Monthly Archives: දෙසැම්බර් 2011
නස්රුදීන්ගේ අළුත් අවුරුද්ද
මේ කියන දවස් වල නස්රුදීන් පදිංචිවෙලා හිටියේ බහු ජාතික , බහු ආගමික ගම්වාසීන් ඉන්න ගම්මානයක .නස්රුදීන්ට නත්තල් තිබුනේ නැහැ අළුත් අවුරුදුත් නැහැ.ඒත් අල්ලපු ගෙදරත් ගමේ බොහොමයක් පවුල් වලට ජයටම මේ උත්සව දෙකම තියෙනවා. ඉතින් අවුරුද්දට ලෑස්ති වෙන අය පරණඇදුම් පැළදුම් වල ඉදන් ගෘහ භාණ්ඩ පවා වෙනස් කරලා ගෙවල් තීන්ත ගාලා පොලොව මැදලා හැඩ වැඩ කරනවා. නස්රුදීන් නානාට නෝනාලා තුන්දෙනයි. ඉතින් හිතා ගන්න පුළුවන්නේ නස්රුදීන්ට “පිස්සු ට්‍රිබල්” වෙන විත්තිය.
නසුරුදීන්ට අවුරදු නැතිවුනත් නෝනාලා තුන්දෙනට ඇහුම් කන් දෙන්න සිද්ධවුනා. ගෙදර තිබුන පාරම්පරික ගෘහ භාණ්‌ඩ පැත්තකට විසි කරල නවීන පන්නයේ ගෘහ භාණ්‌ඩ ගෙනත් නවීන පන්නයටම තියන්න නස්රුදීන්ට සිද්ධ වුනා. .
නස්‌රුදීනුත් ගෙදර තිබුණ පැරැණි ගෘහ භාණ්‌ඩ බුරු ගරාජයේ පැත්තකට දාලා නව පන්නයේ ගෟහ භාණ්ඩ ගෙදරට ගෙනාව. පහසු ගෙවීමේ ක්‍රමයට. නස්රුදීන් අළුත් ගෟහ භාණ්ඩ ගෙනාවා කියලා ආරංචි වුණා විතරයි සිද්ධවෙන්න ඕන විදියටම ගමේ හිටිය නෑදෑයොයි යාළුවොයි අසල්වැසියොයි නස්‌රුදීන්ගේ ගෙදරට එන්න ගත්තා. ඊළඟට බඩු ගැනයි බඩු තියෙන තැන් ගැනයි තම තමන්ගේ විවේචන විග්‍රහ ඉදිරිපත් කරන්න පටන් ගත්තා. නස්‌රුදීන්ට මේව අහල හිසේ රදේ හැදුනත් ඔහු බොහොම අමාරුවෙන් කටපියාගෙන හිටියා.
අල්ලපු ගෙදර හාදය කමුර් ආවා. ඒත් එක්කම අසල්වාසී නවුෆරුත් ගොඩවුනා. “හා නස්‌රුදීන් නානා. අලුත් බඩු ගෙනැල්ලා වගෙ අනේ හොදයි. ඒ වුණාට මේව තියල තියෙන ක්‍රමේ නම් හරි නැහැ. කමුර් කිව්වා. මේක අහගෙන හිටපු නවුපර් ඌණ පූරණයක් කලා “මේ පුටු සෙට් එක නම් මෙතැනට කොහොමත්ම ගැලපෙන්නෙ නැහැ”.
කෙලවරක් නැහැ. තව තව අය එනවා. ඉමිටියාස් ෆවුසිත් එක්ක ආවේ ඉමිටියාස්ගේ බුරුවත් එක්ක.”මේ අල්මාරියෙ කැටයම් පේන්නෙ නැහැනෙ ඔය තියල තියෙන විදියට” ඒ ෆවුසිගෙ අදහස. “තව ස්ටුල් එකකුත් තිබුනන් හොදයි “ඉමිටියාස්ගෙ අදහස.
මේ අතරේ නස්රුදීන්ගේ නෝනාලා තුන්දෙනා බරපතල වාදෙක. අළුත ගෙනා ඩබල් ඇද තියන්න ඔනී කාමරේ ගැන.දෙන්නගෙම අදහස තම තමන් ගේ කාමරවලට ඩබල් ඇද ගෙනියන්න.
නස්‌රුදීන්ගෙ අලුත් බිරියගෙ අදහස අලුත් ඩබල් ඇඳ නම් හරියන්නෙම තමන්ගෙ කාමරයට බව. ඒක මොනම ක්‍රමයටවත් ඒ කාමරයට නොගැලපෙන බව කීවෙ නස්‌රුදීන්ගෙ පරණ බිරිඳ උම්මා.බලෙන්ම කතාවට එල්ලෙන තුන්වන නෝනා ෆරීනා. “කණ්‌නාඩි මේසෙ තියන්න ඕනෙ එන එන අයට පෙනෙන ලෙසටනේ……….? ” කියලා කණ්‌නාඩියෙන් තමන්ගෙ පිරිහෙන රූප සොබාව නරඹන ගමන් කීව්වා.
නස්රුදීන් හිතලා බැළුවා. බැලුවාම එක බඩුවට තියන්න ඔනී තැන් 10-12 ක් තියෙනවා. නස්‌රුදීන්ට කවුරුවත් තරහ කරගන්න හිතක් පහල වුනෙත් නැහැ. නස්රුදීන් පොරොන්දු වුණා කවුරුත් සතුටු වෙන ආකාරයට බඩු ටික තියන්න. ඔන්න පසුවදාත් කට්‌ටිය එන්න පටන් ගත්තා. නස්රුදීන් කල්පනා කලා මේ ඔක්කොමටම එකවර පිලිතුරු දෙන්න ක්‍රමයක්. පැය දෙක තුනක් මේ ගොල්ල වෙන වෙන කතා කිය කියා රදවගන්න නස්රුදීන්ට පුළුවන් උනා. මෙහෙම පැය දෙක තුනක් යන කොට ඊයේ ආපු ඔක්කොම වගේ ගෙසරට රැස්වෙලා ඔක්කොටම තියෙන්නේ එකම ප්‍රශ්නයයි.
ගෙදර කිසිම කාමරයක කිසිම බඩුවක් නැහැ. නිකම්ම හිස් කාමර. කට්‌ටිය එකවරම වගේ ප්‍රශ්න කළා කෝ මේ ගෙදර තිබූ බඩු ටික. එකක්‌වත් පේන්න නැහැනේ. මොකද කළේ ?.මේ ලස්සන බඩු වලට ?.
නස්රුදීන් ඔක්කොම පිරිස එක තැනකට රැස් කරලා මෙහෙම කිව්වා .”ගෙනාපු අළුත් බඩු තියන්න මේ ගෙදර කොතනකවත් පිලිවෙලක් නැහැනෙ. කොතන තිබ්බත් වැරැදිනේ” . කියලා ම නස්‌රුදින් කම්මුලට අත තියාගත්තා . එහෙම කියලා “යමු පෙන්නන්න මම ඒව ලස්සනට අහුරලා තිබ්බා’”. කියලා මිදුග මැදින් ගේ පිටුපසට කණ්ඩායමම එක්කරගෙන ගියා.
එක්කරගෙන ගිහින් දර මඩුව පෙන්නුවා.
අනේ ඉතින් අද තේ එකක්වක් දෙන්න විදියක් නැහැනේ !. කෙහෙවළු පටලවා ගෙන නෝනාලා තුන්දෙනත් ඒ ගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා කියලා අත්පුඩියකුත් ගහලා නස්රුදීන් හිනාවුනා. අපි අනුන්ගේ වැඩ වලට උපදෙස් දෙන්න යන්න හොද නෑ කියලා හිත හිතා තේ එකක්වත් නස්රුදීන්ගෙන් නොලබාම ආපු අය ආපහු ගියා.
ඔන්න ඔහොම නස්රුදීන් බොහෝම සැහැල්ළුවෙන් මේ අළුත් අවුරුද්ද පටන් ගත්තා.

