හුම්මානය දකුණු වෙරලේ පිහිටි ස්වභාව ධර්මයා විසින් කරන ලද අපුරු නිර්මාණයකි.අතීතයේ ශ්‍රී ලංකාව අරාබීන් විසින් “සෙරන්ඩිබ් ”නමින් හදුන්වනු ලැබිනි. “සෙරන්ඩිබ් ” යන්නේ අරුත ප්‍රීතිමත් හැගීම් දනවන විස්මිත දෙය යන්නයි. ඇත්තෙන්ම අපේ රට ප්‍රීතිමත් හැගී ම් දනවන විස්මිත දැයින් පිරී පවති. කඩුල්ල පසු ගිය වියමන් කිහිපයක පල කල හෝර්ටන් තැන්නත් මෙවැනිම ස්වභාව ධර්මයේ අසිරිමත් බව කියාපාන මිටියාවතකි.
හුම්මානයට දකුනේ බස් වහරෙන් “ කරිජ්ජමාලාව ” කියා ද හදුන්වයි. මාතර – හම්බන්තොට මාර්ගයේ 184 කි.මි කනුව අයත් වන්නේ නාකුළුගමුවටයි. නාකුළුගමුවෙන හැරී වෙරල තීරයට පිවිසිමට ප්‍රධාන මාර්ගයෙන්හැරී කි.මි1.5 පමන දුර ගෙවන විට කුඩා වැල්ල -වැලි කැලේ වෙරළ තීරයේ කදු ගැටයක් මත මෙම අපුරු ජල මල ස්ථානගතවේ. මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට “ හුම්” ලෙසින් මුමනන හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු බවකි.
අපේ රටේ ඇති මෙම හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා බව වාර්තා වේ.
නිරිත දිග මෝසම් වාරකන් සමයේ මුහුදු රල වේගවත්වු විට හුම්මානය වඩාත් ක්‍රීයාශීලි වි අඩි 40-50 පමන උසට අහස දෙසට ජල මලක්ව විහිදී යන අයුරු දක්නට ලැබීම අසිරියකි.
හුම්මානය අසලදී කෑ ගැසීම, හූ කීම හුම් හඩට සමාන ශබ්ද නැගීම අත්පුඩි තැලීම හුම්මානයේ ක්‍රීයාකාරිත්වය ඉහල නැංවීමට හේතුවන බව ගැමියන් අතර මතයක් පවතී. මෙය මිත්‍යවක් වුවද හුම්මානය අසලදී මෙවැනි ක්‍රීයාකාරකම් අත්හදා බැලීම විනෝදයට කරුනක් නම් වනු ඇත.
The blow hole or Hummanaya in Mawella , Dicwella, is and attractive natural feature. Sea spray splashes up to 40-50 feet during the monsoon period and attracts many a foreign and local tourist.

oya kauruth dannetiva ati matara tiyenava muhude bingeyak lassana places aka
මධුටයි මේ.
apata thorathru liyanna. අපට තොරතුරු ලියන්න. මම අහලා තියෙනවා දෙවුන්දර ,සහ කොටුවේගොඩ හුම්මානයන් ඇති බව. තංගල්ලේ පීස් හෙවන් කියලා සංචාරක නිකේතනයක් අසල හුම්මානයක් තිබිලා ප්‍රභු වරයෙකුට නින්ද යන්නේ නෑ කියලා වහලා අක්‍රීය කරලා කියලා කතාවක් අහලත් තියෙනවා. මේ තංගල්ලේ හුම්මානය නැවත සක්‍රීය කරන්න පුළුවන් තත්වයෙන් තියනවා කියලා කියනවා. කඩුල්ලට මේවා ආරංචි විතරයි. තවමත් සොයා ගෙන යන්න අවස්ථාව ලබා ගන්න බැරිවුනා.
අසල්වාසීන් ඉන්නවා නම් මේවා ගැන ලියන්න කඩුල්ල ආරාධනා කරනවා.
මහත්මයාණෙනි,
පරිසරය පිළිබඳ ඔබ විසින් සපයා තිබෙන ලිපි පෙළ බෙහෙවින් අගනේය. කාර්යබහුලත්වය හෝ වෙනත් විවිධාකාරයේ හේතු නිසා මෙවන් තැනකට නිතර නිතර ගොඩවැදීමට නොහැකි අප වැන්නවුන්ට මෙවැනි ලිපි පෙළකින් දැනගත හැකි කරුණු බොහොමය කි. දිගටම ලියන්න. ඔබට ජය!
හුම්මානයක් නිර්මාණය වීම කියන්නෙ අතිශය දුර්ලභ දෙයක්,,,සමහර විට ඔය රල ස්වභාවය දිශාව,,පාශානයේ පිහිටීම පොඩ්ඩක් වෙනස් උනොත් හුම්මානෙ ඕෆ් වෙන්නත් පුලුවනි….
මේ කරුණු කාරණා සිංහල විකියට ඇතුළත් කලොත් හොඳයි නේද ? සිංහල විකියේ පරාසය පුළුල් කරන්න ඒක ලොකු දායකත්වයක් වෙයි…..
උත්සහා කරන්නම්