ඉරානය සහ අහමඩිනෙජාඩ්ට එරෙහිව ඊශ්‍රාලය


වර්තමාණයේ නිල වශයෙන් හා දේශපාලන වශයෙන් හඳුන්වන ඉරානය 1935 ට පෙර හඳුන්වනු ලැබුවේ පර්සියාව ලෙසයි . භූමි ප්‍රමාණයෙන් ලොව 18 ස්ථානයට පත්වන විශාලතම රට වන ඉරානයේ භූමි ප්‍රමාණය 1648,195Km2 කි .  ජනගහනය මිලියන 70 කි

එහි මායිම් උතුරු ආමේනියා අසබජා සහ ටර්කිමේනිස්ටාන් දක්වා ඇත. කසකස්ථානය සහ රුසියාව ඉරානයට කෙළින්ම උතුරින් ඇති අසල්වැසියන්ය. ඉරානය මායිම් වන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය දකුණු පර්සියන් බොක්ක හා ඕමානු බොක්කටය. බටහිරින් ඉරානය. වයඹ තුර්කිය වේ.

අගනුවර ටෙහෙරාන් වේ.

එහි තෙල් සංචිත වන පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු ලෝක ආර්ථිකයේ විශේෂ බලශක්ති ආරක්ෂණය සහ ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් ගනී.

1906 දී පර්සියානු ව්‍යවස්ථාදායක විප්ලවීය විසින් රටේ පළමු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක රාජ්‍ය තන්ත්‍රය  1976 අප්‍රේල් 01 ඉරාන් විප්ල‍වයෙන් පසු නිල වශයෙන් එය ඉස්ලාමීය සමූහාණ්ඩුවක් විය. ඉරානය UN, NAM,OIC,OPAC සංවිධාන වල නිර්මාතෘ සාමාජිකයකි.

ඉරාන දේශපාලන පද්ධතිය 1979 ව්‍යවස්ථාව මත පවතී.

2005 ඉරානයේ පවත්වන ලද ජනාධිපතිවරණයෙන් මුල් වරට රාජ්‍ය නායකත්‍වයට පත්වු මොහොමඩ් අහමඩි   නෙජාඩ් දෙවන මැතිවරණයෙන්ද  තම ජනප්‍රිත්වය වර්ධනය කරගන ඔහු මෙවර ජනාධිපතිවරණයේදී ලැබූ ඡන්ද ප‍්‍රතිශතය සියයට 62.6ක් විය. ඔහුට සාපේක්ෂව ඔහුගේ ප්‍රතිවාදියා වූ මව්සාවිට ලබා ගත හැකි වූයේ සියයට 33.75ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

මැතිවරණයෙන් පසු අප කියවු බටහිර මාධ්‍ය වාර්තා බොහොමයක් පලකර තිබුනේ දූසිතවු මැතිවරණයකින් නෙජාඩ් ජයග්‍රහණය හිමි කරගත් බවය. මෙම විරෝධතාවන්ට ලොව පුරා මහත් ප්‍රචාරයක්ද ලැබී තිබුණි. විදෙස් මාධ්‍ය අහමඩිනෙජාඩ්ගේ ජයග‍්‍රහණය වෙනුවට එරට විරෝධතාකරුවන්ගේ හැසිරීම වාර්තා කරන්නට විය. බටහිර මාධ්‍ය වාර්තා ඉරාන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙරෙහි මැදිහත් වන ලෙස බරැක් ඔබාමාගෙන් ද ඉල්ලීම් කර තිබුණි.

ඉරානයේ ඈත දුෂ්කර ගමක උපත ලැබූ අහමඩිනෙජාඩ්ගේ පියා කම්මල්කරුවෙක් වූයේය. එහෙත් ඔහු රටේ නායකත්වයට පත්වූ පසු පියාට නැති නම්බු නාම දීමට කි‍්‍රයා කළේ නැත. පසුව අහමඩිනෙජාඩ් පවුල ටෙහෙරානයට සංක‍්‍රමණය වීම මොහොමඩ් අහමඩිනෙජාඩ්ගේ අධ්‍යාපනයට අති විශාල පිටුබලයක් විය.

ඒ අනුව 1976 දී ඉරානයේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශ විභාගය සමත් වූයේය. ඉන්පසු ඉරානයේ විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිවිල් ඉංජිනේරු උපාධියත් 1997 දී ආචාර්ය උපාධියත් ලබා ගත්තේය. එවකට ඔහුගේ වයස අවුරුදු 31 ක් විය. එරට අර්දාබිල් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය හෙබවූ අහමඩිනෙජාඩ් ජනාධිපතිවරයා අපේක්ෂක සුදුසුකම් සපුරාලන ටෙහෙරානයේ නගරාධිපති තනතුරේ ද ක්‍රියා කළේය.බලයට පත් වූ අහමඩිනෙජාඩ් ඉරානයේ බලය ලොවට පෙන්වා දෙන්නට කටයුතු කළේය. ඇමෙරිකාව සහ ඊශ්‍රාලය ඔහුගේ ප්‍රධාන දේශපාලන සතුරන් බවට පත්විය.

ඒ සමඟම රුසියාව, වෙනිසියුලාව, පර්සියානු ගල්ෆ් කලාපයේ රටවල් සහ සිරියාව යන මිතුරෝ ඉරානයට උපරිම සහයෝගය ලබා දුන්හ. අහමඩිනෙජාඩ්ගේ ඇතැම් තීරණ හිතුවක්කාර සහ සමාජ විරෝධී ලෙස බටහිර බලවේග විසින් අර්ථ ගන්වනු ලැබීය. උදාහරණ ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තහනම් නියෝග පනවා තිබියදීත් අහමඩිනෙජාඩ් දිගින් දිගටම න්‍යෂ්ටික බලගැන්වීම් පර්යේෂණවල නියුක්ත වීම දැක්විය හැකිය.

එමෙන්ම පලස්තීනයට ශක්තිය ලබා දිය යුතුය යන ඔහුගේ මතය ද බටහිර අප‍්‍රසාදයට ලක්වූවක් විය.

ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රාලය අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ‘හාරේට්ස්’ පුවත්පත නොවැම්බර් 03  දින වාර්තා කර තිබිනි

ඉරානයේ හමුදා කඳවුරු සහ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රාල අගමැති ඉකුත් සති කීපය පුරා ඊශ්‍රාල ආරක්ෂක ඇමැති එහුඞ් බැරැක් සමඟද සාකච්ඡා පවත්වා ඇති බවත් ඊශ්‍රාල අගමැතිවරයාට දැන් අවශ්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ සහාය බවත් ‘හාරේට්ස්’ පුවත්පත පවසයි.

ඊශ්‍රාල හමුදාව, එරට ආරක්ෂක අමත්‍යාංශය සමඟ එක්වී ඉරානයට ප්‍රහාරයක්  එල්ල කිරීමට හැකි ආකාරයේ දිගු දුර ‘බැලැස්ටික් මිසයිල’ අත්හදා බැලීමක් ද සිදු කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රාල දේශපාලනඥයන් අනුමාන කරන්නේ අගමැති නෙදන්යාහුට කැබිනට් මණ්ඩලයේ බහුතරයකගේ සහාය හිමිවනු ඇති බවය.

කෙසේ හෝ ඊශ්‍රාලය, ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත් යේ සමීපතම මිතුරා වන ඇමෙරිකාව ඒ පසුපස සිටිනු ඇති බවත් අගමැති නෙදන්යාහු ඊශ්‍රාලය ගන්නා තීරණ බොහොමයක් ඇමෙරිකාවේ තීරණ වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.

ඊශ්‍රාලයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමේ යුද ශක්තියක් තමන් සතුව පවතින බවත් ඊශ්‍රාල එසේ කළොත් ඔවුන්ට ඒ ගැන පසු තැවෙන්න සිදුවනු ඇති බවත් ඉරාන හමුදාපති ජනරාල් හසන් ෆිරෝසබාඩ් අනතුරු අඟවා ඇත.

About these ads

4 thoughts on “ඉරානය සහ අහමඩිනෙජාඩ්ට එරෙහිව ඊශ්‍රාලය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )