-
අලිමංකඩ යුධ ස්මාරකය – කොටසක දර්ශණයක්
-
අලිමංකඩ යුධ ස්මාරකය
යුද විරුවන් සිහිපත් කරනා මෙම සතියේ අලි මංකඩ සිට හමුදා විරුවන් වෙත කඩුල්ලට ප්‍රනාමය දක්වන්නට හේතු වාසනා ලැබීම භාග්‍යයක්ම විය.
නන්දිකඩාල් කලපුවෙන් අපා ගත වන තෙක් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය විනාශ කල ප්‍රභාකරන් ගෙන් රට බේරා ගත් හමුදා විරුවන්ට ජාතියේ උපහාරය පුද කරමු.
-
අප වෙනුවෙන් සහ රට වෙනුවෙන් දිවි පිදු කෝප්‍රල් ගාමිණී කුලරත්නයන්ට නිවන් සුව අත්වේවායි ! කඩුල්ල ප්‍රාර්ථනය කරයි.
මේ දකින්නේ හසලක වීරයා ලෙස සදාකාලික අප මතකයේ ලැගුම් ගත් කෝප්‍රල් ගාමිණී කුලරත්නයන් සිහිපත් කිරීම වෙනුවෙන් සංරක්ෂිකත කර ඇති 1991. ජුලි 13 වෙනිදා ඔහු විසින් පුපුරුවා හරින ලද බුල්ඩෝසරයයි. පුපුරණ ද්‍රව්‍ය කිලෝ සිය ගනනක් පුරවා අලිමංකඩ යුධ හමුදා කදවුර දෙසට ධාවනය කරවු මෙම බුල්ඩෝසරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් කඩා පැන බුල්ඩෝසරය පුපුරවා හැර තම ජීවිතය කදවුරේ සහෝදරයින් වෙනුවෙන් පූජා කොප්‍රල් ගාමිණී කුලරත්නයන් “පරම වීර වීභූෂණ “ සම්මානයෙන් පුද ලද පළමු සොල්දාදුවාය.





මේ කාලයේ බොහෝ දෙනෙක් එකිනෙකා අමතන්නට පුරුදු වී ඇත්තේ යහලුවන්ට මෙනි. බුදු දහම අකාලිකය. බුදු රජානන් වහන්සේ දේශනා කල මහා මංගල සූත්‍රයේ අර්ථය වටහා ගතහොත් දැනට භාවිත වන මේ ක්‍රමය බුදු දහමට පටහැනි බව පෙනී යනු ඇත. නමුත් අවාසනාවක මහත. බටහිරෙන් පැමිනෙන සෑම දෙයක්ම අපේ අධ්‍යාපන(අ)ඥයින් පවා පිලිගෙන ඇත. මම මහත්මයා යනුවෙන් ඔබ අමතන්නේ “ගාරවෝච නිවාතෝච….” යන ගාථාව සිහිගන්වමිනි.
මහත්මයා පවසන පරිදි මේ රට වෙනුවෙන් දිවි පිදූ උදාර රණ විරුවන් අප නිති පතා සිහිපත් කල යුතුය. වසරකට වරක් ස්මාරකය අබියස පහන් දැල්වීම පමණක් ප්‍රමානවත් නොවේ. දැනට ඉතිහාසය ඉගැන්වීම කෙසේ සිදුවේදැයි නොදනිමි. නමුත් 1950 දශකයේදී එවකට මතකයේ රැඳී තිබුනු 1915 කෝලාහලය ආනන්ද විද්‍යාලයේ සයවැනි පන්තියේ වී ඩී ද ලැනරෝල් මහතා විසින් රචිත “පියසිරිගේ පාසැල් සමය” නම් වූ පොත කියවීමට නිර්දේශ කිරීමෙන් එකල සිදු වූ සිද්ධීන් මනා ලෙස සිසුන්ගේ මනසට, මතකයට, ඇතුල් කිරීමට පිහිට වුනි. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් අරගලයේ ප්‍රථම වශයෙන් දිවිදුන් වීරයන් අතරෙන් හෙන්රි පේද්‍රිස් ප්‍රමුඛව සිටින බව සිහියට නැගේ. අද හෙන්රි පේද්‍රිස් යනු කවරෙක්දැයි පාසැල් ශිෂ්‍යයෙක් ඇසුවොත් මම පුදුම වන්නේ නැත. ඉතිහාසය ඉගැන්වීමට මනා ක්‍රම වේදයක් එකල තිබුනි. ඔබගේ සටහන් මම ඉතාමත් අගය කරමි.