හතර දෙනා ම සූරයෝ.


කඩුල්ල උතුරු අර්ධ ද්වීපයේ සංචාරයක් පිළිබදව සිහින මවමින් සිටිනා විට හදිසියේම වාගේ ඇතිවු ආරාධනාවක් පසුගිය දා ඒ සිහිනය සැබෑ කරවුයේය. උතුරු කර සංචාරයෙන් ඇතිවූ අත්දැකීම් පිලිබද සටහන් කිරීම ඉදිරියට තබා හැටක්වු පිරිසක ගෙන් කෙල්ලන් කිහිප දෙනෙක් මේ සංචාරය පුරා තම හැකියාවෙන් කල හපන්කම් කඩුල්ල සිත් ගත් බැවින් මේ සටහන උන් කිහිප දෙනාට උපහාර පිණිස මෙම වියමන පල කරන්නට අදහස් කලේ ය.

අපේ ගමන් මග බදුල්ල – මහියංගණය – පොලොන්නරුව – අනුරාධපුරය – වව්නියාව – යාපනය දක්වා විය . එක් බ්‍රහස්පතින්දාවක පස්වරු අටට පටන් ගත් ගමන පසුදින සිකුරාදා පස්වරු හතරට පමණ යාපනයටත් , නාගදීපය වැද පුදා ගැණීමෙන් පසු නවාතැන වු කන්කසන්තුරය ට පස්වරු නවයට පමණ ලගා වීමෙන් පැය විසිපහක රියදුරුවරයාගේ දුෂ්කර ක්‍රියාවට විරාමය සැපයීය. මේ කෙල්ලන් රියදුරු ගේ දුෂ්කර ක්‍රියාව පවා විනෝදාත්මක ධාවනයකට හරවමින් කණ්ඩායමත් සමග ඒකාත්මික වන්නට රියදුරු මනස හැර වීමත් විස්මිතවු හැකියාවක ලෙස කඩුල්ලට දැනෙන්න විය.

බ්‍රහස්පතින්දා ඇරඹු ගමන අවසන් වුයේ සදුදා පාන්දර හයට හිරු උදාව ගමානාන්තයේ සටහන් වන විට දීය. රාත්‍රී දෙකක නේවාසික පහසුකම් සහ ආහාර වේල් නවයක් සපයා ගන්නට අමුද්‍රව්‍ය පොදි බැද ගෙන සිටි කන්ඩායමට යාපන අර්ධද්වීපය තුල උණු උණුවේ කෑම වේල් හතක් නොමිලේ සපයා ගන්නට මේ කෙල්ලන් ගෙන් දෙදෙනෙකුට යාපනේ රැකියා අවශ්‍යතා මත පදිංචිව සිටි ඥාති සම්බන්ධතා ඉදිරිපත් විය .
යාපනය තුල කිසිදු ලෙසක බලාපොරොත්තු නොවිය හැකි නේවාසික පහසුකම් සුපිරි මට්ටමෙන් ඉතාමත් අඩුම පිරිවැය යටතේ මේ දෙදෙනා උපයා ගෙන තිබිනි. මෙම කටයුත්තත් සම කල නොහැකි මට්ටමේ ක්‍රියාවක් විය. කොතරම් පිරිවැය දැරුවත් යාපනය අර්ධ ද්වීපය තුල එවැනි පහසුකම් ලබා ගැනීම ආශ්චර්යක් ම විය.
කන්ඩායමක් තුල නොයෙක් මත ගැටුම් ඇතිවිම ස්වභාවිකය. එවැනි මත ගැටුමක් මතු වු විට වහා සමනය කර ගන්නා මේ කෙල්ලන් දවසේ වැඩ කටයුතු අවසන් වන රැයේ අන් අය නින්දට ගොස් ගොරවා ගොරවා සිටින විට උන් හතර දෙනා එකතු වි හොද නරක විවේචනය කරමින් වාද විවාද කර කර පැයක් දෙකක් හිනා වෙමින් කන්ඩායම් හැගීමක් නැති අය ගැන උපේක්ෂා සහගත වීමට මනස තුලනය කරගැණීමට සමත්වි තිබු දෙයක් විය.
ඉදිරි වියමන් කඩුල්ල යාපන අර්ධ ද්විපය ගැන සිතන දේ පල කරන්නට වෙන් කරන අතර ඉන් පෙර කල යුතු දේ ලෙස කඩුල්ල දැක්කේ යාපන අර්ධ ද්විපයට කඩුල්ල රැගෙන ගිය කන්ඩායමටත් හතර දෙනාම සූරයෝ වු මේ කෙල්ලන්ටත් ප්‍රනාමය පල කිරීමයි.

මේ වියමන ඔවුන්ට කරන ගෞරවයක් ලෙස පලකරමු – කඩුල්ල

About these ads

3 thoughts on “හතර දෙනා ම සූරයෝ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )