සද තරු නිහඩයි-

සද තරු නිහඩයි-

සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
පියා නුවන් යුග
නිවා තැවුන සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදිකලා
සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
මවා නුවන් ඔබ
ඔ‍‍බේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා හැලේ
සෙනෙහස හඩවා මතකය ඉකි බිද
හදවත අවදි කලා.
සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
–අචාර්ය අමරදේව.

දර්ශණ අප්‍රිකාවේ දුම්රිය මාර්ග පද්ධතියෙනි.

මෙම ගීතයට ගැලපෙන්නේ නැති වුනත් කඩුල්ලට පින්තූර එකතු කිරීමේදී ඇතිවු ගැටළු නිරාකරනය කරගැනීමට කල අත්හදා බැලීමක් බවට මෙම පිටුව සලකන්න.

One Response