-
තල් අරඹක් යටදී රා කෑන් එකක් උස්ස ගෙන කොහොමද බීම ?. ලීටර් 20ක් එක උගුරට බී ගෙන බී ගෙන යන්න උත්සහායක් තිබුනේ. ඒත් ලීටර් දෙකක් බීලා ඇතිවුනා. පැය දෙකකට පස්සේ ආමාශය පෙරලි කරන්න පටන් අරන් නතරවුනේ වතුර භාජනයත් අරගෙන පටන් ගත්ත තල් අරඹෙන්මයි.
මේ කාච සටහන් ප්‍රකාශයට පත් කරන්නේ නැතිව මාධ්‍ය සදාචාරය සම්පුර්ණයෙන්ම රකින්න කඩුල්ල පරිස්සම් උනා.
උතුරේ සංචාරයකට එක්වුන අපේ නඩේ සගයෙකුගේ හපන්කමක් අවසන්වුනේ එහෙමයි.
-
***************** කවුද ? මේ අයියා ******************
කවුද ? මේ අයියා කියලා විමසන අය ඉහලයි. අයියා භාර පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති තුමිය බොහෝම සැරයි. එතුමිය අයියත් සමග බුද්ධි නිලධාරියෙකුත් යොදවලා තිබුනේ. අයියගේ ගමන් බිමන් පිරික්සන්න. අපි දැක්කා බුද්ධි නිලධාරියා විටින් විට එතුමියට ජංගම දුරකතනයෙන් වාර්තා සපයනවා. මේ වෙලාවේ නම් බුද්ධි නිලධාරියාගේ කනෙන් රිංගලා ගිහින් අයියා බූලීය කටේ තියා ගත්තේ. කරුමෙට කඩුල්ල කැමරාව අටවා ගත්තා බුලියට.
පලකිරීම කිරීම වළක්වා ගන්න කප්පමක් ගෙවන්නත් සූදානමෙන් හිටියත් බොහෝම දෙනාගේ ඉල්ලීම මත අයියා ව හෙළිදරව් කරන්න තීරණය කලා . අනේ පොලිසියට නම් මේක පෙන්නන්න එපා. අයියට කොට්ඨාශයට වාර්තා කරන්න බැරිවෙයි හවසට.




Tody is best medicine for Amila Pittaya
සෞඛ්‍යමත් ජීවිතයක් උදෙසා දිනපතා අපි රා බොමු. වෙළද පොලේ බොතල් කල රා ඇත. මි.ලි 750ක් රුපියල් 40.00කි.
ආ……. මල්ලී තල් රා හරි රසයි වගේ. කොහොමද අලි මංකඩ මල් වෙඩි…………………………….
අනේ මලේ මටත් රා ඇබිත්තක් හරි දියංකො ……………. (කියමින් අත් දෙකත් උස්සගෙන මේ අඩන අයියා කවුද බොලේ)
අයියා බූලියෙන් රා බොනවා . පින්තූරයක් පලකරන්නද ?.