ගිය වීරෝධාර සටනත් අසීමිත කැපවීමත් හමුවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් මොනම බලවේගයකටවත් යට නොවී රුපියල් 10,000 වැටුප් මායාවට නොරැවටී රට වෙනුවෙන් දැක්වූ ආදරය හා අසීමිත කැපවීම නිසාය.

………………………….අපට මොන දිමනා දැයි සිතූ රාජ්‍ය සේවකයෝ සියලු වරප්‍රසාද අමතක කළහ. පැය අට රැකියාව කරන අපට පැය විසිහතරම රට වෙනුවෙන් කැපවී සිටින රණවිරුවන් ඉහළින්ම සිටින බව අවබෝධ කරගත් රාජ්‍ය සේවකයා, ගතවූ වසර තිහක කාලය තුළ කිසිම ඉල්ලීමක් ඉදිරිපත් කළේ නැත. වැඩි පඩි ඉල්ලුවේ නැත. වරප්‍රසාද අනවශ්‍ය බව නොකියා කීවේ ය. ඒ තරමට රාජ්‍ය සේවකයෝ රට වෙනුවෙන් රණවිරුවන් තරමට කැප වූහ. ඒ සියලු කැපවීම් ප්‍රාර්ථනා සහ බලාපොරොත්තු මැද රාජ්‍ය සේවකයෝ අලුත් අවුරුද්දේ රාජකාරි ආරම්භ කළහ. රටක් ගොඩ නඟන්නට තව දුරටත් සිය කැපවීම සහ දායකත්වය දෙන්නට රාජ්‍ය සේවකයෝ ඉතා කැමැත්තෙන් සිටිති. එහෙත් ඔවුන්ට ජීවත් වීමේ මාර්ගයක්ද තිබිය යුතුය.

එම මාර්ගය එළි පෙහෙළි කර ගැනීමට රාජ්‍ය සේවකයාට හිතැති රාජ්‍ය සේවය ශක්තිමත් කළ රාජ්‍ය නායකයකු රට පාලනය කරන බව රාජ්‍ය සේවකයෝ දනිති. එම රාජ්‍ය නායකයා මුදල් ඇමැති පදවිය දරන බවද දනිති. ඒ නිසා කිසිදු සැකයක් බියක් නැතිව අනාගතය වෙනුවෙන් තම සේවය ඉටු කරන්නට තමන් සූදානම් බව රාජ්‍ය සේවකයෝ නොකියා කියති. කවුරු මොනවා කීවත් රට ගොඩ නඟන්නට කැමති – රට ඉදිරියට යනු දකින්නට කැමති රාජ්‍ය නායකයකු සමඟ ඉතා සතුටින් සිය රාජකාරිය කරන්නට කැමති රාජ්‍ය සේවක පිරිසක් සිටින බව පමණක් අපි හොඳින් වටහා ගෙන ඇත්තෙමු. ඔවුන්ට වල්මත් වූ දේශපාලන කතරක අතරමං වන්නට අවශ්‍ය නැත…………………………………………………………………………………………”

මේ ඇදුම ඇදගන්නට   ඇදුම් මහන්නාට ( දිනමිණ කතුවැකියත් විමසුමත් ලියන ලියන අප්පුට) නම් සුදුසු කම් ඇත. හැමදාමත් යුද්ධයෙන් දිණුවායයි කිය කියා තවත් කාලය ගෙවුවාට  රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය අඩුපාඩු කම් සැපිරෙන්නේ නැත.

යහපත් රාජ්‍ය සේවයක් දකින්නට නම් ඔවුන් තෘප්තිමත් ජීවන තලයක තබා සිටිය යුතුය. අද ශ්‍රම වෙළදපොලෙහි  කම්කරුවෙකුගේ අවම වැටුප පවා නොලබන රාජ්‍ය සේවයේ උපාධිධාරී ශ්‍රේණින් කොතෙක් සිටීදැයි මේ ලියන අප්පුලා නොදන්වා විය නොහැකිය. නැත්නම් දන්නා වුවත් නොදන්නාවගේ සිටිනවා විය යුතුය. ඔවුන්ගේ රාජකාරිය වී ඇත්තේ රජවාසලට පමනක් සුදුහුණු ගෑමත් “රජතුමාට ඔබතුමාගේ රාජ්‍යය සුරපුරක් යයි”  කියා ඔහු රවටා බඩ තර කරගැණිමත් නිසා මේවා  කියවන අය අසන අය සිහිබුද්ධියෙන් කියවන අසන බවට හැගීමක්  නැත.

මෙන්න රාජ්‍ය සේවයේ කොටසක් කියන කතාවක්. මෙය රාජ්‍ය සේවයේ එක් පැතිකඩක් පමනකි. අනෙක් රාජ්‍ය සේවකයින්ටත් මෙවැනිම වෘත්තීය ප්‍රශ්න සහ ගැටළු ඇත.ඒවා විසදා නොදී රාජ්‍ය සේවකයාගෙන් යහපත් සේවයක් බලාපොරොත්තුවිය නොහැක.

“………………………………………………………………එකඟ වූ අයුරින් වැටුප් විෂමතා ඉවත් නොකිරීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබා නොදීමට එරෙහිව විශ්වවිද්‍යාලවල ආචාර්ය, විධායක හා අනධ්‍යයන යන කාර්ය මණ්‌ඩලවල සියලු සාමාජිකයෝ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර සිටිති. පසුගිය වසර අග භාගයේ පැවැති සාකච්ඡාවලදී එකඟ වූ කිසිදු යෝජනාවක්‌ මෙතෙක්‌ ක්‍රියාත්මක කර නොමැති බව ඔවුහු පවසති.

තමන්ට  කලින් එකඟ වූ අයුරින් වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය මෙතෙක්‌ නිකුත් කර නැතැයි ද මේ නිසා සිය සාමාජිකයන් දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටින බවද විධායක නිලධාරීන්ගේ හා අනධ්‍යයන කාර්ය මණ්‌ඩල ඒකාබද්ධ කමිටුවේ සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා “දිවයින”ට පැවසීය.

එම චක්‍රලේඛය පසුගිය දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර නිකුත් කරන බවට බලධාරීන් පොරොන්දු වූ බවද පවසන ඒ මහතා වසර ගණනක්‌ තිස්‌සේ පවතින වැටුප් විෂමතා ඉවත් නොකිරීම නිසා කාර්ය මණ්‌ඩල සාමාජිකයන් දැඩි කලකිරීමකින් සිටින බවද සඳහන් කළේය.

මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ආරම්භ කළ යුතු බවට ඔවුන් බල කරමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය…………………………………….”

යුද්ධයේ වීනාව නිතිපතා වැයීමෙන් මතුවු මධුර ස්වරය සදාකාලිකව මධුර ස්වරයක්ව ඇසෙන්නේ නැත. අතිරහ වුනත් කාගෙන කාගෙන යන විට නීරස වන බව අප වහරේ භාවිතා වන උපමාවකි. අතිරහ තිත්ත වන්න පෙර තමන්ගේ ප්‍රශ්ණ විසදා ගන්නට ප්‍රමුඛතාවය දෙන්නාක් මෙන් මහජනතාවගේ ප්‍රශ්ණත් බේගල් ඇදබාන්නේ නැතිව විසදා දිය යුතුය.

About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )