අර්ධ වෘත්තාකාර ශෛලමය නිර්මාණයක් වූ සදකඩපහන පූජනීය ස්ථානයන්ට පිවිසෙන දොරටුවේ පියගැට පාමුල වර්තමානයේ අප යොදන පාපිස්නක් ආකාරයට පිහිටුවා තිබෙන කලාත්මක නිර්මානයකි.පුරාන ප්‍රභූ මාලිගාවන්ට පිවිසෙන ප්‍රධාන දොරටුවේ පාමුලද සදකඩ පහනක් සකස් කර තිබු බව සමහරක් මාලිගා නටබුන් අතර නිරීක්ෂණය කලහැකිය. සදකඩපහනක දෙපසින් මුරගල් දෙකක් සමග ආරක්ෂ ක වබැම්මක්ද ඉදිකර ඇත.(1 වන පින්තූරය.) මෙය වර්තමානයේ පියගැට පෙලට ඉදිකරනු ලබන අත්වැලට සමානය.
සදකඩපහනක වැදගත් කම ඇත්තේ එහි නිර්මානත්මක තේමාව තුලය. අර්ධ වෘත්තය කොටස් පහකට වෘත්තාකාරව බෙදා ඇත.
1. පිටත සිට පලමු කවාකාරයේ පලා පෙති / ගිණිදැල් නෙලා ඇත.
2. දෙවෙනි කවාකාරයේ ඇත්,ගව,සිංහ,සහ අශ්ව යන සතුන් එකිනෙකා පරයමින් දිවයන ආකාරයක් නිරූපනය කරයි.
3. තුන්වන කවාකාරයේ ලිය වැලකි.
4. හතරවන කවාකාරයේ නෙළුම් කැකුලක් හොටින් ගත් හංසයින් පේලියකි.
5. අවසාන කුඩා අර්ධ වෘත්තාකාර කොටස පද්මයකින් ( නෙළුම් මලකින්) සම්පූර්නවේ.මෙ අකාරයෙන් වෙන් වන කොටස් පහ නිරූපනය කරන අරුත ආචාර්ය සෙනරත් පරණවිතානයෝ දකින්නේ පහත ආකාරයටය.
1. ගිණිදැල් – තෘෂ්නාවෙන් දැල්වෙන බව .
2. සත්ව රූප – ජාති ජරා වයාධි ,මරණ .
3. ලිය වැල – තෘෂ්නාවෙන් වෙලි සිටීම.
4. හංස කැටයම – ඉහත කරුනු වලින් මිදී ශාන්තිය සොයා යාම.
5. පද්මය – පාරිශුද්ධවූ නිර්වාණය.අනුරාධපුරයේ ථුපාරාමය,මහසෙන්මාලිගය,දළදාමැදුර,බිසෝමාළිගයසහ පොලොන්නරුවේ වටදාගෙය,වටදා ගෙය උතුරු දොරටුවේ ඇති සදකඩපහන අපට ඉතාමත් පැහැදිලිව දක්නට ලැබෙන නිර්මානයෝ වෙති.පොලොන්නරුවේ සදකඩපහන තුල හින්දු ආභාසය දක්නට ලැබෙන අතර ගොන් රූපය ඉවත් කර ඇත.ගවයා හින්දූන් ගේ පුජණිය සත්වයෙකු නිසා මෙසේ සිදුවන්නට ඇත.
සදකඩපහන පොලොන්නරුව
මෙම සදකඩපහන් දෙකෙහි වෙනස් කම් නිරීක්‍ෂණය කරන්න.
අනුරාධපුර සදකඩ පහන


පරන විතාන මහතා පවසන පරිදි ලිය වැල් මගින් පෙන්නුම් කරන්නෙ ආශාවන් තිබුනද එහි ප්‍රයෝජන ස්වල්ප බවයි. අනුරාධපුරයෙන් හමුවන හොදම සඳකඩ පහන බිසෝ මාළිගයෙ සඳකඩ පහනයි.
isimbuwa , madawa 86
දෙන්නටම කඩුල්ල සුබ නව වසරක් ප්‍රාර්ථනය කරනවා.
ස්තුතියි .
නිවරදි වන්නට මග පෙන්නුවාට.
ඉදිරියටත් කඩුල්ල සමග රැදෙන්න ආරාධනා කරනවා.
මුලින්ම සුභ අළුත් අවුරුද්දක් පතනව.
“පූජනීය ස්ථානයන්ට පිවිසෙන දොරටුවේ පියගැට පාමුල ” මෙකතාව වැරදියි, සඳකඩ පහණ පූජණිය ස්ථාන වල විතරක් නෙමෙයි, ඒ කාලයේ තිබුනු සියළුම වගේ ගොඩනැඟිළි ඉදිරියේ තිබුනා.
“මුරගල් දෙකක් සමග ආරක්ෂ ක වබැම්මක්ද ඉදිකර ඇත.” මේ කියන වබැම්මට කියන්නෙ “කොරවක්ගල” කියල, ඇත්ත, ඒක අත්වැලකට සමානයි තමා. මකරෙකුගේ මුවින් නිකුත් වන දිව ලිය වැලක් ලෙස නිර්මාණය කරල තියෙනව.
සමහරෙක් කියනව, ඒකෙ ඉන්න සතුන් සිව් දෙනාගෙන් කියවෙන්නෙ සිව් දෙසින් ඇදී එන ජනී ජනතාව කියල. හංසයන්ගෙන් සංකේතවත් කෙරෙන්නෙ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියල එකකුත් තියෙනව.
අනුරපුර යුගයේ හොඳම සදකඩපහණ හමු වෙන්නෙ බිසෝ මාළිගය ඉදිරිපිටින්.
පොලොන්නරුව තුළදි නම් පොළොන්නරු වාදාගේ ඉදිරිපිටින්.
හින්දු ආභාෂය නිසා ගවයා ඉවත් වීමට අමතරව ඉතිරි සතුන් තිදෙනා තුන් පෙළකට වෙන් වීමත් සිදු උනා. තව අනුරපුරයේදී අල්පෝන්නතව කැටයම් කරපු එක පොළොන්නරුවේදී සුළු අර්ධෝන්නත ගතියකට පෙරළුනා හා එහි තිබූ සියුම් බව නැති වෙලා ගියා.
නුවර යුගයේදී තමා ආපහු සදකඩපහණක් දකින්න පුළුවන්. ඒක්දි ගොඩක් වෙනස්කම් උනා. අඩ පියුම පූර්ණ පියුමක් උනා, සියළුම සතුන් ඉවත් වෙලා ලිය වැල් පමණක් ඉතිරි උනා, අර්ධ කවාකාර හැඩය සුළු වශයෙන් ත්‍රිකෝණාකාර උනා.
sadakada pahana