සිංහල අවුරුද්ද



පරිසරය බොහෝම දේවල් වෙනස් කරනවා අපේ පැත්තට කොහා එන්නේ අවුරුදු පහුවෙලා . අපේ පැත්තේ එරමුදු ගස් බොහෝම හිගයි. බෙහෙතකව ගන්න වගේ සමහර තැන් වල වවා ගෙන තියෙන්නේ. කොහා ඇවිත් කොහෝ කෙහෝ කියනවා අවුරුදු මාසෙට අපිට ඇහෙන්නේ නෑ. ඒත් අපේ පැත්තට බක් මාසේට මහ වැස්ස වසිනවා. බක් මාසේට හෙන අකුණු පුපුරනවා. කඩුල්ල සිංහල අවුරුද්ද සමරන්න ලැහැස්තිවෙනවා. මේ සද්ද බද්ද අස්සේ . හාල් සිල්ලර තුනපහ ටික , සතියකට හමාරකට ගබඩා කරගෙන අළුත් රෙදි පිලි එහෙම ගෙනල්ලා කඩුල්ලී ගජරාමෙට වැඩ. කඩුල්ල අවුරුද්දට වත් නොගෙනන ජාති තියෙනවා. ඒවා කඩුල්ලීට සම්ම ජාති අරහං.

පරණ පොත් පත්තර ටිකක් පෙරලා ගෙන කඩුල්ල අවුරුදු උත්සවය ගැන කරුණු කාරණා හෙවුවා. දන්නවට වැඩිය දැන ගන්න හිතා ගෙන . මීන රාශියයි මේෂ රාශියයි අවුරුද්දට සම්බන්‍ධ වුනේ මෙන්න විදියට.

……………….රාශි චක්‍රය අනුව මීන රාශිය අවසන් රාශිය වන අතර මේෂ රාශිය පලමුවන රාශිය වේ. සූර්යා මේෂ රාශියේ සිට ගමන් අරඹා අවුරුද්දක් ගෙවන විට මීන රාශියට පැමිනේ. මීන රාශියේ සිට යලිත් මේෂ රාශියට සූර්යා සංක්‍රමනය වීම ජොතිෂ්‍යය අනුව වසරක් ගෙවි නව වසරක් උදාවීමකි. මෙම ජොතිෂ්‍යය න්‍යාය අප වෙත ඉණ්දියානු අභාශයෙන් ලැබුනකි. හින්දුන් අළුත් අවුරුද්ද ලෙස සැමරු මෙම න්‍යාය අපට ගැලපිමටත් අප රට ස්ථාපිත වීමටත් අපේ අනාදිමත් කාලයක සිට පැවත එන කෘෂිකාර්මික ජීවන රටාව හේතු වන්න ඇත.
අපට බොහෝ දේ පිළිබදව ඇත්තේ ඉණ්දියානු ආභාෂයයි. අළුත් අවුරුද්ද පිළිබදවද ඇත්තේ ද එම ආභාෂයයි. සිංහල හින්දු අළුත් අවුරුද්ද වර්තමානය වන විට සිංහල අවුරුද්ද ලෙස හැදින්වීමට පුරුදුවී තිබෙනවා. …………………කඩුල්ල ඒ තොරතුරු ටිකෙන් සෑහිමකව පත්වුනා.

කඩුල්ල කල්පනා කලා සිංහල බෞද්ධ ජනතාවක් මේ අවුරුදු උලෙලක් කර ගහ‍ගත්තේ ඇයි කියලා ?. හොයා ගත්ත උත්තර ටික මේ විධියට ගොනු කර ගත්තා……………….බෞද්ධ ජනතාව අළුත් අවුරුද්ද සැමරුවත් එය බෞද්ධ සම්ප්‍රදායේ අංගයක් නොවෙයි. දීර්ඝ කාලයක් ජොතිෂය පදනම් කරගෙන ඇති කරගනු ලැබූන සම්මතයක් මත අවුරුද්ද සැමරීම සංස්කෘතික අංගයක් හැටියට අපේ සංස්කෘතියේ ප්‍රබල අංගයක් වී තිබෙනවා. සිංහල අවුරුද්ද මුළුමනින්ම සම්බන්ධ වී තිබෙන්නේ නක්‍ෂත්‍රය සමඟයි.
අතුරු උත්තරයක් ලෙස මේ කාරණාවත් සටහන් කරගත්තා. …………………………. නක්‍ෂත්‍රයේ එන අංග වන අනාගතය පිළිබඳ පලාඵල කීම, සුබඵල ගැන කෙරෙන සඳහන් කිරීම් සදහා අළුත් අවුරුද්ද මුල් කරගන්නවා…………………

අවුරුදු චාරිත්‍ර පටන් ගන්නේ පරණ අවුරුද්ද දෙස සලකන අප්‍රේල් 12 වෙනිදා ඉදලා. කඩුල්ල බිත්තියේ ගහලා තියෙන ඈපා ලිත දිහා බැලුවා. ……………………පරණ අවුරුද්දේ අප විසින් පවත්වා ගෙන ආ ජීවන ක්‍රියාකාරම් සදහා විරාමයක් ලබා දීලා . පරන අවුරුද්දේ කිසියම් නිශ්චිත දිනක ස්නානය , රැකියා කටයුතු වැනි දෛණික ක්‍රියාකාරකම් සහ ආහාර පිසීම ලිප ගිනි මෙලවීම ආහාර ගැනීම මේ සියල්ලටම විරාමයක් පනවලා. පුන්‍ය කාලය , නොනගතය කියලා වෙලාවක් වෙන්වෙලා. මේ වෙලාව පන්සලකට විහාරෙකට යනවා හැරෙන්න වෙන දෙයකට යෙද වෙන්නේ නෑ.

අළුත් අවුරුද්ද ලැබුවාට පසු නැවතත් සුභ වේලාවකට අනුව ලිපිගිනි මෙලවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම , ස්නානය කිරීම රැකීරක්ෂා සඳහා පිටත්ව යාම, වැනි පුද්ගලයෙකුට වැදගත්වන සියලුම ක්‍රියාවලට සක්‍රීය කරන්න කාල සටහනක් හදලා. මේ කාල සටහන අපි නැකත් හැටියට භාවිතයේ යොදනවා. එකම නැකතකට මුළු රටේම වැඩ ආරම්භ කරනවා. මෙය අසිරිමත් කටයුත්තක්. අලුත් අවුරුද්දේ එන වැදගත්ම අදහස මේ අලුත් ඇරඹුම කියලා කඩුල්ල හිතුවා.

කඩුල්ල අළුත් අවුරුද්දේ කරන කියන රාජකාරි ටිකත් නිරීක්ෂණය කලා. අවාට ගියාට යම් යම් නිගමන වලටත් ආවා. ……………………අළුත් අවුරුද්ද ඇරඹෙන්නේ වැඩිහිටියන් , නෑදෑයින් , අසල්වාසීන් මුන ගැසෙන අවස්ථාවක් සමග. මෙතැනදී පැරණි සබඳතා නැවත අලුත් කරගෙන තරහ මරහ තිබෙනවා නම් ඒවාත් අමතක කර ගෙන අවුරුද්දේ ඉදිරි කටයුතුවලට මුල පිරීමක් කෙරෙනවා.
සිංහල අවුරුද්දේ තිබෙන වැදගත් ම සංකල්පයත් එයයි. සිතට විශාල මානසික ශක්තියක් සහනයක් මේ නිසා අපට ලැබෙනවා. සිංහල අවුරුද්දේ තිබෙන අනෙක් මූලික අංගය තමයි සමගිය. එය පවුලේ සමගියෙන් ආරම්භ වී අසල්වැසියන් සමඟ බෙදාහදා ගනිමින් මුළු සමාජය වෙත විහිදී යන්නක්.

සිංහල අවුරුදු චාරිත්‍ර පවත්වාගෙන යාමේදී වැඩිහිටියන්ට ගරුකර ඔවුන්ගෙන් පටන්ගෙන බාල සහෝදර සහෝදරියන් වෙතත් අනෙකුත් අසල්වැසියන් වෙතත් ගරුත්වය හා එකමුතුකම බෙදා ගැනීමක් දක්නට ලැබෙනවා. ඒ තුළින් බාල පරම්පරාව වෙත වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.
වැඩිහිටියන්ට ගරු කිරීම කියන්නේ ඔවුන්ගේ උගත්කමට හෝ දැනුමට ගරු කිරීම නොවෙයි. කෙනෙක් වැඩිහිටි තත්ත්වයට ළඟාවෙන විට ඔහුට විවිධ අත්දැකීම් සම්භාරයක් ලැබෙනවා.

මීට දශකයකට පමණ පෙර බක් මහ උලෙල රට පුරා පවත්වපු සංවිධානත්මක ක්‍රීඩා තරග අවුරුදු කුමාරි තේරීමේ තරග ආදියෙන් ඔපවත්ව සංගීත සංදර්ශනයකින් අවසන්වු උත්සවයක් වෙලා තිබුනා. දැන් දැන් එවැනි සංවිධාණාත්මක උත්සව පැවැත්වෙන්නේ නැහැ. හේතුව පසුගිය කාලේ රටේ තිබුන දේශපාලන අස්ථාවරය වෙන්න ඇති..

ගම්බදව පවතින පැරණි චාරිත්‍ර වාරිත්‍ර මේ වන කොට නාගරිකව ජීවත්වන බොහෝ දෙනෙකුට ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ නෑ. ඒවා නූතන තත්ත්වයන්ට ගැළැපෙන ආකාරයට සකස් වෙලා – ඇති හැකි අය ගෙවල් දොරවල් වහලා දාලා හෝටල් කාමර වල නිවාඩු පාඩුව අවුරුද්ද ගත කරන්න නිවෙස් වලින් බැහැර වෙනවා.අළුත් අවුරුද්දේ මුලික සංකල්පයට මේ හැසිරීම නම් පාඩුවක්.

අද හැම දෙයක්ම වානිජකරණය වෙලා තියෙන්නේ. සමාජය මුළුමනින්ම නතු කරගෙන සිටින්නේ ව්‍යාපාරිකයින්.උත්සව සමයට විවිධාකාර පැකේජ එලි බහිනවා. ඒ අනුව සම්ප්‍රදායන්, ඇදහිලි, සංස්කෘතික ගුණාංගයන් හුදකලා වෙනවා.
සිංහල අවුරුද්ද වැනි සංස්කෘතික උත්සවයක් වෙළඳ ප්‍රවර්ධනයට යොදා ගැනීම බහුල ලෙස මේ දිනවලත් දකින්නට පුළුවන්.

එමඟින් ඇතිවන සංස්කෘතික බලපෑම පිළිබඳව සමාජයේ අවධානය යොමු කිරීමට උත්සාහ කළයුත්තේ රජය. රජයක් හැටියට යුතුකමක් තියෙනවා මේ සදහා මැදිහත් වීමට .

වෙළඳ ලෝකය අප යොමු කිරීමට උත්සාහ කරන දේවල්වලට යොමු නොවී, ඒවා පරිභෝජනය කිරීමට නැඹුරුවීම නොකළ යුතුයි.
අපිටත් පවත්නා සමාජයේ ජීවත්වෙන්නට වෙලා තිබෙනවා. එම නිසා වෙළඳ ලෝකය අපට කරන බලපෑම අපිට අවශ්‍ය විදිහට හරවාගෙන වැඩ කළොත් එය වැරදියි කියලා කඩුල්ල විශ්වාස කරන්නේත් නැහැ………………………………………

කඩුල්ලීගේ විධාණයක් එනවා. කඩුල්ලට සිද්ධ වෙනවා සියළු වැඩ කවයුතු අත්හරින නොනගතය උදා කරගන්න. වියමනත් වියමන් කරන එක අත්හිටවන්නයි වෙන්නේ අවුරුදු නැකත් යෙදිලා තියෙන විදියට අළුත් ඇරඹුමක් සමගින්ම ඇයෙත් දවසක හමු වෙමු .

සැමටම සුබ නව වරක් වේවා කියලා කඩුල්ල ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා.

About these ads

One thought on “සිංහල අවුරුද්ද”

  1. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )