13 වෙනි සශෝධනය

 

13 වෙනි සංශෝධණය අවතාරයක් වගෙයි. කාලයක් යටපත්ව තිබිලා නැවත මතුවෙනවා. නැවතත් සද්ද බද්දයක් නැතිව ඉදන් ආයෙත් කතාබහට ලක්වෙනවා. ජේ.ආර්.ජයවර්ධණ ජනාධිපතිතුමාට පරිප්පු දාගෙන රජිව් ගාන්ධි ගුටිකාගෙන  මෙරටට ඉන්දියාවෙන් ගෙන ආ 13 වෙනි සංශෝධණය එදා ශ්‍රීලනිප වර්ජනය කලා වගේම ගාමිණි ජයසුරිය වැනි ඇමතිවරුන් දේශපාලන බිමෙන් ඉවත් වෙන්න තරම් බලපෑමක් ඇති කලා.

13 වෙනි ශංශෝධණය අපේ කරේ ගැහුවේ උතුර – නැගණහිර තිබුනා කියන දේශපාලන ප්‍රශ්ණයට විසදුමක් හැටියට. උතුර -නැගෙණහිර ඒකාබද්ධ කරන්නත් බලවත් ඕන කමක් එදා තිබුනා. ඒත්  ජනමතවිචාරණයක අවශ්‍යතාවය ඇතිවෙලා තිබුන නිසා ඒ වැඩේ දිනෙන් දිනේ කල් ගියා.
උතුරට සහ නැගණහිරට හැර රටේ අනෙක් පලාත් වලට ඕන කමක් නොතිබුන පලාත් සභාවක් පිහිටුවලා එපා කියාපු අයත් දැන් ඒකේ වාඩිවෙලා ජනතාව සුරා කනවා. මේ පුංචි රටේ ඔය තරම් ආණ්ඩු මොනවටද හරියට සමබර පාලන විධියක් තියෙනව‍නම්. ද්‍රවිඩ ජනතාවට අසාධාරණයක් වෙලා තියෙනවා කියනවා. හරියට කිරලා මැනලා බැළුවොත් අසාධාරණයක් වෙලා තියෙන්නේ සිංහල ජාතියට . ඒත් සිංහල ජාතිය ඉවසා ගෙන ඉන්නව.

වර්තමාණයේ සාකච්චා වන ගැටළුව පලාත්  සභාවලට ඉඩම් සහ පොලිස් බලතල  අවශ්‍යය යයි කියන එක. මතකද වර්ධරාජා පෙරුමාල්…………..?. අන්තිමට වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කරලා රටින් පැණ ගිය මහ ඇමති.
එදා උතුරේ සිටි මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් ද්‍රවිඩ තරුණයන්ව බලහත්කාරයෙන් බදවා ගෙන  සිවිල් බළකාය පිහිටුවනු ලැබුවා. ඒකත් පොලිසියක් වගෙයි. ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්ට අවශ්‍ය බලතල විතරයි. රටේ කොයි දේශපාලනඥයත් එක වගෙයි. උතුර  දකුණ කියලා වෙනසක් නැහැ. ඒ මිනිස්සුන්ට ඔන බලතල විතරයි.ප්‍රභාකරන් අවුරුදු 30ක් තිස්සේ උතුරේ සහ නැගනහිර ජනතාව හිර කරගෙන අප්‍රමාණ දුකට පත්කලා. එදා ඒ මිනිසුන් වෙනුවෙන් කතා කරන්න ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්ට ප්‍රභාකරන් ගාවට යන්න හයි හත්තිය තිබුනේ නෑ. ප්‍රභාකරන්ගේ උන්ඩයට බයේ ප්‍රභාකරන්ගේ හොරණෑව වෙලා හිටියා. අද ඔවුන්ගේ බලතල වැඩිකරගන්න  ඉඩම් සහ පොලිස් බලතල   ඉල්ලනවා .

කඩුල්ල හිතන්නේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට පොලිස්‌ බලතල සහ ඉඩම් බලතල  අවශ්‍ය නැහැ කියලා. 13 වැනි සංශෝධනයත් ලංකාවටම  අවශ්‍ය නැහැ කියලා. පලාත් සභා කියන්නේ සුදුම සුදු අලියෙක්. කරන වැඩක් නැති කතා සාප්පුවක්. පිරිසකට බඩ තර කරගන්න හදාපු තවත් දේශපාලන මස් කඩයක්.

ද්‍රවිඩ සන්ධානය  ඉල්ලන මේ බලතල පළාතේ මහ ඇමැති වෙත දුන්නොත් ඒ ප්‍රදේශ වල පදිංචි  සිංහල හා මුස්‌ලිම් ජනතාවට අගතියක්‌   වෙන්නේ නෑ කියලා අපිට නිශ්චය කරන්න බැහැ.  මේ ගොල්ලා කරන වැඩ  බලාගෙන ගියාම. පොලිස්‌ බලතල ඉල්ලන ද්‍රවිඩ සන්ධානය වැල්ලවත්ත හා කොළඹ අවට සිටින ද්‍රවිඩ ජනතාවත් උඩරට ද්‍රවිඩ ජනතාව ගැනත් හිතන්නේ මොනවගේ අදහසක්ද ?. කියලා හිතා ගන්න බැහැ. මේ ප්‍රදේශවල වැඩි ජනගහනයක් ද්‍රවිඩ ජනතාව. ඒ මිනිස්සු ත් සිංහල ජනතාව වටේ ඉන්නවා කියලා වෙනම පොලිසියක් ඉල්ලයි.

මුලින්ම කඩුල්ල සදහන් කලා කොයි දේශපාලනඥයත් එක වගෙයි කියලා. ද්‍රවිඩ සන්ධානයේ සම්පන්දන්ලා ද්‍රවිඩ ජනතාවට ලබාදුන්  දෙය මොකක්ද  කියලා   ඔවුන්ගේ හදවතට තට්ටු කර විමසන්න ඕනි. ඔවුන් අද වන තෙක්‌ කිසිම දෙයක්‌ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ලබා දීලා නැහැ. ඔවුන් කරන එකම දෙය රට රට වල ඉන්න ද්‍රවිඩ අන්තවාදීන්ගේ  සල්ලි ගරා ගන්න මොකක් හෝ උප්පරවැට්ටියක් කරන එක  පමණයි.

ජනතාවට අවශ්‍ය සාමය සෞභාග්‍යය . මේ ගොල්ලා ඉල්ලන්නේ බලතල.

නෙළුම් කුළුන – ආශ්චර්යක මහිම..

අධිවේගි මාර්ග ඇතිවිය.  නෙළුම් පොකුණු ඇතිවිය. දැන් කතා බහ තවත් නෙළුමකි. ඒ කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව අද්දර ඉදිවන ”නෙළුම් කුළුණ” යි.

මට මතක් වන්නේ අපේ අල්ලපු ගෙදර ගුණරත්න මහත්තයයි. ඹහු රජයේ සේවකයෙකි. බිරින්දෑ ගුරුවරයෙකි. ඒ නිසා දෙදෙනාම රජයේ සේවකයෝය.  මීට අවුරුදු තිහකට පමණ පෙර අපේ අසල්වාසීන්වු මේ යුවල පර්චස් විස්සක ඉඩම මිළදී ගෙන අවුරුදු පහක් පමණ කල් මරමින් සිට ‍අසම්පූර්න නිවසක් ඉදිකරගෙන එහි පදිංචියට ආවාය. ඉනුත් අවුරුදු දහයක් පමණ ඉකුත් වන තෙක් නිවසේ වැඩ නිමකරන්න බැරිව ලතවුන මේ යුවල යාන්තම් විශ්‍රාම යන්න ඔන්න මෙන්න කියා නිවස අංග සම්පූර්ණ කරගත්තාය. නිවසේ මේස පුටු වැනි ගෘහ උපකරණ ආදිය පහසු ගෙවීමේ වාරික ක්‍රමයට ගෙන අවුරුදු විස්සක් පමණ ගතවීත් තවමත් නිවාස ණය, ගෘහ උපකරණ ණය  ගෙවමින් ජීවිතේ සැදෑ කාලයද ණය බරින් මිරිකී තෙරපී අවිවේකී බවින්  පීඩිතව කල් ගෙවමින් සිටීන්නේ‍ය.

ජනජීවිතේ පැතිකඩක්වු ගූණරත්න මහත්තයාගේ ජීවිතයට සමාන ජනගහනයෙන් හතරෙන් පංගුවක් වත් නැති තරම් වන අතර ඉතිරි කොටස හිසට නිසි වහලක් බඩට නිසි අහරක් නැති ගතට නිසි පහසුකම් නැති ජනගහනය  දෙගුණයද ඉක්මවා යන පිරිසකි. මොවුන්ට ස්ථීර ජීවෝනාපා මාර්ග නැත.  තීරණ ගන්නා  එම තීරණ ක්‍රියාත්මක කරවන ඉතා කුඩාම පාලක පිරිසක් සියළු සැප සම්පත් විදිමින් ඒ ඇසුරින් අත්දැකීම් ලැබ කරනා සැලසුම් සදහා ජන ජීවිතයේ ප්‍රමුඛතා හදුනාගන්නේ නැත. ඔවුන්ගේ සීන ලෝකයේ   දකිනා සීන යතාර්තයක් කර ගැණිමට දුක්විදින පීඩිත ජනතාවගේ ලේ කදුල සහාසිකව සූරා ගන්නා බවවත්  ඔවුන්ට දැනෙන්නේ නැත.

අප උපයන සොච්චම බදු ලෙස සූරාගෙන අපට පහසුකම් ලෙස පෙරලා ලැබෙන ප්‍රමාණයත් ඒ බදු මුදලින්ම සූරා ගන්නා පාලක සමාජය ලබන ප්‍රතිශතයත් ගණණය කලහොත්  මේ දෙක අතර වෙනස අහස හා පොලොවට සමාන විය යුතුය. මේ සුරාකන සමාජයේ සිතුම් මත ඉපදෙන නෙළුම – සුපින්වත් බවේත්, සෞභාග්‍යයේත් සංකේතයක් යයි පවසන්නේ කෙසේද ? සාමය සෞභාග්‍ය ගැන හැඟීම් දනවන නිසාවෙන්ම නෙළුමක හැඩය ගත්  කුළුණට නෙළුම් කුළුණ යැයි නම් තැබූ බව කියති.

අපි සාමය යනුවෙන් අදහස් කරනුයේ පසුගිය අවුරුදු තිහක් ගෙවා දැමු යුද්ධයේ බියකරු බව පහවී යාම පමනක්ද?. අපිට ආර්ථික සාමයක් තිබේද ? ඒ නිසාම අපි අපේ සමාජය තුල සාමයෙන් ජීවත්වන්නේද ?. අප අපේ පවුල තුල  සාමයක් පවත්වාගෙන යත්ද?.  මා මුලින් කිවු වියපත්  මගේ අසල්වාසී ගුණරත්න මහතා අප දුටු දා සිට සාමයෙන් ජීවත්ව ඇත්ද ?.

මීටර් හයසිය තිස්හතරක් (634)  උසින් යුතුව ලෝකයේ උසම කුළුණ ජපානයේ ඉදිවෙමින් පවතී. එහි ඉදිකිරීම් නිමකිරීමට සැලසුම් කර ඇත්තේ   මේ   වසරේ    පෙබරවාරි  මාසයේදීය. ”ටෝකියෝ ස්කයි ටී‍්‍ර” ලෙස ලෝකයේ මේ උසම කුළුණට නම් තබා ඇත. අපේ පාලකයෝ ශ්‍රී ලංකාවේ දකුණු ආසියාවේ උසම කුළුණ  ඉදිකරයි.  එහි උස මීටර් 350 කි. හෙක්ටයාර් 3.06 ක භූමි භාගයක බේරේ වැව ආසන්නයේ මෙම කුළුණ ඉදිවේ.

දියුණුවු ජපානයට මේ මොහොතේ කළ හැකි ඔවුන්ට ගැලපන දේ අපට මේ මොහොතේ ගැලපෙන්නේද ? මීට වඩා ප්‍රමුඛත්වය දිය යුතු වෙන සංවර්ධණ  කටයුත්තක් අපට නැතිද ?