උත්තරාරාමය -පොලොන්නරුව.


උත්තරාරාමය -පොලොන්නරුව.

පොලොන්නරුව අනුරාධපුරය සහ සීගිරිය තවමත් කඩුල්ලට නිමා කළ හැකිවු චාරිකාවක් නොවේ. සතියක් දෙකක් නතරව නිවීහැනහිල්ලේ ඇවිද අධ්‍යයනය කල යුතු චාරිකාවක් වුවත් එවැනි විවේකයක් සහ ආයෝජනයක් කිරීමට කාලය කඩුල්ල ට තවමත් පැමිණියේ නැත. දවසක දෙකක චාරිකාවක දුවන ගමන් ‍ගොඩ වැදෙන ස්ථානත් , දුවන නිසා වෙහෙස ලැබීම නිසාත් නොනිම වන චාරිකාවක් ලෙස කඩුල්ල හැමදාමත් අතෘප්තිමත්ව සිටින බව මේ පුරා විද්‍යාත්මක සිහිවටන චාරිකාව ගැන සිහිපත් වන විට නැවත නැවතත් සිතන්නෙකි.

පසුගිය දිනක උත්තරාරාමය නම්වු අප ගල් විහාරය ලෙස හදුන්වන පූජණීය පුරා විද්‍යාත්මක සිහිවටනය අභියස මදක් රැදෙන්නට අවසර කඩුල්ලට උරුම වුනි. වට පිටාව සංරක්‍ෂණය කරමින් සුන්දර ස්ථානයක් ලෙස පිබිදෙන්නට ඇරඹිමක් ගෙන තිබිනද නොගැලපෙන වටා පිටාව තවමත් එහි අරක් ගෙන ඇති බවක් ඇවිද යන විට සිතට ආ කරුණකි.

පරාක්‍රමබාහු මහ රජතුමා දෙමළ මහ සෑස (මහා ස්තූපය) අසල තිබු පර්වතය සොදුරු නිර්මාණයක් ලෙසින් විජ්ජාධර ,නිස්සින්න පටිමා සහ නිපන්න පටිමා ලෙන යන ගුහා තුනක් ඇතුලත්වු උත්තරාරාමය නිර්මාණය කල බව චුල වංශයේ කියවේ.

උත්තරාරාමයේ පිහිටි සැතපෙන බුදුපිළිමය දෙනෙත් එක් තැන්කර සමාධිගත කරන නිමවුමකි . දිගින් අඩි 46.3ක් පමණවු සැතපෙන බුදු පිළිමය බුදුරජානන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩ සිටිනා අන්දම නිරූපනය වන බව කියවේ. උන්වහන්සේගේ සිවුරේ රැළි පවා ඉතා සියුම්ව නෙළා තිබීම ශිල්පීය ඥාණයේ විශ්මිත බව කියයි. බුදුරජානන් වහන්සේට වම් පසින් නෙළා ඇති හිටි පිළිමය ආනන්ද හිමියන්ගේ ( උස අඩි 27 කි) යයි විවාදාත්මක මතයකි. බුදුරජානන් වහන්සේ පරිනිරිවාන මංචකයේ වැඩ සිටින විට ආනන්ද හිමි කම්පිතව ඒ අසලින් වැඩ සිටිනා අන්දම නිරුපිතයයි යන මතය අපටද පිළිම වහන්සේලා දෙස බලා සිටින විට සිතට පහලවේ.

අඩි 168ක් දිගින් යුත් මෙම නිර්මාණ සංකීර්ණය පිළිම ගෙවල් සහ පරිසරයට නිරාවරණ වු පිළිමයන්ගෙන් යුක්තය. වර්තමාණයේ නිරාවරණව පවතින පිළිම වහන්සේලා අතීතයේදි වහලයන්ගෙන් ආවරණය කර තිබු බවක් ද කියවේ.
භාවනානුයෝගීව සමාධි මුද්‍රාවෙන් සහ වීරාසනයෙන් වැඩ සිටිනා බුදු පිළිමයේ රශ්මි මාලාව දක්වා ඇති අතර ආසනයේ සිංහ රූපයන්ගෙන් සහ වජ්‍ර මෝස්තරයන්ගෙන් සරසා ඇත.මෙම කොටස හදුන්වා ඇත්තේ විජ්ජාධාර ගුහාව ලෙසය.
නිස්සන්න පටිමා ගෘහය ලෙස හදුන්වන කොටසේ පිහිටුවි ඇති බුදු පිළිමය වජ්‍රාසනයක් මත වැඩ සිටුවා ඇත. දෙපසින් විජිණිපත් දැරූ දෙදෙනෙකු නෙලා ඉහළින් විෂ්ණු සහ බ්‍රහ්ම දේව රූප නෙලා ඇත.

මෙම වියමනේ අඩුපාඩු සහ වැරදි ඇත්නම් ප්‍රතිචාර තුලින් නිවරදි කරන්න.






About these ads

7 thoughts on “උත්තරාරාමය -පොලොන්නරුව.

    1. පොලොන්නරුවේදී අපට දැකිය හැකි සම්පුර්ණ නොවු සුවිසල් ඉදිකරීමකි දකුණු ඉන්දියාණු දෙමළ සිරකරුවන් යොදවා පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම ඉදිකිරිම සිදුකර ඇත. ඉදිකිරීම් සම්පුර්ණ වුවා නම් ලංකාවේ ඇත්වන විශාලම චෛත්‍යාය මෙම ඉදිකිරීම බවට අනුමානය කරයි.

      1. පේරාදෙනිය වි.වි. 3නි වසරේදී කන්ඩායම් විනෝද ගමනට පොලොන්නරු ගියෙමි. නැවතත් එහි යාමට සිතෙහි ඉතාමත් ආසාවක් ඇත. ආදී මුතුන් මිත්තන් විසින් ඉතා ප්‍රාථමික තාක්ෂණික උපකරණවලින් තනන ලදදෑ නවීන තාක්ෂණය මගින් අපි නොකරන බව මතක්කර ගැනීමට හොඳම තැන පොලොන්නරුවයැයි මට සිතේ.

    1. එයට විජ්ජාධර ගුහාව, විද්‍යාධර ගුහාව ලෙසද භාවිතා වෙනවා.

      උදාහරණ ලෙස මහාචාර්ය H.T. බස්නායකයන් රචිත “ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය” කෘතියේ 287 පිටුවේ එය හඳුන්වා ඇත්තේ “විජ්ජාධර ගුහාව” නමින්.

      අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති “ශ්‍රී ලංකාවේ ඉතිහාසය-දෙවන කොටස” තුළ සාහිත්‍ය හා කලා ශිල්ප යන පරිච්ඡේදයේ 233 පිටුවේ මහාචාර්ය මංගල ඉලංගසිංහයන් එය දක්වන්නේ “විද්‍යාධර ගුහාව” ලෙස.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )