මානසික රෝග


අපිට නොයෙක් රෝගාබාධ ඇතිවෙනවා. අපේ මනසත් ඒ වගේම රෝගීවෙනවා . මනසේ ඇතිවන රෝග හඳුන්වන්නේ මානසික රෝග කියලා. සාමාන්‍ය වහරේ “ පිස්සුව “ කියලත් හදුන්වනවා. “මානසික රෝග“ යන වචනය ඇසු පමණින්ම අපගේ සිතට දැනෙන්නේ බියකි. ලජ්ජාවක්. මානසික රෝගවලට ගොදුරු වූවන් දෙස බලන්නේ ද අවඥාසහගත ලෙසය. මෙය ඉතා වැරැදියි. ඒ ගොල්ලත් සමාජ ගතව සිටින රෝගින් කොටසක් පමනක් කියන සිතිවිල්ල අපි ඇති කර ගන්න ඕනී.
.
මානසික ‍රෝග සදහා මීට දශක පහකට හයකට පෙර විධිමත් ප්‍රතිකාර තිබුනේ නැහැ. බලි තොවිල් වැනි යාතු කර්ම සමග පාරම්පරික වෛද්‍යකර්ම යොදවා ගත්තා. බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කල අංගොඩ මුල්ලේරියා රෝහල්වලට මානසික රෝගීන් යොමු වුවත් එය ජනප්‍රිය වෛද්‍ය ක්‍රමයක්‍ ලෙස පිලිගෙන තිබුනේ නැහැ. ඒ වගේම අද මෙන් බටහිර ක්‍රමවලත් ක්‍රියාශිලී ඖෂධ වර්ග තිබුනේ නැහැ. එකල කියවුන දේශිය පාරම්පරික වෛද්‍ය ක්‍රමයන්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.විධිමත් සහ ප්‍රතිපලදායි වෛද්‍යක්‍රමයන් වුනේ නැහැ.

වර්තමානය වන විට ශාරීරික රෝග මෙන්ම මානසික රෝග ද වැඩිදියුණුවු ඖෂධීය ප්‍රතිකාර මඟින් හෝ වෙනත් චිකිත්සක ප්‍රතිකාර මඟින් සුවයක් ලබාදිය හැකි බවත්, නැතිනම් රෝගය පාලනය කළ හැකි බවත් අප වටහා ගෙන තියෙනවා.
මානසික ආබාධවලට ගොදුරු වූ පුද්ගලයින් පිළිබඳව සැලකීමේදී බරපතළ සහ බරපතළ නොවන මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් සියයට 8 – 10 අතර ප්‍රමාණයක්.
බරපතළ ගණයේ මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සියයට 2 ක් පමන වනවා.
මොළය ආශ්‍රීතව ඇතිවන අබාධ මානසික ආබාධ ලෙස හදුන්වනවා. එවැනි රෝග ඇතිවීමට

1. ජානමය හේතු,
2. හදිසි අනතුරු නිසා මොළයට වන හානි
හේතුවෙන්න පුළුවන් .

බොහෝ දෙනෙක් වෙතින් මානසික ආබාධ මතු වන්නේ වයස අවුරුදු 16 පමණ කාලයේ සිට. එතැන් සිට එම රෝගියා මුළු ජීවිත කාලයම ගෙවන්නේ මානසික ආබාධිත තත්ත්වයෙනි.
කිසියම් රෝගයක් නිසා ආබාධ තත්ත්වයට පත්වී ගෙවීමට සිදුවන කාලය සහ කිසියම් රෝගයක් නිසා අහිමි වන ජීවිත කාලය ප්‍රතිශතයක් ලෙස ගත් විට එම අගය සියයට දොළහයි දශම හයකි. මෙය අනෙක් රෝග හා සසදන විට ඉහළම අගයක්.
මෙය ඉහළ අගයක් වීමට ප්‍රධාන හේතුව වන්නේ මානසික රෝග බහුලව ඇතිවන්නේ නව යොවුන් වියේදී වීම නිසා. එසේම බරපතළ මානසික රෝගීන් සියයට අසූවක්ම දීර්ඝ කාලීනව පීඩා විදිනවා.
එම නිසා මානසික රෝගවලට දීර්ඝ කාලීනව ඖෂධ භාවිතාව අවශ්‍ය වෙනවා.

අප සමාජයේ බහුලව ඇති ප්‍රබල මානසික රෝග සංඛ්‍යාව 3 කි.
1. භින්නෝන්මාදය,
2. භාවික උන්මාදය,
3. විෂාදය.
• බිය, කාංසාව, ග්‍රස්ථිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි උග්‍ර නොවන මානසික ආබාධයන්ගෙන් ද බොහෝ දෙනෙක් පීඩා විඳිනවා.


භින්නෝන්මාදය රෝගය
පිරිමින් කෙරෙන් මතුවන්නේ වයස අවුරුදු 16 – 25 අතර කාලයේදීත් කාන්තාවන්ගේ නම් වයස අවුරුදු 25 – 40 අතර කාලයේදීත් මෙම තත්වන මතුවනවා.
මෙය භයානක වර්ගයේ මානසික ආබාධ තත්ත්වයක් නිසා, ජිවිත කාලයෙන් වැඩිම කලක් මානසික ආබාධිතව ගෙවීමට රෝගීන්ට සිදුවනවා. නිසි ප්‍රතිකාර ලැබුණහොත් භින්නෝන්මාදයෙන් පෙළෙන රෝගීන්ගෙන් 20% කට පමණට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලස්වා ගත හැකි වනවා.

භාවික උන්මාදය

සමාජයේ පවතින උග්‍ර මානසික රෝගයකි. මෙය මතු වන්නේ ද තුරුණු අවධියේදීය. මෙය භින්නෝන්මාදය තරම් දරුණු – ජීවිත කාලය පුරාම පවතින රෝගයක් නොවූවද මෙය නැවත නැවත මතු වෙමින් පවතින රෝගයකි. මෙහිදී ද අධ්‍යාපනය, විවාහ ජීවිතය, කඩාකප්පල් වී යා හැකි ය. මොවුනට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගත කළ යුතුය.

විෂාදය

අප සමාජය තුළ බහුලව පවතින අනෙක් උග්‍ර මානසික රෝගය වන්නේ විෂාදයයි. මානසික රෝගවලින් වන හානිය පිළිබඳව සලකා බැලීමේදී 4 වැනි ස්ථානය හිමි වන්නේ විෂාදයටය. සමස්තයක් ලෙස සැලකූ විට අප ජනතාවගෙන් සියයට 10 කට ආසන්න සංඛ්‍යාවක් විෂාදයෙන් පීඩා විඳිති.
විෂාදයෙන් පීඩා විඳින කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකි. එසේම මෙහි භයානක තත්ත්වය වන්නේ විෂාදයෙන් පෙළෙන රෝගීන්ගෙන් සියයට 15 – 20 අතර සංඛ්‍යාවක් සිය දිවි හානි කර ගැනීමයි.
සියදිවි නසා ගන්නා පුද්ගලයින්ගෙන් සියයට 90 ක්ම කිසියම් මානසික රෝගයකින් පෙළෙන බව හෙළි වී තියෙනවා. එසේම එසේ සියදිවි නසා ගන්නා පිරිසෙන් සියයට 50 කට වැඩි පිරිසක් එසේ කරගන්නේ විෂාදය නිසා බවත් හෙළි වෙලා තියෙනවා.
විෂාදය රෝගියකුට උපරීම කාර්යක්ෂමතාවයෙන් වැඩ කළ නොහැකිය. වැඩ කළ ද ඔවුන්ගේ ඵලදායිතාවය අඩුය.
විෂාදය පිළිබඳව හෙළිවී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ දරුවන් ප්‍රසූත කළ මවුවරුන්ගෙන් සමහර දෙනෙක් පශ්චාත් ප්‍රසව කාල පරිච්ඡේදයේදී විෂාදයට ගොදුරු වන බවය.

මත්පැන් සහ මත්ද්‍රව්‍යය‍ වලට ඇබ්බැහි වීම

මත්පැන් සහ මත්ද්‍රව්‍යය‍ වලට ඇබ්බැහි වීම ද මානසික ආබාධයක් ලෙස සලකන අතර එය භයානක නොවන මානසික ආබාධ යටතට ගැනේ. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජීවත්වන්නන්ගෙන් 26% ක් පමණ හානිකර ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී ඇති බව හෙළි වී ඇත.

බිය, ග්‍රස්ථිය, කාංසාව වැනි සුළු මානසික ආබාධයන් සහිත පුද්ගලයෝ අප සමාජයේ කොතෙකුත් සිටිති.

ප්‍රතිකාර.

ඉහත කී උග්‍ර තත්ත්වයේ මානසික රෝගවලට ඉක්මන් ප්‍රතිකාර ලබා දීම අවශ්‍යවේ. එසේ කිරීමෙන් එම පුද්ගලයන්ගේ මනස ආබාධ තත්ත්වයට පත්වීම අඩුවේ. පමාවී ප්‍රතිකාර කිරීමෙන් රෝගියා සුව කර ගැණිම පමාවේ.

අන්ධ විශ්වාසයන්

මානසික රෝගවලට හේතු වන්නේ අද්භූත බලවේගයක බලපෑමක්, ග්‍රහ අපලයක්, හදි හූනියමක් වැනි දෙයක් යැයි ඇතැම්හු විශ්වාස කරති.
එම විශ්වාසයන් ඔස්සේ ගොස් මිල මුදල් වැය කරමින් කාලය කා දමමින් බොහෝ දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර පමා කරති. නූල් බැඳීම, හුනියම් කැපීම, දෙහි කැපීම ආදිය සඳහා ඇතැම් උදවිය අවුරුදු ගණන් කාලය කා දමති. එවැනි නිෂ්ඵල දේ සඳහා කාලය ගත කළ විට රෝගියාගේ මොළයේ සෛල විනාශ වී මොළය ආබාධිත තත්ත්වයට පත්වේ.

මානසික රෝග පිළිබඳව අප සමාජය තුළ පවතින ආකල්ප රෝගියා සමාජයෙන් සඟවාගෙන සිටීමට හේතු වී ඇත. තම පවුලේ අයකුට මානසික රෝගයක් ඇතැයි පැවසීමට පවා බොහෝ දෙනා කැමති නැත. එමෙන්ම තම පවුලේ අයකුට මානසික රෝගයක් ඇතැයි විශ්වාස කිරිමට ඇති අකමැත්ත ද වෛද්‍ය ප්‍රතිකාරවලට ඉක්මනින් යොමු නොවීමට හේතු වී ඇත.
මානසික රෝගයකට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමුවීම පමා කිරීම , අතපසු කිරීම , නොදැනුවත්කමකම, වැනි සෑම ක්‍රියාවකම ප්‍රතිඵලය වන්නේ මානසික රෝගයට ගොදුරු වූ පුද්ගලයාගේ රෝගී තත්ත්වය තව තවත් උග්‍රවීමයි.

තම පවුලේ අයකු කිසියම් මානසික රෝගයකට ගොදුරු වී ඇත්නම්, මතක තබාගත යුතු වැදගත් කරුණු 3 ක් ඇත. එය මනෝ වෛද්‍ය ප්‍රතිකාරවල ත්‍රීමූර්තිය ලෙස හැඳින්විය හැකිය
1. වහා ප්‍රතිකාර කිරීම,
2. ඵලදායී ලෙස ප්‍රතිඵල ලැබෙන තෙක් ප්‍රතිකාර කිරීම,
3. නැවත නැවත රෝගය මතුවීම වැළැක්වීම
දීර්ඝ කාලීනව ප්‍රතිකාර කිරීමෙන් මානසික රෝගවලින් සිදුවන ආබාධ වළක්වා ගත හැකිය.

මානසික රෝග සහ ඒවා මැඩපවත්වා ගැනීම පිළිබඳව අනෙක් රෝගවලට සාපේක්ෂව සමාජය තුළ දැනුවත් භාවය අඩුය.

මෙම වියමන සැකසීම සදහා පලවු ලිපි කිහිපයකින් කරුනු එක් කරගතිමි – කඩුල්ල

About these ads

4 thoughts on “මානසික රෝග

  1. මානසික රෝග වක්ලට හේතු මේ භවය ඉක්මවා යන බව දැනට දන්නා කරුණු අනුව කිව හැකිය. බටහිර පිලිවෙතට අනුව නම් කෙරුණු මානසික රෝග නම් වූයේ රෝගියාගේ හැසිරීමේ රටාව අනුව පමණය. මේ පිලිබඳව වෙනත් කරුණු දැන් දැන් ආවරණය වෙමින් පවතී.

    මේ වෙබ් අඩවි බලන්න.

    http://sgunatunga.blogspot.com/2008/10/blog-post_28.html

    http://www.brianweiss.com/

  2. මානසික රෝගකියන්නේ තවමත් අඩු අවධනයක් යොමු වුන රෝග තත්ත්වයක් ලෙස හදුනා ගත හැකි වෙනවා. විශේෂයෙන් විශාදය එසේත් නැත්නම් මානසික අවපීඩනය කියන්නේ බොහෝ විට විවිධ anti social activities වලට මෙන්ම suicides වලටද හෙතුවන කරුනක්

    මෙවැනි කරුණක් සම්බන්දව අවධානය යොමුකිරීම අගය කල යුතු වෙනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )