අතීතයෙදී පුලතිසි පුරවරය ලෙස හැදුන්වු පොළොන්නරුව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ, පුරා විද්‍යාත්මක වටිනාකම් රැසක් අපට ඉතිරි කළ , අපේ අතීත සෞභාග්‍යාත්මක භාවය ලෝකයට කියා පාන ප්‍රදේශයකි .

වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බ්‍රිතාන්‍ය පාලන සමයේ සමයේ නැවත හෙළි පෙහෙළි කැරිණි. ඉන්පසු ඩී.එස් සේනානායක මැතිදුන්‍ගේ නව ගොවි ජනපද ව්‍යාපාර ව්‍යාපෘතිය අරඹීමත් සමග පොළොන්නරුව පිඹිදීමට පත්වන්නට විය. වර්තමානය වන විට පොලොන්නරු පූජා භූමිය වෙන්ව නව නගරයක් කදුරුවෙල බිහිවී තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය , බස් නැවතුම් පොල සහ ව්‍යාපාරික ස්ථාන නව පොළොන්නරු නගරය තුල පිහිටා ඇත.
පැරණි අනුරාධපුරයේ මෙන් පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැත.
ඓතිහාසික පොළොන්නරුව නගරයක් ලෙස නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු ඉදිකල විජිතපුරය ඓතිහාසික පොළොන්නරුව බව මතයකි. දුටුගැමුණු රජු විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි
පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආක්‍රමණය කොට පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් මෙරට පාලනය කරනු ලැබු මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් එතුමන් රට පාලනය කළ බව සදහන්වේ.එකළ රාමඤ්ඤ පුරය, පඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පෙළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප්‍රමාණයක් මෙම පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේ ඉදිකරවන ලද ගොඩනැගිළිය.

වර්ෂ 1197 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු බොහෝ වෙහෙර විහාර කරවා ප්‍රතිසංස්කරණය කල බව ඉතිහාසයයේ සදහන්වේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇති බවට සාධක පොත පතෙහි සදහන්වේ. .පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ පළමුවැනි උපතිස්ස රජු ක්‍රිස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැවබැන්දවු බව සදහන් කරයි . ක්‍රිස්තු වර්ෂ 633 දී තුන්වැනි අග්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ.

රජවරුන් පහළොස් දෙනෙක් සහ ලීලාවතී හා කළ්‍යාණවතී නැමැති රැජිනියන් ද පාලනය කළ පොළොන්නරු රාජධානිය සොළි ආක්‍රමණයෙන් බිඳවැටේ. ඉන් පසු කාලිංග මාඝ නම්වු සොළි රජු ගේ පාලනය ඇරඹේ. මෙකළ ඇතිවු හින්දු සංස්කෘතිකමය ආභාෂයන් ශිව දේවාල, පොලොන්නරුවේ සදකඩපහන ආදී නිර්මාණවල සටහන්වේ.
නැවත දෙවැනි පරාක්‍රමබාහු කාලිංඝ මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය.
ඉතිහාසය පොළොන්නරු යුගය අවසන් කරන්නේ තුන්වැනි පරාක්‍රමබාහු රජතුමාගෙනි. ඔහු ක්‍රිස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රට පාලනය ගෙන ගියේය.

“ඓතිහාසික පොළොන්නරුව නගරයක් ලෙස නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු ඉදිකල විජිතපුරය ඓතිහාසික පොළොන්නරුව බව මතයකි. දුටුගැමුණු රජු විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි”
දුටුගැමුණු රජතුමා අනුරපුරය ආක්‍රමණ්ය කරද්දී කන්දවාරපිට්ඨි නම් තැනක කඳවුර ලා ගත් බවත් එය පොළොන්නරුව බවටත් මතයක් පවතී. එසේම 1 උපතිස්ස රජ දවස පුලස්තිපුර වැවක් කරවූ බව ඇති සෙල්ලිපියක් හමුව ඇත. ඒ හැරුණු කොට 4 අග්බෝ, 7 අග්බෝ, 2 සේන, 5 සේන රජවරුන් පොළොන්නරුව අගනුවර කරගෙන රජකම් කර ඇත.
වර්ෂ කීපයක වෙනස්වීම් වෙන්න ඕනේ. …………..
“වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු”
මෙය සිදුවන්නේ ක්‍රි.ව 1070 දී.
“පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ”
මෙය සිදුවන්නේ ක්‍රි.ව 1153 දී
“වර්ෂ 1197 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු බොහෝ වෙහෙර විහාර කරවා ප්‍රතිසංස්කරණය කල බව ඉතිහාසයයේ සදහන්වේ.”
මෙය සිදුවන්නේ ක්‍රි.ව 1187 දී
“ඉතිහාසය පොළොන්නරු යුගය අවසන් කරන්නේ තුන්වැනි පරාක්‍රමබාහු රජතුමාගෙනි. ඔහු ක්‍රිස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රට පාලනය ගෙන ගියේය. “”
මෙය සිදුවන්නේ ක්‍රි.ව 1287 දී
මේ වර්ෂ ලබාගත් මූලාශ්‍රය මොකක්ද කියලා කියන්න පුලුවන්ද ?
මෙම මුලාශ්‍රයන් මා ලබාගත්තේ ඉතිහාසය උගන්වනු ලබන සහ උසස් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින සහෘදයෙකුගේ සටහන් ඇසුරෙනි. නිවරදිවිය යුතු ඇත්නම් නිවරදි කරන්න මටත් වියමන කියවන සැමටත් ප්‍රායෝජනවත් වේවි.
කඩුල්ලට සහය වන ඔබට ස්තුතියි.
ඔබට පුලුවන් කමක් තියෙනවා නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන “ශ්‍රී ලංකාවේ ඉතිහාසය” පොත් හතරත්, මහාචාර්ය H.T. බස්නායකයන් රචිත ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය කෘතියත් කියවන්න. වඩාත් නිරවද්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවේවි…………..
හොඳයි මචං
පොලොන්නරු පාලනයේ රාජ්‍ය කාලයන්.
• 1017 දී අනුරාධපුර රාජධාණිය බිද වැටුනේ යයි සදහන්
පස්වෙනි මහින්ද (මිහිදු) 982-1029
හතරවන කස්සප 1029-1040
මහලාන කිත්ති 1040-1042
වික්‍රම පණ්ඩු 1042-1043
ජගතිපාල (ජගත්පාල) 1043-1046
පරාක්‍රම පණ්ඩු 1046-1048
ලෝක (ලෝකිස්සර ,ලෝකේශ්වර ) 1048-1054
හත්වන කස්සප 1054-1055
පලමුවන විජයබාහු(විජය-බා) 1055 -1110
පලමුවන ජයබාහු 1110 – 1111
පලමුවන වික්ර මබාහු 1111 – 1132
දෙවන ගජබාහු 1132 – 1153
පලමුවන පරාක්‍රමබාහු (පැරකුම්බා) 1153 – 1186
දෙවන විජයබාහු 1186- 1187
නිශ්ශංකමල්ල 1187 – 1196
දෙවන වික්‍රමබාහු 1196 – ——
චෝඩගංග 1196 – 1197
ලීලාවතී රැජිණ 1197 – 1200
සහස්සමල්ල 1200 – 1202
කල්යාණවතී රැජිණ 1202 – 1208
ධර්මාශෝක 1208 – 1209
අනිකංග මහාදිපාද 1209———
ලීලාවතී රැජිණ (දෙවන රාජ්‍ය කාලය ) 1209 – 1210
ලෝකේශ්වර 1210 – 1211
ලීලාවතී රැජිණ (තුන්වන රාජ්‍යය කාලය) 1211 – 1212
පරාක්‍රම පණ්ඩු 1212 – 1215
මාඝ ( කාලිංග විජයබාහු) 1215 – 1236
තුන්වන විජයබාහු 1232 – 1236 ( දඹදෙණිය රජ කලේය)
දෙවන පරාක්‍රමබාහු (පන්ඩිත දෙවන පරාක්‍රමබාහු) 1236 -1270
හතරවන විජයබාහු (බොසත් විජයබා) 1270 – 1272
බුවනෙකබාහු 1272 – 1284 (දඹදෙණිය සහ යාපහුව රාජධාණි )
අරාජික සමය 1285 -1286
තුන්වන පරාක්‍රමබාහු 1287 – 1293 (පොලොන්නරුව රජ කලේය )
*1270 -1272 න් පසුව පොලොන්නරුව අත්හැර දමා ඇති බව ඉතිහාසය නිරීක්ෂ ණය කරන්නන්ගේ මතයකි.
පොලොන්නරු යුගය මාතෘකාවු වියමනේ යම් විෂමතා ඇති බවක් හසිත ගේ ප්‍රතිචාරය නිසා කඩුල්ලට අවබෝධ විනි. ඒ නිසාම තවත් තොරතුරු සොයන්නට කඩුල්ල සිදුවිනි. වියමනක සරල ඉඩකඩ තුල විස්තර කළ නොහැකි විෂයයක්වු ඉතිහාසය පිළිබද මේ දත්තයන් හා ගලපා පොලොන්නරු යුගය නම් වු එම වියමනේ තවත් අඩුපාඩු දකී නම් ප්‍රතිචාර දක්වන්නට සංවේදී වන්නේ නම් සතුටකි.
අපි දන්ෙන් නැති ෙගාඩක් ෙද්වල් ඉෙගන ගත්තා. ෙගාඩක් ස්තූතියි.
නියම වැඩක්…
ගොඩක් දේ දැනගත්ත.